Pages

Wednesday, April 16, 2014

පෘතුගීසීන් මුසලුවන්ට හිරිහැර කරන කොට, ලන්දේසීන් කතෝලිකයන්ට හිරිහැර කරන කොට සිංහලයො ඔවුන් බේරගත්තා. සිංහල බෞද්ධයන් අසීමිතව ආගමික සහජීවනයට කැපවෙලා තිබෙනව - ජනපති

ආගමික සහජීවනය ගැන අද අපට දේශන පවත්වන අයට වඩා වසර දහස්‌ ගණනකට කළින් අපි ආගමික සහජීවනය හදවතින් පිළිගත් රටක්‌ බවත්, අපේ මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය අද තියෙන මානව හිමිකම් පිළිබඳ ඕනෑම ප්‍රඥප්තියකට වඩා පොහොසත් බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (7 දා) පෙරවරුවේ පැවැති ජාතික සමගියේ මහා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. 

මෙහිදී ජාතික සමගිය උදෙසා ජනතා ප්‍රඥප්තිය ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. පාසල් මට්‌ටමින් පැවැත්වූ චිත්‍ර හා රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමිමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

උත්සවය ඇමැතූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, 

අද ජාතික සමගිය මහ සමුළුවට සහභාගි වන අවස්‌ථාවේ ඊයේ ජාතික සමගිය ඉතා ඉහළින් පෙන්නපු අවස්‌ථාවක්‌ මට මතක්‌ වෙනවා. ඒ ලෝක කුසලානය දිනපු අවස්‌ථාව. ඒ වෙලාවේ කිසිදු සිංහල, දෙමළ, මුස්‌ලිම් භේදයක්‌ තිබුණේ නැහැ. ආගම් භේදයක්‌ තිබුණේ නැහැ. සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන සතුටු වුණා. ජාතික සමගිය අපට පෙන්නුවා. උතුරෙන්, නැගෙනහිරින්, කඳුරටින්, දකුණෙන් මේ හැම පළාතකින්ම මේ තමන්ගේ රට, මවුබිම ගැන හැඟීම පෙන්වූයේ.

ඒ ජයග්‍රහණය එක්‌ක ජාතික සමගිය මහා සමුළුවට සහභාගිවන සියලුම දෙනාට මම ඉතාමත් උණුසුම් ලෙස සුබ පතනවා. ශ්‍රී ලංකාව මාතෘභූමිය කරගත්ත නොයෙක්‌ වියතුන්, වෘත්තිකයන් වගේම නොයෙක්‌ ජාතිකයන් ආගමිකයන්, අද මෙතනට ඒකරාශීවෙලා ඉන්නවා. මේක අපේ ලංකා සමාජයේ පිළිඹිබුවක්‌ බව කිව්වොත් එහි වරදක්‌ නැහැ. අද මෙතැන නොයෙක්‌ ජාතීන්, ආගමිකයන් වගේම ආබාධිත බවට පත්වූවන් එකට සමගියෙන් ඉන්නවා වගේම මේ රටේ නොයෙක්‌ ජාතීන් හා ආගමිකයන් ඉතාම සමගියෙන් ජීවත්වන බව තමුන්නාස්‌සේලා පිළිගන්නවා ඇති. අපි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍යාශය පිහිටුවලා එය වාසුට භාරදුන්නේ විශාල බලාපොරොත්තුවක්‌ ඇතිවයි.

ජාතික සමගිය පිළිබඳ මේ වාගේ මහා සමුළුවක්‌ පවත්වන කොට අපි රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන සැලකිල්ලට ගන්න ඕනෑ. අද අපිට ජාතික සමගිය ගැන කතා කරන්න ජාතික ඒකාබද්ධතාවය ගැන කතා කරන්න පුළුවන් නිදහස්‌ රටක්‌ ගොඩනැගිලා තියෙන නිසා. නිදහස ගොඩනගපු නිසා සාමය උදාවෙලා තියෙනවා. සාමය නිසා අද මේ රටේ ඕනෑම තැනක යන්න, පදිංචි වෙන්න, කරදරයක්‌ නැතිව ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ නිසාම අපි සහජීවනයට උවමනා පසුබිම ගොඩනගලා තියෙනවා. මේ වාගේ සමුළුවක්‌ පවත්වන්න ලාංකික හදවත්වලට පෙළඹීම ලැබෙන්නේ ඒ සඳහා ගැලපෙන වාතාවරණයක්‌. රටක්‌ ගොඩ නගලා තියෙන නිසයි.

ජාතික සමගිය ගොඩනගන්න නම් අපේ රටේ ජනතාව ගැන හොඳ වැටහීමක්‌ ලබාගත යුතුයි. අපේ ජාතික උරුමය මගපෙන්වන්නේ ජාතික සමගියටයි. අපේ ජාතික ආදර්ශ, මගපෙන්වන්නෙත් ජාතික සමගියට බව මම කියන්න ඕනෑ. රටකට එන අය තමන්ගේ ගෙලේ ආගමික ලාංඡනයක්‌ පැළඳගෙන එහෙමත් නැතිනම් තමන් අදහන ශාස්‌තෘවරයාණන්ගේ ප්‍රතිමාව අරගෙන යන අවස්‌ථාවල රේගුවේදී අත්අඩංගුවට අරගෙන පැත්තකට කරලා රටට ඇතුල් වෙන්න ඉඩ දෙන රටවල් තිබෙනවා. එහෙම සිරිතක්‌ අපේ දෙදහස්‌ හයසිය වසරක ඉතිහාසය තුළ බැලුවොත් අපේ රටේ එහෙම තිබුණේ නැහැ. නොයෙක්‌ ජාතීන්, ආගමිකයන් ඉතාම නිදහසේ මේ රටට ආවා ගියා. ලෝකයේ ඕනෑම ජාතිකයකුට ආගමිකයකුට ලංකාවට ඇවිත් තමන්ගේ ආගම අදහාගෙන තමන්ගේ ජාතික සිරිත් විරිත් අනුගමනය කරමින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක්‌ මේ රටේ එදා ඉඳන් තිබුණා.

එදා පෘතුගීසීන් ලංකාවට ඇවිත් මුස්‌ලිම්වරුන්ට කරදර කළ අවස්‌ථාවේ සෙනරත් රජතුමා ඒ අය නැගෙනහිර පළාතට ගෙනිහින් පදිංචි කළා. නමුත් ඒ අය බෞද්ධයෝ කරන්න උවමනාවක්‌ අතීතයෙත් ඒ රජවරුන්ට තිබුණේ නෑ. ලන්දේසීන් කතෝලිකයන්ට හිරිහැර කරන කොට සිංහල රඡ්ජුරුවෝ කතෝලිකයන්ව මාතලේ වහකෝට්‌ටේට ගෙනිහින් පදිංචි කෙරෙව්වා. කාටවත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණයි කියලා තමන්ගේ ආගම වෙනස්‌ කරලා මේ රටේ පදිංචිකරවන්න එදා හිටපු නායකයන්, රජවරුන් කටයුතු කළේ නැහැ. අද මේ රටේ මුස්‌ලිම්වරු ඉස්‌ලාම් ආගම අදහනවා. වහකෝට්‌ටේ අය කතෝලික ආගම අදහනවා. අවුරුදු සිය ගණනක්‌ ඔවුන් එකට ජීවත් වෙනවා. ඒ නිසා අද ආගමික සහජීවනය ගැන අපට දේශනා පවත්වන අයට වඩා වසර දහස්‌ ගණනකට කලින් අපි ආගමික සහජීවනය හදවතින් පිළිගත්ත රටක්‌.

අපේ මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය අද තියෙන මානව හිමිකම් පිළිබඳ ඕනෑම ප්‍රඥප්තියකට වඩා පොහොසත්. ඔබ දන්නවා ලෝක ජනතාව සතා සීපාව, ගහකොළ ආරක්‌ෂා කරගත යුතුයි කියලා කියන්නේ මෙහෙම ගියොත් ලෝකයේ සත්ව ප්‍රජාව නැතිවෙයි කියන බිය නිසා ගහකොළ විනාශ වෙලා රට කාන්තාරයක්‌ බවට පත්වෙන නිසා. ඒ නිසා සතා සීපාවා ආරක්‌ෂාකරන්න ප්‍රඥප්ති හැදිලා තියෙන්නේ සත්තු වඳවී ගියොත් අනාගත පරපුරට දැක ගන්න සත්තු අහිමි වෙයි කියන විශ්වාසය නිසා. නමුත් මීට වසර දෙදාස්‌ ගණකට උඩදී අපි ලෝකයේ මුල්ම අභයභූමිය අනුරාධපුරේ ගොඩනගලා සතුන් මැරීම් නතර කළේ සත්තු වඳවෙයි කියන පදනමේ ඉඳගෙන නොවෙයි.

එදා ඕනෑතරම් වනයේ සතා සිව්පාවා හිටියා. අපි සතුන් මැරීමෙන් වැළකුණේ සතා සීපාවටත් මේ මිහිපිට ජීවත් වෙන්න අයිතියක්‌ තියනවා කියන පදනම මතයි. උන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙනවා කියන මහා මානව හිතවාදී හැඟීම අපිට තිබුණේ. එහෙම බැලුවොත් මොනතරම් පොහොසත් චින්තනයක්‌ අපට තිබෙනවාද?

අද ජාතික සමගිය ගොඩනගන්න උත්සාහ කරන අපි අපේ මේ ශ්‍රේෂ්ඨ මානව හිතවාදී චින්තනය තේරුම් අරගෙන ඒ සඳහා යොමු වෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අපි පොහොසත් චින්තනයකින් පිරුණ ජාතියක්‌. ඒ නිසා අපේ රටට පිටරටින් මුදල් ලැබෙන නිසා ක්‍රියාත්මක කරන ව්‍යාජ ජාතික ජාතික සමගි හෝ සාම වැඩපිළිවෙළවල් ඵල දරන්නේ නෑ.

රටේ ජාතික ඉතිහාසය හදවත්වල තියෙන නිසා තමයි අපි අදත් ත්‍රස්‌තවාදයෙන් පස්‌සේ දස දහස්‌ ගණනකට සමාව ලබා දුන්නේ. ළමා සොල්දාදුවන් අපි දෙමාපියන්ට භාර දුන්නා. සාමය ගොඩනඟන්න, ජාතික සමගිය ඇතිකරන්න හදවතින්ම. ඒවා ව්‍යාජ දේවල් වලින් කරන්න බෑ. මට මතකයි පසුගිය යුගයේ දෙමළ ජනතාවට දෙමළ කියන්නේ නැතිව දමිල කියන වචනේ කියන්න කණ්‌ඩායමක්‌ ලෑස්‌ති වුණා. අපේ සමහර ඉතිහාස පොත්වල දමිල කියලා හඳුන්වලා තියෙන්න ආක්‍රමණිකයා කියන ආර්ථයෙන්, නිවැරදි කිරීමට යටත්වයි මා කියන්නේ. අපි ඉතිහාසයේ යුද්ධ කළේ ආක්‍රමණිකයන්ට එරෙහිවයි. මහාවංශයේ දුටුගැමුණු රජතුමා කටයුතුකළේ දමිළයන්ට එරෙහිව කියලා කියනවා. ඒ වගේම කෝට්‌ටේ යුගයේ, නුවර යුගයේත් එහෙම කියෑවෙනවා. කෝට්‌ටේ යුගයේ නුවර යුගයේ, යුද්ධ කළේ පරංගින්ට එරෙහිව. වචනවලින් බොහෝ දේ වෙනස්‌ කරන්න පුළුවන්. ඉතිහාසය නොදන්නා අය එහෙම කරලා සිදුකළේ අපහාස කරන එක.

රටේ ඉතිහාසය පිළිබඳව කල්පනා නොකර සමගි සංකල්ප ගොඩනැගූවට ඒවයින් ජාතික සමගියට සේවයක්‌ වෙන්නෙ නැහැ. අපේ රටේ දේශීය සිතුම් පැතුම් පිළිබඳව තේරුම් ගන්න ඕනෑ. රටට එරෙහි චැනල්වල වෙබ් සයිඩ් වල යන මතවාද වලින් ජාතික සමගිය ගොඩනඟන්න පුළුවන්කමක්‌ නැහැ. භාෂාවේ වචන වෙස්‌ කරලා හෝ වෙනත් දෙයකින් ජාතික සමගිය ගොඩනැගෙන්නේ නෑ. සිංහල ජනතාවට දෙමළත්, දෙමළ උදවියට සිංහලත් උගන්වන්න යෝධ වැඩපිළිවෙළක්‌ අපි ආරම්භ කළේ ඒකයි. දෙමළ කෙනෙක්‌ රජයේ කන්තෝරුවකට ගියොත් එයාගේ භාෂාවෙන් වැඩගන්න අවශ්‍ය කටයුතු කළේ ජාතීන්ගේ භාෂාවන්ට හිමිතැන ලබා දෙන්න ඕනෑ නිසා.

ජාතික සමගිය ගොඩනගන්න තියෙන ලොකුම බාධාව මොකක්‌ද කියන එක අපි තේරුම් ගන්න ඕනෑ. 1915දී, 1958 දී 1983 දී මේ රටේ අරගල ඇතිවුණා. නමුත් ඒ සියල්ලටම වඩා වෙනස්‌ විදිහේ අරගලයක්‌ ඇති කරවන්න සූදානම් වන බලවේග තිබෙනවා. පසුගිය කාලේ ග්‍රීස්‌ යකා මතුවෙලා මේ සමාජය වාර්ගික අර්බුදයකට තල්ලු කරගෙන යන්න හැදුවා. ජාතිවාදී අරගල බවට පත්කරන්න මහන්සි ගත්තා. වෛරය, ක්‍රෝධය, ආගම් තුළ ඇතිකරලා සමගිය ඇතිකරන්න පුළුවන්කමක්‌ නැහැ. ජාතික සමගියේ සැබෑ සතුරා කවුද කියලා අපි ඉස්‌සෙල්ලාම හඳුනා ගන්න ඕනෑ. මේ ජාතික සමගියේ මහා සමුළුව තුළ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රයත්නයට අපි ගරු කරනවා.

ජනාධිපතිතුමා දෙමළ බසින් කරන ලද කතාවේ පරිවර්තනය

ජාතික සමගිය සඳහා වූ මෙම මහා සමුළුවේදී ඔබ ඉදිරියේ කතා කිරීම මට ලොකු සතුටක්‌. ඒ වගේම මේ සමුළුව රජයේ අනුග්‍රහයෙන් සිදු වීම ඊටත් වඩා ලොකු සතුටක්‌. මෙය ඉතාමත්ම වැදගත් සම්මේලනයක්‌. සහෝදර සමුළුවක්‌. අප අතර කිසිම බේදයක්‌ තියෙන්න බැහැ. ජාතිය, ආගම, කුලය හා භාෂාව අනුව අපි වෙන්වීම හොඳ නැහැ. අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕනෑ. සහෝදර හැඟීම ඇතව ජීවත්වෙන්න ඕනෑ. මේ රටේ ජීවත්වෙන හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා. සම අයිතිවාසිකම් ඇතිව ජීවත් වෙන්න පුළුවන්. එකම රටක්‌, එකම ජනතාවක්‌, එකම නීතියක්‌ එක හා සමාන පහසුකම් මේකයි මගේ මාර්ගය. මහින්ද චින්තනය මාර්ගය. මේ රටේ සුළු ජාතීන් කියලා කිසිම කෙනෙක්‌ නැහැ. එහෙම ඉන්නත් බැහැ. මේ රටට ආදරය කරන හැමෝම ශ්‍රී ලංකා මාතාවගේ දරුවෝ. මේක කාටවත් නැහැයි කියන්න බැහැ. මේකයි යථාර්ථය. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මවුබිම තමයි වැදගත් වන්නේ. සෑම ජන කොට්‌ඨාසයකම සංස්‌කෘති අපි ආරක්‌ෂා කරනවා. ජාති, ආගම්, කුල බේදය අවුස්‌සමින් ජනතාව කුලප්පු කරන්න සමහර අය උත්සාහ කරනවා.

කිසිමදාක ඒවා හරියන්නේ නැහැ. කවදාවත් සැක සංකා හිතේ තියන්න එපා. අපි හැමෝම එකට ජීවත් වෙමු. හැමදාම ස්‌නේහයෙන් ජීවත් වෙමු.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා,

මෙම සමුළුවේදී ඔබ අතට පත්කර ඇති ප්‍රඥප්තිය පුළුල් විමසුමකින් පසු බොහෝ දෙනෙකුගේ අදහස එකතුකර සකස්‌ කරන ලද්දක්‌. එය මෙම මහා ජාතික සංවාදයට පිsටිවහලක්‌ වන ලේඛනයක්‌ විනා එය අවාසනාත්මක ප්‍රකාශනයක්‌ ලෙස සැලකිය යුතු නැහැ.

මෙම සමුළුවෙන් පසුව දිග හැරෙන ක්‍රියාදාමය මගින් මෙම සාකච්ඡාව සමාජයේ හැම තලයකටම ගෙන යැම අපගේ අපේක්‌ෂාවයි. මෙම සංවාදයේ පෙල ගැස්‌මක්‌ සමග ජාතික සමගිය ගැන පුළුල් සමාජ විඥානයක්‌ මතුවී ජාතික සමගිය ජය ගැනීමට අවශ්‍ය ජනතමතය හැඩගැසෙනු ඇතැයි ද අපි විශ්වාස කරමු.

අද දවසේ අප ඉදිරියේ ඇති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අනුමැතියෙන් සියලු ජනයා එකට එක්‌වී ජීවත්වන එකම දේශයක්‌ හදා ගැනීමේ අභියෝගයයි. අද අපි දිනා ගත යුතු එක්‌සත්කමය. ජනතාවගේ එක්‌සත්කමය. මෙය කාර්යය රාජධානී යුගයෙන් පසු යටත් විජිත අවදියෙන් පසු සෑම රටක්‌ම මුහුණ දී විස¹ගත යුතු වූ ප්‍රශ්නය වේ. යටත් විජිත සමයෙන් පසු සංස්‌කෘතික සම්මිශ්‍රණයෙන් ද අෙන්‍යන්‍ය සුහදත්වයෙන්ද සැලකීමේ සමානාත්වයෙන්ද ප්‍රබල ගැටලුවක්‌ නොතිබුණු අපගේ ජනතාවට විස¹ ගත නොහැකි වූ ප්‍රශ්නය වූයේ කෙබඳු ව්‍යහයක්‌ තුළ කුමන භාෂාවකින් අපි පාලනය විය යුතු ද යන්නයි. සිංහල, දෙමළ ද්විභාෂා පාලනයක්‌ පිළිගැනීම කලක්‌ ගත වී නමුත් සිද්ධි විය. එහෙත් එය ක්‍රියාත්මක වී ඇත්තේ තවමත් අඩ වශයෙන්ය. ද්විභාෂා පරිපාලනය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමා ඇතුළු සන්ධාන රජය භාර ගෙන ඇති අභියෝගයයි.

සිංහල බහුතර ජන ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ කථා කරන ජනතාවට දෙමළ භාවිතයේ පහසුවද, දෙමළ බහුතර ජන ප්‍රදේශයන්හි සිටින සිංහල කථා කරන ජනතාවට සිංහල භාෂාවේ පහසුව ලබාදීම අපගේ අනිත් වගකීමය. ජනාධිපතිතුමා අපේක්‌ෂා කරන පරිදි 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලු වැසියන්ට භාෂා දෙකම පමණක්‌ නොව ඉංග්‍රීසි භාෂාව ද හසුරුවා ගත හැකි තැනකට පැමිණීම අපගේ අධිෂ්ඨානය වේ.

මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය, ආගමික නායකයන්, මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/04/08/news20.html

Pic Source

සබැඳි ලිපි -[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!

http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
සිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: