
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටු වීමට හෝ ඒ සඳහා කිසිදු ආකාරයකින් සහයෝගය නොදීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තියට අනුව සෑම පුරවැසියකු බැඳී සිටින බැවින් ඉලන්කෙයි තමිල් අරසු පක්‍ෂය සහ එහි සාමාජිකයන් ද ඊට අවනත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙහි පෙත්සම්කරු පොල්හේන කැලණිය පදිංචි හික්‌කඩුව කෝරලලාගේ දොන් චන්ද්‍රසෝම නමැති අයෙකි.
ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ මහා ලේකම් මාවෙයි සේනාධිරාජා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
කිසියම් දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණ ඇතිව පිහිටුවා ඇත්නම් හෝ ක්‍රියාකරයි නම් හෝ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බලය පැවරී ඇති බවත් එම නඩු විභාග කර තීන්දු ප්‍රකාශයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී ඇති බවත් තමා මෙම පෙත්සම ගොනු කළේ ඒ අනුව බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ඉලන්කෙයි තමිල් අරසු පක්‍ෂයේ අරමුණ නොවන බව එම පක්‍ෂ ව්‍යවස්‌ථාවේ කිසිදු තැනක සඳහන් කර නැතැයි පෙත්සම්කරු වැඩි දුරටත් කියා සිටී.
සරත් ධර්මසේන
http://www.divaina.com/2014/04/08/news09.html
Pic Source
1 comments:
හික්‌කඩුව කෝරලලාගේ දොන් චන්ද්‍රසෝම මහතාට මාගේ උත්තමාචාරය...
Post a Comment