මුළු රටම එකම නැකතකට කටයුතු කරන අපේ සංස්‌කෘතික මහා මංගල්‍යය සිංහල අවුරුද්දයි. එවැනි නැකත් මංගල්‍යයක් ලෝකයේ වෙන කොහේවත් නැති බවද පැහැදිලි සත්‍යයකි. සිංහල අවුරුද්දේ මුඛ්‍ය අරමුණ කෑම ගැනීම නොවූවත් එහි ආහාර සංස්‌කෘතියට සුවිශේෂී තැනක් හිමිව තිබේ.
සිංහල අවුරුද්දේ හරය නොදැක පිටපොත්ත පමණක් අල්ලාගත් නූතනත්වයේ ගිලුණ උදවිය සිංහල අවුරුද්ද බඩ කට පිරෙන්නට කා බී විනෝද වන සමය ලෙස සළකන බවටද අපට සැක නැත්තේ ඔවුන්ගේ හැසිරීම් විලාසය ඒ බව විදහා දක්‌වන බැවිනි. සිංහල අවුරුද්ද සිංහල ගැමියන්ගෙන් සම්පූර්ණයෙන්ම උදුරාගෙන බහුජාතික විජාතික මුදලාලිලාගේ සම්පූර්ණ භුක්‌තියට සවිකර ගැනීමේ ඉතා භයානක ප්‍රවණතාවය මේ වන විට කූටප්‍රාප්තියට පැමිණ ඇත.
අද අප ජීවත්වන්නේ නූතන වානිජවාදයේ ක්‌ෂණික කෘත්‍රීම ආහාර රටාවන්ගෙන්ද ව්‍යායාම රහිත කුසීත ජීවන රටාවන්ගෙන්ද සැනසීමක් නොමැති මානසිකත්වයකින්ද ඔද්දල් වී දියවැඩියාව ඇතු`එ අට අනූවක් ව්‍යාධි නව අනූවක් රෝග සාදාගෙන දුක්‌වි`දින සමාජයකය. එවැනි සමාජයක් බහුජාතික මුදලාලිලාගේ ක්‌ෂණික කෘත්‍රීම ආහාරවලින් කට බඩ පිරෙන්නට අවුරුදු කන්නට පෙර සැළකිළිමත් විය යුතු බොහෝ කරුණු කාරණා තිබේ.
ආදි සිංහලයා ආහාර පාන සකසා ගත්තේ පෙර කන්නයේ කපා පාගා ගත් අස්‌වැන්නෙනි. අපේ වී වර්ග, කුරහන්, මෙනේරි, ඉරි`ගු ආදී ධාන්‍ය මෙන්ම මුං, කොල්ලු ආදී පියලි වර්ගද ඒ අතර විය. එසේම ආහාරවලට පැණි රසය එක්‌කරගැනීම ස`දහා අවශ්‍ය වන කිතුල්, පොල්, මී, බඹර, උක් ආදී පැණි වර්ගද අපේ පැරැන්නන් නොඅඩුව එකතු කළේය. වත්තේ තෙල් හි`දින පොල් ගස්‌වලින් ලබාගත් පොල්වලින් තෙල් බෝතල් කිහිපයක්‌ද කල් තියාම ගෙදරදීම සි`ද ගැනීමට ඔවුහු අමතක නොකළහ. "වර්ජින් කොකනට් ඔයිල් " කියා දැන් බෝතලයක් රුපියල් දහස් ගණනකට විකුණන්නේ අපේ පැරැන්නන් ගෙදර හි`දගත් තෙලයි. අවුරුද්දට අවශ්‍ය ගොරක, කුරු`දු, ගම්මිරිස්, සියඹලා ආදී කුලු බඩු සහ ස්‌වභාවික ආහාර රසකාරකද කලින්ම වේලා රැස්‌කර ගන්නට ඔවුහු උත්සුක වූහ.
පැරණි සිංහලයා වාසය කළේ පරිසර හිතකාමි ලෙස සැකසූ කටු මැටි ගැසූ සරල නිවසකය. නමුත් සිංහල අවුරුදු උදාව වන විට එම නිවසේ වී බිස්‌ස මෙන්ම අටු කොටු සියල්ල ද පිරී ඉතිරී ගොස්‌ය. ඇත්ත වශයෙන්ම අද වෙළෝදපොලේ ඇති ආහාර පාන මිල ගණන් අනුව මේවායේ මූල්‍යමය වටිනාකම ගණන් බැලුවා නම් අපේ ගැමි ගෙදරක එදා සිංහල අවුරුදු උදාව වන විට රුපියල් දස දහස් ගණනක ඇතැම් විට ලක්‌ෂ දෙක තුනක වස විසෙන් තොර සෞඛ්‍යාරක්‌ෂිත ආහාර පාන තොගයක් රැස්‌කරගෙන පැවතුණි.
මෙම වස විසෙන් තොර සෞඛ්‍යාරක්‌ෂිත ආහාර අමුද්‍රව්‍යයන් භාවිතයෙන් එදා හෙළයා සෞඛ්‍යාරක්‌ෂිත ලෙස කැවුම්, කොකිස්, ආස්‌මී, අලුව, වැලිතලප, පැණිවළලු, මුං ගුලි, අග්ගලා ආදිය සකස් කර ගත්තේය. අතිරස, කොණ්‌ඩ කැවුම්, බිබික්‌කං ,මුං කැවුම්, කොල්ලු කැවුම්, නාරං කැවුම්, හැ`දි කැවුම් ආදි කැවුම් වර්ග රාශියක් තිබීමම සිංහලයාගේ විශිෂ්ට නිර්මාණශීලී චින්තනය පිළිබ`ද කදිම නිදසුනකි. අධිරාජ්‍යවාදීන් විසින් "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" යෑයි වැකි තැනුවේ සිංහලයාගේ එම නිර්මාණශීලී භාවයට සමච්චල් කිරීමටය. කොකිස්, අලුවා ආදිය පෘතුගීසි ලන්දේසින් ආදීන්ගෙන් අපට හුරු වූ ආහාර වුවත් ඒවා දේශීය සංස්‌කෘතියට හානියක් නොවන පරිදි අවශෝෂණය කරගන්නටද අපේ පැරැන්නන් මැනවින් දැන සිටියේය. අද ඒවා අපේම කෑම බවට පත් වී ඇත්තේ ඒ අනුවය.
එසේම අප පෙරදී ස`දහන් කළ ආහාර ද්‍රව්‍ය නිපදවා ගැනීමේදී මෙන්ම ඒවා කොටා ආහාරයට සුදුසු ලෙස සකස් කර ගැනීමේදීද අපේ පැරැන්නන්ගේ ශරීරයට උවමනාවටත් වඩා ව්‍යායාම ලැබුණි. එම නිසා අවුරුදු ආහාර වලින් ඇ`ගට අමතරව එන තෙල් හෝ පිෂ්ඨ ධාතු හෝ සීනි ප්‍රමාණය ඔවුන්ට මහා ප්‍රශ්නයක් වූයේ නැත.
එදා තත්ත්වය එසේ වුවද අද සිංහල අවුරුද්දේදී පවා බොහෝ දෙනා මුල් තැන දී තිබෙන්නේ කේක් , බිස්‌කට්, පුඩිං, කට්‌ලට් වැනි විජාතික අධිරෝගකාරක ආහාරවලටය. මේවා විජාතික පාන්පිටි ආහාර වනවා පමණක් නොව දියවැඩියාව ඇතු`එ බොහෝ ලෙඩරෝග ඇතිකරන්නා වූද වැඩිකරන්නා වූද ආහාර වෙයි. මේවායේ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ පාන්පිටි, සුදුසීනි, සෞඛ්‍යයට අහිතකර තෙල් ප්‍රභේද ආදියයි. රසකාරක, සුව`දකාරක, පිපුම්කාරක, කල්තබාගන්නා රසායනික ආදී විශාල සෞඛ්‍යාරක්‌ෂිත නොවන කෘත්‍රීම රසායනිකයන් ප්‍රමාණයක්‌ද මේවා නිෂ්පාදනයට භාවිතා කරයි.
අද සමහරෙක් සිංහල අවුරුද්දට කැවුම්, කොකිස්, ආස්‌මී ආදිය සෑදුවද ඒවාටද අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ පාන්පිටි, සුදුසීනි, මාගරින් වැනි ඉතාම හානිකර මේද ප්‍රභව ආදියයි. එසේම අමුද්‍රව්‍ය ලබාගැනීමේ ක්‍රියාවලියේදී මෙන්ම ඒවා සකසාගැනීමේදීද නූතන සමාජයට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැත්තේ දැන් ඒ තරමටම අප සමාජය යාන්ත්‍රිකකරණය වී ඇති බැවිනි. දැන් ගොවියන් ගොවියන් වන්නේද ගෙවිලියන් ගෙවිලියන් වන්නේද ගෘහනියන් ගෘහනියන් වන්නේද නමට පමණි. එම භූමිකාවට අදාළ වැඩය කෙරෙන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙනි.
මෙම තත්වයන් තුළින් විමසා බැලීමේදී ඉතා පැහැදිලිවම පෙනී යන්නේ සිංහල අවුරුද්දේ දී වුවද නූතන සමාජය කන බොන ආහාර පාන ගැන යළි යළිත් සිතා බැලිය යුතු බවයි. අවම වශයෙන් වඩා හො`ද විකල්ප ගැනවත් සැළකිළිමත් විය යුතුය.
අවුරුදු කෑමවලට පිටි සකසා ගැනීමේදී අඩුවෙන් පාහින ලද රතු සහලෙන් කොටාගන්නා පිටි භාවිතා කළ යුතුය. පසුගිය සමයේ රටේ පු`එල් ලෙස සාකච්ඡාවට බ`දුන් වූ අපේ දේශීය වී ප්‍රභේදවල පිටි ලබාගත හැකි නම් වඩා සුදුසුය. පැණි රස සුදු සීනි වලින් ලබාගන්නේ නැතිව ඒ ස`දහා කිතුල් පැණි, පොල් පැණි, බඹර පැණි , උක් පැණි , මී පැණි ආදිය භාවිතය කෙරෙහි අප යොමු විය යුතුය. පැණිරස ලබාදීම ස`දහා ඉදී වැඩි වී අහක වීසිකරන කෙසෙල් ආදි පලතුරු භාවිතා කිරීම ඉතාම ඥානාන්විතය. එසේම පැණි රසය අවමයෙන් භාවිතා කළ යුතුය.
ගෙදර වත්තේ පොල් තිබෙන අය තෙල් ටික ගෙදරදීම සිඳගැනීම බෙහෙවින්ම හො`දය. පොල් වල ඇති සෞඛ්‍යාරක්‌ෂිත සංඝටක උපරිම වශයෙන් තෙල් වල අඩංගු වන්නේ ගෙදර සි`ද ගැනීමේදී බව අප අමතක නොකළ යුතුය. තෙල් ප්‍රභවයක් ලෙස කිසිසේත්ම මාගරින් බටර් ආදිය භාවිතා නොකළ යුතුය. පිටි කොටාගැනීමද වංගෙඩියේ කළහොත් එය අවුරුද්දට පෙරම හො`ද ව්‍යායාම සැසියක් ලබාගැනීමක් වෙයි.
ආහාර රස ගන්වා ගැනීමට මෙන්ම සුව`දවත් කරගැනීමටද කෘත්‍රීම රසායනික භාවිතා නොකළ යුතු අතර අපේ කර`දමුංගු, කරාබුනැටි, සුදුරු, ඉ`ගුරු ආදිය ඒ ස`දහා විශිෂ්ට ප්‍රභවයන්ය.
තෙලේ බදින කැවුම් වැනි දේවල් බැද්ද හැටියේම ආහාරයට නොගත යුතුය. ඇත්ත වශයෙන්ම අපේ පැරැන්නන් කිසිම විටක කැවුම් බැදපු හැටියේ ආහාරයට ගත්තේ නැත. ඔවුන් අවුරුද්දට දින කීපයකට පෙර කැවුම් උයා තෙල් බැසීමට මැටි මුට්‌ටියක ගබඩා කර තැබුවේ එහෙයිනි. මෙහිදී තෙලෙන් බැදි කැවුම් මුද්‍රණ අකුරු නැති කඩදාසි කොළවල වෙන වෙනම ඔතා තැබුවහොත් උරා ගෙන ඇති තෙල් ප්‍රමාණයෙන් විශාල ප්‍රතිශතයක් අඩු කර ගත හැකිය.
එසේම පැරණි ගෘහණියන් දවස් කිහිපයක් ගත වූ කැවුම් නැවත වන්ඩුවේ හුමාලයෙන් තැම්බීමක් සිදු කර ඇති අතර එහිදී අනවශ්‍ය තෙල් සියල්ලම පාහේ ඉවත් වීමක් ස්‌දු වී ඇත.
අවුරුදු කෑම සකසා ගැනීමේදී කවුරු කවුරුත් මෙම කරුණු කාරණා ගැන සැළකිලිමත් වීම වැදගත්ය. එසේම දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩිකම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය ආදිය ඇති රෝගීන් මේවා පිළිබ`දව විශේෂ සැළකිල්ලෙන් කටයුතු කළ යුතුය. එවිට ඉවක් බවක් නොමැතිව කෑම ගැනීම නිසා අවුරුද්දේදී හෝ අවුරුද්ද ඉවර වූ විගසම බෙහෙත් ගැනීම ස`දහා වෛද්‍යවරුන් සොයායැමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. අවුරුද්දේම රෝගාතුර වී රෝහල් ගත වන්නට සිදු වන්නේද නැත. සමාගම් වෙනුවෙන් ර`ගන නාලිකා සුරතලියන්ටද එවිට තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටිය හැකිය.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/04/06/feature05.html

0 comments:
Post a Comment