Pages

Wednesday, April 23, 2014

හකීම් මැලේසියාවේදී රහසින් හමු වූ ඇමති ගැන පරීක්ෂණයක් ඉල්ලයි

මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රාවුෆ් හකීම් මහතා මැලේසියාවේදී රහසිගතව හමු වූ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නායක හිමිනමක ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් සූදානම් වෙති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් දරන අදාළ ඇමතිවරයා පසුගිය කාලය පුරාම බෞද්ධ ආගමට සහ පූජා භූමි ඉඩම්වලට වින කරන්නට පැමිණි බවත්, ඔහු ආගමික අන්තවාදීන්ගෙන් මුදල් ගන්නේද යන සැකය මතු වී ඇති බවත් අදාළ ජනාධිපතිවරයාට යොමු කිරීමට සූදානම් කර ඇති ලිපියේ සඳහන් කර ඇති අතර, එම කරුණු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව එමගින් අවධාරණය කිරීමටද මෙම භික්ෂූන් වහන්සේ සූදානම් වෙති.

තවමත් අදාළ ලිපිය සංශෝධනය කරමින් සිටින බවත්, ඉදිරි සති දෙක තුළ එම කටයුතු අවසන් කර ජනාධිපතිවරයාට අදාළ ලිපිය භාර දීමට නියමිතය.

http://lankacnews.com/sinhala/news/114283/

Pic Source

0 comments: