Pages

Sunday, April 20, 2014

රටත්, සිංහල බෞද්ධයාත් වනසන බලවේග ගැන ළඟදී හෙළි කරනවා - ඥානසාර හිමි

රටත් සිංහලයාත් බෞද්ධයාත් විනාශ කිරීමට කරමින් ඇති කුමන්ත්‍රණ හා ඒ පිටුපස ඇති බලවේග සියල්ල ළඟදීම රටට හෙළිදරව් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. සත්‍ය හෙළිදරව් කරද්දී අපේ චරිත ඝාතනය කරයි. අපව ඝාතනය කරයි. ඒත් අපි ඒවාට බය නෑ. ඊට පෙර රට වෙනුවෙන් හෙළි කළ යුතු සෑම කරුණක්‌ම හෙළි කරනවා යෑයි ද ඊයේ (16 දා) කිරුළපන බොදු බල සේනා සංවිධාන මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ පැවැසුහ.

"සමහර මැති ඇමැතිවරුන්, ලොක්‌කන් තමන්ගේ තත්ත්වය නිසා පවතින විනාශය හමුවේ කටවහගෙන සිටිනවා. තවත් සමහරු ඡන්ද ගොඩ රැකගන්න විනාශය දැක දැකත් නිහඬ වී සිටිනවා.

අපි පෙරදාටත් වඩා අද සංවිධානශීලීව විනයවත්ව මේ තත්ත්වය හමුවේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරනවා. සිංහලයා ආරක්‍ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පාලකයන් මෙය තේරුම් ගත යුතුයි.

ලබන සතියේ සිට අපි ජාතිය හමුවේ ඇති සියලු කුමන්ත්‍රණ රටට හෙළිදරව් කරනවා. පාලකයන් සුදුසු ලෙස වෙනස්‌ නොවුණහොත් මේ තත්ත්වය තවත් ඉදිරියට ගොස්‌ රට වෙනුවෙන් අවශ්‍ය පියවරයන්ට එළඹෙනවා" යෑයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.



ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදහස්‌ පළ කළ අයුරු. බොදුබල සේනා සංවිධානයේ අධ්‍යයනය හා පර්යේෂණ අංශයේ ප්‍රධානී චමිල ලියනගේ, ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකාරක දිලන්ත විතානගේ යන මහත්වරුද මෙහි වෙති.

රනිල් ධර්මසේන, ඡායාරූපය - සුජාතා ජයරත්න
http://www.divaina.com/2014/04/17/news02.html

0 comments: