Pages

Thursday, April 10, 2014

අන්තවාදී මුදල් බලයෙන් මත්ව බොදුනුවන්ට එරෙහි වූ වටරැක විජිත හිමිගේ ජාතික බල සේනා මාධ්‍ය හමුව ඇරඹුණු තැනම ඇන හිටී.

වටරැක විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් "ජාතික බල සේනාව" නම් වූ සංවිධානයක්‌ ඊයේ (09 වැනිදා) කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වැඩම කර ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය.

වටරැක හිමියන් අන්‍ය ආගමික පූජකයන්ගේ අතකොළුවක්‌ වී සිදුකරන කටයුතු හේතුවෙන් සම්බුද්ධ ශාසනයට, බෞද්ධයින්ට, සිංහල ජාතියට මහත් හානියක්‌ වී ඇති බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා මෙහිදී වටරැක හිමියන්ට දැඩි දොaෂාරෝපණයක්‌ කළහ. ඒ හේතුවෙන් එම මාධ්‍ය හමුව ආරම්භ නොකරම අත්හිටුවීමට සිදුවිය.

රට තුළ හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව එම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඒ සඳහා වටරැක හිමියන් ඇතුලු භික්‍ෂුන් වහන්සේලා කිහිපනමක්‌ද අන්‍ය ආගමික පූජකවරු කිහිපදෙනක්‌ද එක්‌ව සිටියහ.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතු`ථ හිමිවරුන් වටරැක හිමියන්ගේ පාර්ශවයේ භික්‍ෂුන් වහන්සේලාගෙන් බෞද්ධ කරුණු පිළිබඳ විමසා සිටියද උන්වහන්සේලාට එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිවී නිරුත්තර වී තිබේ.

උන්වහන්සේලාගේ විහාරස්‌ථාන පිළිබඳව කළ විමසීමේදී ඊටද නිසි පිළිතුරු දීමට අපොහොසත් වීම විශේෂත්වයක්‌ විය.

තමන් සිදුකරන වැරදිවලට ජාතියෙන් සමාව ගතයුතු බව මෙහිදී බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා වටරැක හිමියන්ට දන්වා සිටියහ.

එහිදී වටරැක හිමියන් තමන් වහන්සේගෙන් සිදුවූ වැරදිවලට සමාව ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

තමන් වහන්සේ අන්‍ය ආගමික පූජකවරුන් සමඟ එක්‌වී සිදුකළ එම ක්‍රියාව තවදුරටත් සිදු නොකරන බව උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ. තමන් වහන්සේ කිසිසේත් නැවත මෙවැනි කටයුතු නොකරන බවත් වටරැක හිමියෝ බොදු බල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලාට පොරොන්දු වූහ.

උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් පොලිසියද එහි පැමිණ තිබූ අතර වටරැක හිමියන් ඇතුළු පිරිස පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ පිටව ගියහ.


බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් විසින් වටරැක විජිත හිමියන්ගෙන් අන්‍ය ආගමික පූජකවරුන් සමඟ එක්‌ව මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීමේ අරමුණ ප්‍රශ්න කළ අයුරු.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/10/news11.html

2 comments:

sAm (සෑම්) said...

අනේ මන්දා.. චීවරේ !!

Mandawala Hamuduruvo said...

This writer hides the truth! Please do not misguide people by writing untruth!