
මෙම ස්‌වාධීන විද්වත් මණ්‌ඩලයට ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගොස් සාක්‌කි සටහන් කර ගැනීමට ඉඩ දෙන ලෙස නවි පිල්ලේගේ කාර්යාලය විසින් රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා දරනා උත්සාහයට කිසිසේත් පහසුකම් සපයන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
මේ නිසා නවි පිල්ලේගේ විද්වත් මණ්‌ඩලයට මෙරටින් පිටත සිට විමර්ශන කටයුතු ඇරඹීමට සිදු වේ.
මේ අතර නවි පිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි මණ්‌ඩලය හමුවේ සාවද්‍ය සාක්‌කි දීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සූදානමින් සිටින බව රජයට හෙළි වී ඇත.
මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ සිය ධුරයෙන් විශ්‍රාම යැමට පෙර ලබන ජුලි මාසයේ සිට සිය කටයුතු නතර කිරීමට තීරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/02/news03.html
Pic Source
0 comments:
Post a Comment