Pages

Wednesday, April 23, 2014

විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park

විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ බොහෝ නැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය. නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම  නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති දෙයක් හුවා දැක්වී ඇත්දැයි ‍කනස්සල්ලේන් පසුවිය. විල්පත්තු බලා යාමේ දැඩි අවශ්‍ය තාවයක් ඇතිවිය. නමුත් යන්නේ කෙසේද, කවුරුන් සමඟද නිසි තීරණයක් තවම නැත, එනම් මේ පහුගිය 11 වෙනි සිකුරාදා දිනයේ හවස් වරුව ගෙවී ගිය අයුරුයි. අවුරුදු පසු වී විල්පත්තු බලා යාමට මට අවශ්‍ය බව නිකමට මෙන්, තිසර මධුවන්ත මහතාට පැවසුවේ, කූරගල යාම ඔහුට නොදැන්වූ බවට පෙර දොස් පවරා තිබූ නිසාවෙනි. නොහිතූ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලදීමි. එනම් 12 වන සෙනසුරාදා උදෑසනම විල්පත්තු බලා පිටත්ව යාමයි. පසුදාට පහන්විය, උදෑසන 5.45 ට පමණ තිසර මධුවන්ත මහතා අ‍පගේ නිවසට ලඟවිය. එක්පසකට කිලේමීටර් 150 පමණ වූ ගමන ආරම්භ විය. නමුත් ගමනාන්තය වන විට එය මූලු දුර ලෙස කිලෝමිටර් 500 ද ඉක්මවා ගොස් තිබුණී

අපගේ ගමනාන්තය විල්පත්තුවේ වන විනාශයට පත්වූ අලුතෙන් ඉදිකල මුස්ලිම් ගම්මානය සොයා යාමයි. ගමන් මඟ වැටී තිබුනේ, කොළඹ-> පුත්තලම් -> මන්නාරම් මාර්ගය-> විල්පත්තු වනයමැද අදාල ස්තානය. උදෑසන 7 ට පමණ ආහාරය ගතිමු.  ඉන්පසු හලාවත පසුකරමින් පුත්තලම් බලා ඇදී ගියෙමු. විනාශ වූ ස්තානය හරි හැටි නොදන්නා නිසා, පුත්තලම පසු වනවාත් සමඟම දෙපස ඇති කඩ වලින් සිංහල ආරට ඇති නමකට ඉව ඇල්ලුවෙමු. පුත්තලම පසු කර කිලෝ මිටර් ගානක් ගිය තැන, නිසන්සල ස්ටෝස් හමුවිය. තොරතුරු දැන ගැනිමේ අපේ අයිතිය කිලෝමිටර් ගනනක් වගකිව යුතු යැයි ශ්‍රී ලාංකීක පුරවැසියෙක් ලෙසටත්, ප්‍රජාතාන්ත්‍රික වැසියෙකු ලෙසත් කිසිසේතම අපේක්ෂා නොකලෙමු. නමුත් එය එසේ සිදුවූයේ අනවශ්‍ය ගැටලු නිර්මානයට වඩා අපගේ අරමුණ ඉටුකරගැනිම මූලික අභිප්‍රාය නිසාවෙනි. කෙසේ වෙතත් නිසන්සල ස්ටෝස්හි සිටි තරුණ වෙලඳ මහතාට අනුව, පුත්තලම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා විල්පතුත් වනය තුල නව ගම්මාන නිර්මාණය කරන බව දැනගතිමු.‍ ගමන් මාර්ගයද ඔහුගෙන් දැනගතිමු. ඔහුට අනුව අපට පුත්තලම් මන්නාරම් මාර්ගයේ, විල්පත්තු වනයට කලින් හමුවන එකම ගම්මානය එලුවන්කුලමයි. ඊට පෙරඇති පිරවුම් හලකින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්දනද ලබා ගතිමු.

එලුවන්කුලම යනු ධීවර ගම්මානයකි. එහි සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. 

එලුවන්කුලම අවසානයේ විල්පත‍්තු වනය මැදින් මන්නාරම් බලා දිවෙන මාර්ගයයි. එහි අප යායුත්තේ සිලාවතුර දෙසටයි. තවමත් මාහාමර්ගය ගොඩනැගෙමින් පවතින අතර වනයතුලට යාමට පෙර නාවික හමුදාවේ කඳවුරක් පවති, කලාඔය හරහා සපත්තු පාලමක් පවතී. නමුත් අපේ ගමනට අභියෝග කරමින්, කලාඔය  පිටාර ගලා ඇති නිසා නාවික හමුදාව විසින් එම පාර වසා එදිනට දින පහකි. කීලෝමිටර් සියගනනක් පසුකරමින් පැමිණියත් අරමුණ අසාර්ථක වේ දෝ දැයි සීමාකාරි අවස්ථාවක් පසුකරමින් සිටිමු. ගමන් සගයා ගූගල් මැප් පීරමින් තවත් කෙටි පාරක් සොයයි. නමුත් විල්පත්තු කැලය නිසා, අපගේ එකම ගමන් මාර්ගය නැවත පුත්තලම් ගොස්, පුත්තලම් මන්නාරම පාර වැටෙන තැනට සිලාවතුර පෙදෙසෙන් ඇතුලු වීමයි. ක්ෂණයෙන් ක්‍රියාත්මක විය, නැවත කිලෝමිටර් 40 පමණ ආපසු පුත්තලම බලා පැමිණියෙමු. පුත්තලෙමන් අනුරාධපුර මාර්ගය ඕස්සේ ගමන් කරයි, විල්පත්තු වනය නැරඹීට යන ස්තනයට ලඟවිය, එහි සිටි සෆාරි ජීප් කණ්ඩායමක මතය උයේ, ඔයාමඩු පාරේ ගොස් නිකවැව හන්දියෙන් මන්නාරම් හන්දියට ගොස් අරමුණ වෙත ලඟා විමයි.

අපි මන්නාරම් හන්දිය දක්වා ලඟ වූයෙමු, හවස් 12 ට පමණ ඇත. කජුවත්ත සිව්ල් ආරක්ෂක බලකා ස්ථානයේ සෙබලුන් මාරු වන දිනයයි. එම නිසා වනය මැදින් වැටී ඇති එම මහාමර්ගයේ ඉද හිට මොටර්සයිකලයක් හමුවෙයි. තවතැනක කණ්ඩයම් ලෙස තේවතුර බොමින් සිටිති. තව තැනක කැඩුනු මොටර් සයිකලයක් සාදති, ඔය අතර ‍ගස් හෙවනේ ගිමන් හරින සිවිල් ආරක්ෂක සෙබලුද දක්නට ලැබුණි. තරඟයට මෙන් අප මොටර්සයිකලය හා සිවිල් ආරක්ෂක ‍සේවයේ බයිසිකලයක්  ඉදිරියට ඇදී ගියේ කතාබහක්ද සිදු කරමිනි. දැඩි ලෙස අබලන් වූ මාර්ගයේ සෑම තැනකමට වලවල්ය, සමහර තැනක පාර සේදි ගොස්ය, කිලෝමීටර් 40 කට ආසන්න වූ දුෂ්කර ගමන බොහෝ සේ ප්‍රියජනක අලුත් අත්දැකීමක් විය, රථාචාර්යයතුමාට මාගේ ප්‍රණාමය පුදකරීමට ඉතා හොද අවස්ථාවකි.

පේමඩුව - යාය 8- විල්පත්තු වනය මැදින් සිලාවතුර දෙසට 

සවස දෙක පමණ වන විට කොක්කුපඩ්ඩයන් තුම්මන් හන්දියට ලඟ වූයෙමු, කතා කරන්නට දෙමළ බස නොදනි, නියමිත ස්ථානයට හරියාකාරව නොදනි, තොරතුරු දැන ගත හැක නාම පුවරුද නැත, නමුත් කොක්කුපඩ්ඩයාන් හංදියේ මුරකපොල්ලකි. එහි පොලිස් නිලදාරියෙක් හා හමුදාවේ නිල දරුවන් දෙදෙනෙකි. අපි කෙලින්ම කතාවට බැස්සෙමු. ඔවුන් එක්වරම ඇසුවේ අපි මධ්‍යවේදීන්දද යන්නයි, එයට නැත යන පිළීතුර දෙන ගමන් ඌනපූර්ණයක් ලෙස කිසිඳු සේනාවක සමාජිකයන්ද නොවෙමුයයි පැවසූහ. අපේ මූහුණු වල තිබුණු විඩාවත්, අරමූණත් හොඳින් පැහැදිලි වූ නිසා, දිවා ආහාරය අපිට පිරිනමා පැය භාගයක පමණ කතාබහකද නිරත විය. ඔවුන් තිදෙනා එතන දින කිහිපයක් රාජකාරි කලද, අදලා සිද්දිය වූ ස්ථානයට ගොස් තිබුණේ නැත, නමුත් ඔවුන් අඳුනන තවත් පොලිස් නිලධාරියෙක් එතනට කැඳවා අපට සියලු විස්තර ලබා දී, ආරක්ෂිත ලෙස ගමන් කාරන ආකරය පැහැදිලි කර දුනි. ඉදින් අප ඔවුන්ට බොහෝ ස්තුති කරමින් එතැනින් නික්ම ගියේ සුලු මොහොතකින් දක්නට ලැ‍බෙන වන විනාසය සෑබෑවක්ද යයි පත්‍යක්ෂ කොට දැන ගැනීමටයි. කෙසේ නමුත්, ඇතුලට කපා ඇති මංමාවත් වල ජනපතිතුමගේ පින්තූරත් දක්නට ලැබුනී. ඊට අමතර එම ප්‍රදේශයේම(විල්පත්තුව වනය තුල නොව) සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වෙන වෙනම ඉදිවන බවද වැඩිදුරටත් ඔවුන් පවසන ලදී

තවත් දේවල් ලිවිමට අවශ්‍ය නැත, පහත පින්තූර හා වි‍ඩියෝ පට නරඹන්න, සිදු වී ඇති දේ හොඳින් දැකගන්න, තව නොබෝ දිනකින් මේ දෙපස තව තවත් ප්‍රසාරණය වී විල්පත්තුව හැකිලී යනු ඇත. එදිනට මෙය සටහනක් පමණක්ම වේවා!

https://www.youtube.com/watch?feature=player_embedded&v=009dXix78fo

https://www.youtube.com/watch?feature=player_embedded&v=kGvAKwcSFgY





http://wapnishantha.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.html

ස්තුතිය- තිසර මධුවන්ත මහතා / කොක්කුපඩයාන් ආරක්ෂක මුර පොලේ එදින සේවය කල නිලදරුවන් /සිවිල් ආරක්ෂක බලකායේ මහතුන් / ගමනට තොරතුරු සැපයූ සියල්ලන්/ මෙම ලිපිය කියන ඔබ සැමට හා බයික්කුවට

පසු සටහන- එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී. ලිපියෙහි අඩුපාඩු ඇත්නම් කමාකරත්වා නිවැරදිකරත්වා

වැප්

ස්තුතිය - වැප්ට

සබැඳි ලිපි - [පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: