ක්‍රිස්‌තු පූර්ව 02 වැනි සියවසේදී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්‌ස මහ රජතුමා විසින් පිහිටුවන ලද බෞද්ධ සිද්ධස්‌ථානයක් තිබූ බවත්, එය 08 වැනි සියවසේ 04 වැනි දප්පුල රජ සමය දක්‌වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වී ඇත. හෙළ රජ දවසින් පසු වසර සිය දහස් ගණනක් දැව ජාවාරම්කරුවන්ගේ සහ නිධන් හොරුන්ගේ දඩයක්‌කරුවන්ගේ පාරාදීසයක්‌ව තිබූ මෙම ඓතිහාසික, පාරිසරික, භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක් තිබූ නා මූකලාන ජාතික සම්පතක් බවට පත් කරලීමේ ගෞරවය හිමි වන්නේ 1991 මාර්තු මස 28 වැනිදා එවකට නා මූකලාන ලෙස නම් දැරූ මෙම වනස්‌පතියේ පදිංචියට පැමිණි වනවාසී රාහුල හිමියන්ටයි. තම ජීවිතය පරදුවට තබමින් විවිධ අභියෝග මැද ඉතා දුෂ්කරව අවම පහසුකමක්‌වත් නොමැතිව මේ රටේ ජාතික සම්පතක් බවට පත්කිරීමට උන්වහන්සේ කළ කැපවීම නොවන්නට මෙම සුන්දර වනපෙත විවිධ උපද්‍රව වලින් විනාශ වී යැමට ඉඩ තිබුණි.
එවකට මිනිස් වාසයෙන් තොරවූ මෙම සුවිසල් නා වනය තුළ නැවතීමට තැනක් සෙවූ රාහුල හිමියන් ඒ සඳහා සුදුසුම ස්‌ථානය ලෙස අඩි 25 ක් පමණ වූ උසකින් යුත් මොර ගසක් තෝරා ගත්තා. ඉපැරැණි බෞද්ධ නටබුන් මෙම ස්‌ථානයට නුදුරින් පිහිටා තිබීමත්, ජල උල්පත් පිහිටා තිබීම නිසාත් රාහුල හිමියන් මෙම ස්‌ථානය තෝරා ගැනීමට හේතු විය. උල්පතගම ගම්වාසීන් කිහිප දෙනකුගේ සහායෙන් නවාතැන් සඳහා මොරගහ උඩ පැල් කොටයක් තනාගෙන එයින් බැසීමට වැල් ඉනිමඟක්‌ද සාදවා ගත්හ. එතැන් පටන් මෙම මහා වනස්‌පතිය ජාතිය වෙනුවෙන් ආරක්‌ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භ කළහ. මෙම වකවානුව තුළ නා වනයේ ජීවත් වීම කෙතරම් අපහසුද කටුකද යන්න නා වනය තුළ තනිවී මිනිත්තු කිහිපයකින්ම රාහුල හිමියන්ට අවබෝධ විය. නා වනයේ තනිවූ රාහුල හිමියන්ට නා වනය රැකගැනීම සඳහා බිහිසුණු සිදුවීම් රැසකටද මුහුණදීමට සිදුවිය.
ඒ අනුව මුල් වකවානුවේදී නිධන් හොරුන්ගෙන්, දැව ජාවාරම්කරුවන්ගෙන්, දඩයක්‌කරුවන්ගෙන් ප්‍රදේශයේ දේශපාලන බලධාරීන්ගෙන් හා වෙනත් පිරිස්‌වලින් විවිධ චෝදනා ලබමින් වෙඩි තැබිම් වැනි අති භයානක අභියෝගවලට මුහුණපෑමට සිදුවිය. ඒ කිසිවක් තුට්‌ටුවකට මායිම් නොකළ රාහුල හිමියන් මේ අපූර්ව පරිසර පද්ධතියකින් යුත් නාමල් උයනේ වටිනාකම මිල කළ නොහැකි බව හා එය දැනුම් ගබඩාවක් පුරවා තිබෙන පාරිසරික විශ්වවිද්‍යාලයක් මෙන්ම පර්යේෂණාගාරයක් බව රාහුල හිමියන් හඳුනාගෙන මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්‌ෂා කර තැබීමේ ක්‍රියාදාමය නොනවත්වාම 1991 සිට මේ දක්‌වා මේ රටේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල නොමඳ සහාය ලබාගෙන ලෝක ප්‍රජාව දැනුවත් කරමින් පවතින රජයන් සමග සහ විවිධ ආයතනයන්ගෙන් සහාය ලබාගෙන ඉදිරියට යමින් තිබේ.
ජාතික නාමල් උයනේ පිහිටි සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස සුදෝ සුදු හිම කඳු පෙළක් සේ දිස්‌වන රෝස තිරිවානා කඳු පන්තිය හැඳින්විය හැක. මුහුදු මට්‌ටමේ සිට මීටර් 180 ත් 300 ත් අතර නැගී සිටින කඳු 07 ක් මෙහි දක්‌නට ලැබේ. කඳුවැටිය සහ තනි කඳු ලෙස දිස්‌වන මෙම කඳු පන්ති හෙල් බෑවුම්වලින් සමන්විතය. මෙම කඳු පන්තිය වටකරගත් ජාතික නාමල් උයන වනස්‌පතිය එහි ආරක්‌ෂාවට යෝධ පවුරක් සේ ඈතට දිස් වේ.
රෝස තිරිවානා නිධිය සහ එහි ගුණාත්මක පැති ගණනින් 7 ක් වූ රෝස තිරුවානා කඳු පේළිය මුහුදු මට්‌ටමේ සිට මීටර් 180 ක් හා 300 ත් අතර උසකින් පිහිටා ඇත. භූ විද්‍යා පර්යේෂණයන්ට අනුව මෙම රෝස තිරුවානා කන්දට වසර මිලියන දසලක්‌ෂ 550 කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන ඉතිහාසයක් ඇත. ඉන්දියාවේ රජකම් කළ ෂාජහාන් රජු ඔහුගේ ශේ්‍රෂ්ඨ නිර්මාණයක් වන ඉන්දියාවේ ටාඡ් මහල් ප්‍රාසාදය සඳහා මෙම කන්දෙන් රෝස තිරුවානා ලබාගෙන ඇති බවට මතයක් ඇත. මෙම අක්‌කර 600 පුරාවට විහිදුන සද්දන්ත නිධියේ ඇති රෝස තිරුවානා තත්ත්වය ගැන කිසිම සැකයක් නැත. මෙය මිල කළ නොහැකි අපේ රටේ ආරක්‌ෂා කළ යුතු ජාතික වස්‌තුවකි.
රෝස තිරුවානා නැතහොත් මද රතු දියතරිප්පු වූ කලී කොන්දේසි විරහිත ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයකි. එය සෑම වර්ගයේම ආදරය කරුණාව සඳහා වූවකි. ස්‌වයං ආදරය පවුල් ක්‍රියාවෙන් කාමුක නොවන ශෘංගාරය හා කොන්දේසි රහිත ඕනෑම අවස්‌ථාවකදී කරුණාව වෙනුවෙන් ශක්‌තිය වැඩිකර දෙන්නකි. එය ආදරය, කරුණාවට ජීවය දෙයි. ආතතිය අඩු කරයි. එය ප්‍රීතිදායක හා කරුණාව පිහිටි පාෂාණයකි. ආධ්‍යාත්මික ගැටලුවලදී එය ආදරය, කරුණාව ළඟාකර දෙයි. එය ආත්ම විශ්වාසය ඇති කරයි. ස්‌වයං වටිනාකම වැඩි කරයි. එය හැඟුම් සමබර කර සාමය ගෙන දෙමින් ආතතිය හා සාංකාව සමනය කරයි. චිත්තවේගී කම්පන සුව කරයි. එය බය, තරහ ඉවත් කිරීමට ඉවහල් වෙයි. එය ආදරය, කරුණාව නොමැතිකම හා නොසලකා හැරීම ඉවතලා අසීමිත කරුණාව ගෙනදීමේ ශක්‌තියක් ඇත. සාවද්‍ය වරදකරු යන හැඟීම සමනය කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ. මෙය එම පවුලට අයත් පාෂාණයකි. එහි ඇති ආදරය කරුණාව හා සාමය ඇති කිරීමේ බලයට පවුලේ හෝ කණ්‌ඩායමේ සමගිය ඇති කරමින් අසීරු අවස්‌ථාවක් සමගියට පරිවර්තනය කිරීමේ හැකියාව ඇත.
එහි ශක්‌තිය සිඹ ගැනීමක් හෝ රංගනයක් හෝ ළමයෙකුට තනිවම ඇවිදීමට හැකිවන තෙක් ඔහු අල්ලා ගන්නා මවගේ අත හා සමාන සුවයක් ගෙන දෙයි. රෝස තිරුවානාවල ශක්‌තිය, ආදරය, කරුණාව හා විශ්ව ශක්‌තිය ගෙන දේ. එය වේදනාකාරී ආදර අත්දැකීම් සමනය කරනවා පමණක් නොව යමෙකුට ආදරය ආකර්ෂණය කර ගැනීමටද ඉවහල් වෙයි.
රෝස තිරුවානාවලින් වඩා වැදගත්ම ශක්‌තිය වනුයේ හෘදය සුව කිරීමේ බලයයි. විවාහයට හා ආදරයට අදාළ ෙµන්ෂූයි සුව කිරීමේ ක්‍රියාවලියේදී එය විශාල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. ක්‍රි.පූ. 600 තරම් ඉහත කාලයේ සිටම මෙය ආදරයට පළඳින මැණික් පාෂාණයක් සේ භාවිතා කර ඇත.
රෝස තිරුවානා පෘථිවියට, විශ්වයට සහ දෙව්ලොවට අධ්‍යාත්මික වශයෙන් බොහෝ දුරට අනුගත වෙයි. මෙය පුද්ගලයෙකු විසින් ආත්මීය වශයෙන් මෙන්ම අන්‍යයන් කෙරෙන් හා ස්‌වභාව ධර්මයා තුළින් දකිනු ලබන සුන්දරත්වයට දක්‌වන සෙනෙහස උද්දීපනය කරයි මෙහිදී විශේෂයෙන්ම අදාළ වන්නේ චිත්‍ර, සංගීතය හා ලිත වචනය වැනි පරිකල්පනය පුබුදුවාලන සුන්දරත්වයයි. වරදකට සමාව දීම දිරිමත් කරනු ඇතැයි විශ්වාස කරන මෙය කෝපය, අමනාපය හා වෛරය පහකර ගැනීමෙහිලා උපකාරී වෙයි. සම පැහැපත් කිරීමටත්,
පිළිස්‌සුම් හා බිබිලි දැමීම සමනය කිරීමටත්, කායික වශයෙන් හදවත සවිමත් කිරීමටත්, කරකැවිල්ල තුරන් කිරීමටත්, හදවත, පෙනහළු, වකුගඩුව හා ඇඩ්රිනලින් ආශ්‍රිත ගැටලු සමනය කිරීමටත් උපකාරී වෙයි. නිෂේධනාත්මකතාව දුරුකරන රෝස තිරුවාණ විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රවලින් සහ වෙනත් පරිසර දූෂක කාරකවලින් අත්වන බලපෑම වළකා ලන්නේ ඒ වෙනුවට ආදර සෙනෙහස ළඟාකර දීමෙනි. මෙය වැඩිහිටියන් මෙන්ම ළමයින්ට හිතකර විශ්මජනක නිධි කාරක ස්‌ඵටිකයකි.
මනරම් සිහින මවමින් රුදුරු ස්‌වප්නවලින් ඔවුන් ආරක්‌ෂා කිරීමට මේ ස්‌ඵටිකයට හැකියාව ඇත.
මනුෂ්‍ය සංහතියේ උන්නතිය උදෙසා රෝස තිරුවානා කඳුවැටිය සමස්‌ත ප්‍රජාවගේ හිත සුව පිණිස නිසි අයුරින් ගවේෂණයට ලක්‌කොට ආරක්‍ෂා කර තබා ගැනීමට සියලුම මානව වර්ගයාගේ අවධානය යොමු වේවායි පතමු.
(නාමල් උයන මගින් ප්‍රකාශිත ලිපියක් ඇසුරෙනි.)
http://www.divaina.com/2014/04/29/feature05.html

0 comments:
Post a Comment