Pages

Wednesday, April 23, 2014

චීවරය වරදානවලට මුසලුවන්ට පාවාදුන් වටරැක විජිත හිමිට මහියංගනයේදී ගිහි පැවිදි දැඩි විරෝධය

ජාතික බලසේනාවේ නායක මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රි වටරැක විජිත හිමියන්ට එරෙහිව ඊයේ (22 දා) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය නිසා උන්වහන්සේට දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ ප්‍රාදේශීය සභා රැස්‌වීමට සහභාගි වීමට සිදුවිය.

දැඩි පොලිස්‌ ආරක්‍ෂාව සහිතව මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාවාරය සඳහා පැමිණි විජිත හිමියන්ට එරෙහිව මහා සංඝරත්නය විශාල පිරිසක්‌ සමඟ තුන්සියයක්‌ පමණ ගිහි පිරිසක්‌ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය නිසා ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවී තිබිණි.

ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාව හේතුවෙන් විජිත හිමියන් ප්‍රාදේශීය සභාව පිටුපසින් දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යටතේ පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් වැඩම කරවා ගෙන ආ අතර විරෝධතාවේ යෙදී සිටි පිරිස්‌ විජිත හිමියන් දෙසට දිව ගියහ. ඒ දුටු විජිත හිමියන් බියේ දුවන්නට වූ අතර පොලිසිය මැදිහත් වී උන්වහන්සේ වටකරගෙන ප්‍රාදේශීය සභාව තුළට වැඩම කරවනු ලැබූහ. මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. සුනිල් මහතා විසින් ප්‍රාදේශීය සභා වාරය සාමාන්‍ය පරිදි ආරම්භ කර පැයක්‌ පමණ සභාව පවත්වා වේලාසනින් නිම කරනු ලැබීය. එහිදී විජිත හිමියන් ප්‍රාදේශීය සභාවේ තම කතාවාරයේදී නැගී සිට පිටත ඇති තත්ත්වය හේතුවෙන් තමන් හට කතා කිරීමට නොහැකි බව පවසා අසුන්ගෙන සභාවේ කතා කිරීමෙන් වැළකී සිටියහ.

මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය මත මහියංගනයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීමට ජාතික බල සේනාවේ නායක හා මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට නොහැකි විය. ජනතා හූ හඬ මැද දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මත උන්වහන්සේ පොලිස්‌ ජීප් රථයක නැගී පිටව යන අයුරු දක්‌නට ලැබිණි. ඇතිවූ නොසන්සුන් තාවය පාලනය කිරීම සඳහා කැරැලි මර්දන ඒකකයේ නිලධාරීන්ද කැඳවා තිබිණි.

ප්‍රාදේශීය සභාවේ පිටත විරෝධතාව සැලකිල්ලට ගනිමින් සභාපති ඩබ්ලිව්. එම්. සුනිල් මහතාගේ ඉල්ලීමකට අනුව ඊයේ ප්‍රාදේශීය සභා රැස්‌වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට පොලිසිය අවසර දුන්නේ නැත. විරෝධතාකරුවන් හා පොලිස්‌ නිලධාරීන් අතර අවස්‌ථා කිහිපයකදී උණුසුම් වාද විවාද ඇති වූ අතර ප්‍රාදේශීය සභාපති හා මන්ත්‍රී කණ්‌ඩායම සමඟද අවසානයේ උණුසුම් තත්ත්වයක්‌ ඇති විය.


බින්තැන්න පළාතේ ප්‍රධාන සංඝ නායක හා අනුනායක හා අධිකරණ සංඝනායක වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නය විශාල පිරිසක්‌ ද, ප්‍රදේශයේ විශාල පිරිසක්‌ද එක්‌ව දූෂණ වංචා රැසකට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිත හිමියන් ගැන පරීක්‍ෂණ කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී කියා සිටියහ. සම්බුද්ධ ශාසනය මුදලට පාවාදී බුද්ධ ශාසනය වනසන මෙවන් චීවරධාරීන් පන්නා දමන්නට ත්‍රෛනිකායික නාහිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනපතිතුමන්ගේ හා බුද්ධශාසන අමාත්‍යවරයාගේ අවධානය වහා මේ හිමියන් සම්බන්ධයෙන් යොමු කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


මහියංගන රංජිත් කරුණාවීර
http://www.divaina.com/2014/04/23/news03.html

0 comments: