
ද්‍රවිඩ සංධානය මෙකී තේරීම් කාරක සභාවට යන්නේ 13 වැනි සංශෝධනයට අදාළ බලතල ලබාගැනීමේ අරමුණෙනි.
එහෙත් එකී සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යැම ගැන මගහැරීම රදගුරු රායප්පු ජෝශප් දැඩි ලෙස විරෝධය පළකර ඇති අතර ඊට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු වැඩි පිරිසක් එකඟ වී තිබේ. 13 තුළින් ද්‍රවිඩ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව මන්නාරම රදගුරු ද්‍රවිඩ සංධානයට දැනුම් දී ඇත. එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි විය යුතු බව විග්නේශ්වරන් සම්පන්දන්, සුමන්තිරන්ගේ මතය වී තිබේ. 13 වැනි සංශෝධනය මගින් උතුරු පළාත් සභාවට අදාළ බලතල ලබාගන්නා ලෙස ඉන්දීය රජයද ද්‍රවිඩ සංධානයට දැනුම් දී ඇති අතර කොටි හිතවාදී කණ්‌ඩායම් ඊට එරෙහි වී ඇත. අර්බුද මතුකරන බව ආරංචි මාර්ග පවසයි.
ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු අතර ඇති අර්බුදය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී වෙන් වෙන්ව අසුන් ගැනීමෙන්ද සනාථ වනු ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/06/news14.html
Pic Source
0 comments:
Post a Comment