Pages

Friday, April 25, 2014

අධර්මයට එදිරිව ධර්මය පැමිණීම පිණිස අධ්‍යාත්මය වඩන්න - සම්‍යක්දෘෂ්ටික නාථ දේව මණ්ඩලයේ තතු

දෙව්ලොව ගත් කල විවිධ විවිධ වූ දිව්‍ය මණ්ඩලයන් ඇත. ඒ ඒ අවස්තාවන් හි එක්ව පින් කල සත්පුරුෂයෝ බොහෝ විට එක්වම උපදී. එසේ උපන් කල්හි ඔවුනොවුන් වෙන වෙනම විමාන වල වාසය කලේද එකම දිව්ය මණ්ඩලයක් වේ. එසේ වූ දිව්‍ය මණ්ඩල අතර සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද මිත්‍යාදෘෂ්ටික දෙව් මණ්ඩල වෙනමද වාසය කරයි.

එහි සම්‍යක්දෘෂ්ටික දෙව් මණ්ඩල අතර ප‍්‍රධාන තැන ගනු ලබන්නේ නාථ දෙව් මණ්ඩලයයි. ඒ උන් වහන්සේ මතු බුදුවීමට සිටින පාරමිතා සම්පූර්ණ කල උතුමන් වීමයි. එනම් උන්වහන්සේට වඩා අධ්‍යාත්මික අතින් බලවත් අන් ප‍්‍රබල දෙවියකු නැත.

මෙසේ වූ දෙව්මණ්ඩල අතරේ මිත්‍යාදෘෂ්ටික දෙවියන් මාර දිව්ය පුත‍්‍රයාට පාක්ෂික වෙයි. ඔවුන් ඒ වසවත් මරුගේ සහය ගෙන බුදු දහම වැනසීමට නොයෙක් ක‍්‍රමෝපායන් යොදයි. අධිපතීන් අතර මාරයා හා සමාන අධිපතියකු නොමැති බැවින් ඔහුගේ පක්ෂය වූ අධර්මය, කාල විපත් වලදී අතිශය ප‍්‍රබල වේ. එකල්හි ධර්මය යට යයි. එසේම මිත්‍යාදෘෂ්ටික වූ සියල්ලෝම ඔහුගේ වසඟයේ සිටියි. බෞද්ධ වුවද පලයකට පත් නොවන තාක් ඔහුගේ වසඟය පවතී.

වත්මනෙහිදී ඔහු ඔහුගේ බලය යොදා බුදු දහම වැනසීමට සියලු ප‍්‍රයත්න යොදා ඇත. ලොව සියලු රටවල් පාහේ ලංකාවට සතුරුකම් කරන්නේ ඒ බලපෑමට යටත්වය. (අභ්‍යන්තර යතාර්ථය එයයි.) එහිදී නාථ දෙවියන් ප‍්‍රධාන සම්‍යක්දෘෂ්ටික දිව්‍යමණ්ඩලය බුදු දහම රැකගැනීමට කල යුතු කටයුතු සිදුකරමින් සිටී. එසේ වුවද බුදු දහම රැකීම දෙවියන්ට සෘජුව කල නොහැකි බැවින් එයට යම් කාලයක් ගත වන්නේ වෙයි. එහිදී වගකීම් භාරගෙන මනුලොවට පැමිණ සිටින පිරිසක් සිටින අතර ඔවුන් ක‍්‍රමයෙන් අධ්‍යාත්මික ශක්තිමත් වෙමින් තමා බාරගත් කටයුතු සිදු කරයි.

එසේ කටයුතු කරන අතර ඔවුන්ට සහය පල කිරීමට වෙනම පිරිසක් දෙව්ලොව සිටී. (ඔවුන් සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස හැඳින්විය හැක.) ඔවුන් කාලෙන් කාලෙට කල යුත්ත නොකළ යුත්ත දක්වමින් සහය වෙයි. එසේ කටයුතු කලේද ඔවුන්ට කල හැක්කේ සීමා සහිත වැඩ කොටසකි. ඒ ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්ති ප‍්‍රමාණය මතයි. එසේ විවිධ අංශ තුලින් ඔවුන් ඉදිරියට පැමිණේ.

අවසාන වශයෙන් ස්ථාවර විසඳුම සදහා ඒ සියල්ලෝම එකට එක්විය යුතුය. එය ඔවුන්ට සුදුසු කල්හිදී වැටහෙනු ඇත. එසේ සියලු ධර්මානුකූල පාර්ශවයන් එකට එක් වූ විට බිඳිය නොහැකි අධ්‍යාත්මික බලයක් ගොඩ නැගෙන්නේය. එය හරහා වත්මනෙහි ලොව ඇති අධර්මයට එදිරිව ධර්මය පැමිණීම සිදුවනු නියතය. එය දන්නෝ දනිති. ඒ දන්නෝ කල යුත්තේ නිහඬව තම අධ්‍යාත්මය දියුණු කිරීම පමණි.

- වැල්ලවායේ සුමනබෝධි හිමි
http://lankacnews.com/sinhala/main-news/114422/

Pic Source

0 comments: