Pages

Thursday, April 24, 2014

වටරැක විජිතහිමි සොයා 'බොදුබල සේනා' කර්මාන්ත අමාත්‍යාංශයට කඩාවදිති. උසවි ගිනිතැබීයැයි චෝදනා ලද බද්දුදීන් භික්ෂූන්ට විනය උගන්වයි!

ජාතික බල සේනාවේ කැඳවුම්කරු මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතාගේ අමාත්‍යංශ නිල කාමරයේ සඟවා තබාගෙන ඇතැයි කියමින් බොදුබල සේනා සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයට ඊයේ (23 වැනිදා) හදිසියේ කඩා වැදුනහ.ඊයේ (23 වැනිද) පෙරවරු 10.00 ට පමණ බොදු බල සේනා සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා දස නමක්‌ පමණ අදාළ ස්‌ථානයට වැඩම කළ අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක්‌ හට ගත්හ.

එම භික්‌ෂූන් වහන්සේලා අමාත්‍යංශයේ නොයෙක්‌ කාමර වෙත ගොස්‌ වටරැක විජිත හිමියන් සිටිදැයි විපරම් කළ අතර එහිදී ඒ වෙත පොලිසිය මැදිහත්වීමත් සමග උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය.

රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ කාර්යාලයේ වටරැක විජිත හිමියන් සැඟව සිටින බවට අපට අමාත්‍යංශය තුළින්ම ස්‌ථිර තොරතුරු ලැබුණා. ඒ නිසයි අපි ඒ වෙත වැඩම කළේ. නමුත් ඇමැතිගේ කාමරය බලන්න දුන්නේ නැහැ. එහි සඟවාගෙන සිටි බවටයි තොරතුරු ලැබුණේ. එම කාමරය නොපෙන්නුවේ ඇයි දැයි ප්‍රශ්න මතුවෙනවා. අපට ඕන වුණේ වටරැක විජිත හිමියන්ට රැකවරණය දෙන්නේ කවුද කියන එක රටට හෙළි කිරීමට යෑයි ජාතික බොදුබල සේනා සංවිධානයේ නියෝජ්‍ය මුල්‍ය ලේකම් වැල්ලම්පිටියේ සුමනධම්ම හිමියෝ ඊයේ (23 වැනිදා) "දිවයින"ට සඳහන් කළහ.

බොදුබල සේනා සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා අදාළ ස්‌ථානයට වැඩම කිරීමත් සමග එම ස්‌ථානයට කැරලි මර්දන පොලිසිය, ජල ප්‍රහාරක රථ, පොලිසිය කැඳවා තිබුණි.

එම භික්‌ෂූන් වහන්සේලා පැය හතරකට ආසන්න කාලයක්‌ අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටියත් වටරැක විජිත හිමියන් එහිදී සොයාගැනීමට අපොහොසත් වූහ.

මෙහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා මාධ්‍යයට සඳහන් කළේ භික්‌ෂූන් වහන්සේලා මෙලෙස රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම නීති විරෝධී ක්‍රියාවක්‌ මෙන්ම එය නොගැලපෙන ක්‍රියාවක්‌ බවයි.

සිරිමන්ත රත්නසේකර, ඡායාරූපය-සජිත් ජයසේකර
http://www.divaina.com/2014/04/24/news27.html

සබැඳි ලිපි -
[නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
]

1 comments:

Anonymous said...

Dan ithin hamuduruwarunta thamanta ayath rajakariya karanna nidahasa naha wage.Agama rakaganna andiwatha nathuwa hathara athey duwanna wela.