Pages

Monday, April 21, 2014

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු එංගලන්තයෙන් උස්‌සයි?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෝල් ෆ්‍රබ්‍රේස්‌ මහතා හදිසියේම සිය තනතුර හැර යාමට පිඹුරු පත් සකස්‌ කරමින් සිටින බවත් ඒ පිළිබඳව ඔහු කිසිවක්‌ ඊයේ (20 දා) රාත්‍රිය වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට දන්වා නොමැති බවත් වාර්තා වේ.

පෝල් ෆ්‍රබ්‍රේස්‌ ගේ මව් රට වන එංගලන්ත ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සහය පුහුණුකරු තනතුර සඳහා ලද ආරාධනයට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති ෆ්‍රබේස්‌, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නොදන්වා සිය රාජකාරියට සමුදීමට සූදානම් වීම මත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජය ගැනීමෙන් පසු ෆ්‍රබ්‍රේස්‌ නිවාඩුවක්‌ ගත කිරීම සඳහා තමාගේ මව් රට වන එංගලන්තයට ගොස්‌ ඇති අතර එහිදී එංගලන්ත ක්‍රිකට්‌ බලධාරීන් විසින් ෆ්‍රබේස්‌ට අදාළ තනතුර පිරිනැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ගෙවනු ලබන වැඩි වැටුපක්‌ සහය පුහුණුකරු තනතුර සඳහා ෆ්‍රබේස්‌ට ගෙවීමටද එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම මස අවසානයේ එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායමට ප්‍රධාන පුහුණුකරු ෆ්‍රබේස්‌ගේ සේවය නොමැති වුවහොත් කණ්‌ඩායම දැඩි අර්බුදයකට ලක්‌වන අතර මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී, "ෆ්‍රබේස්‌ අපිට මොකුත් නොකියා එංගලන්තයේ සහය පුහුණුකරු තනතුර භාර ගන්න සූදානමින් ඉන්නවා කියලා එංගලන්තයෙන් වාර්තා වෙනවා. මම මේ ගැන අහන්න එයාව සම්බන්ධ කර ගන්න උත්සහ කළත් බැරි වුණා. ඊමේල් පණිවිඩයකුත් අපි යවල තියෙනවා. සංචාරයක්‌ අත ළඟ තිබියදී එක පාරට මෙයා ඉවත් වුණාහම අපි ලොකු අර්බුදයකට ලක්‌ වෙනවා." යනුවෙන් රණතුංග මහතා පැවසීය.

පෝල් ෆ්‍රබේස්‌ ඉකුත් ජනවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයත් සමග කොන්ත්‍රාත් අත්සන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්‌වා ෆ්‍රබ්‍රේස්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කොන්ත්‍රාත්තුව අත්සන් කර තිබේ. එසේ තිබියදී ෆ්‍රබේස්‌ සිය තනතුරට සමුදුනහොත් නීතිමය රාමුව අනුව ඔහුට ගෙවනු ලබන මාසික ෙච්තන හයක්‌ දඩ වශයෙන් ෆ්‍රබ්‍රේස්‌ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ගෙවිය යුතු වේ.

එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දැඩි පසුබැසීම මත ඔවුන්ගේ සියලු පුහුණුකරුවන් මාරු කිරීමට එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු එංගලන්ත පුහුණුකරුවකු වන පීටර් වුර්ස්‌ කැඳවීමට එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

පෝල් ෆ්‍රබ්‍රේස්‌ මීට ඉහත එංගලන්ත ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සහය පුහුණුකරු තනතුර සඳහා ඉල්ලා සිටියද එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය ඔහුට එම අවස්‌ථාව ලබා නොදීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායම ෆ්‍රබේස්‌ පැමිණීමෙන් පසුව සහභාගි වූ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග 18 කදී පරාජය වී ඇත්තේ එක්‌ තරගයක්‌ පමණි. 

ෆ්‍රබේස්‌ වැඩ භාර ගැනීමෙන් පසු ගත වූ මාස එකහමාර තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායම ආසියානු කුසලාන සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ජය ගැනීම ප්‍රධාන කොටගෙන එංගලන්ත ක්‍රිකට්‌ ආයතනය ෆ්‍රබ්‍රේස්‌ව අදාළ තනතුරට පත්කර ගැනීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ ඊයේ රාත්‍රියේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

අසේල විතාන
http://www.divaina.com/2014/04/21/sports01.html

0 comments: