හංදියෙන් කඩෙන් හැම කෙනාම වගේ කද මලු පිරෙන්න බඩු අරන් යන මිනිසුන් අතරෙන් රිංගාවිත්
'' මට හාල් කිලෝ භාගයයි, පරිප්පු සීයයි දෙන්න මුදලාලි. ''
පුංචි කොලු පැටියෙක් කීවේය. ඒ වචන ඇහෙද්දිම වාගේ තවත් ලස්සනට ඇද පැලදන් හිටිය මහත්තයෙක් ,
'' පොඩ්ඩක් ඉන්න මුදලාලි, හාල් කිලෝ 5 පරිප්පු කිලෝ එකයි, තවත් බඩු ටිකක් දාන්නයි කීවේය.
මුදලාලි අරක පැත්තක දමා මහත්තයාගේ බඩු කිරුවේය.
දුප්පත් කොලු ගැටයා බලන් හිටියේ අහිංසක ලෙසය.
මහත්තයා බාඩු මල්ල රැගෙන පුංචි කොලු පැටියාට කතා කරලා,
'' මේ බඩු මල්ල ඔයාට උස්සන් යන්න පුලුවන්ද..''
පුංචි ළමයා අහිංසක ලෙස හිනාවෙලා කිව්වේ,
'' කොහාටද මහත්තයා ගෙනියන්න ඕන.. මං කොහොමහරි ගිහින් දෙන්නම්..''
මහත්තයා අහිංසක විදියට හිනාවුනා..
''කොහාටවත් නෙමෙයි, ඔයාගේ ගෙදරට ගිහින් අම්මට දෙන්න..''
'' අපේ අම්මා රට ගියා, අක්කයි මායි තාත්තයි විතරයි ඉන්නේ..''
මහත්තායා පොඩි එකාගේ ඔලුව අතගාලා ලගට අරන් ,
''ඔයා මේ බඩු ටික ගෙදර අරන් යන්න. මගේ ගානේ පුංචි තෑග්ගක් කියලා හිතාගන්නකෝ..''
පොඩි එකාගේ මුහුණෙන්ම හිනාවුනා..
''මහත්තයාට ගොඩාක් පිංසිද්ධවෙනවා..''
එහෙම කියලා පොඩි එකා බැරි බැරි ගාතෙන්ම බෑග් එක උස්සන් ගියා.
'' මහත්තයා අද කරේ ලොකු පිනක්. ඔය මිනිස්සු ගොඩක් දුප්පත්. දැන් අවුරුද්දට මහත්තයට පිංසිද්ධවෙන්න කාලා බීලා ඉදියි..''
ලග හිටපු කෙනෙක් එහෙම කිව්වා.
''හ්ම්ම්.. මාත් මහත්තයෙක් උනේ ඔහොම ඉදල තමයි.. ''
ජීවිතය පුදුම නැහැයයි සිතුනි. ඉස්සර එහාගෙදර යාළුවන්ට අලුත් අවුරුද්දට ඇදුම් ඇදන් ඉද්දි, මං ඒ දිහා බලන් හිටියේ ආසාවෙන්. වැට අයිනේ ඉදන් බලන් ඉද්දි, අපේ අම්මා කිව්වේ, '' මගේ පුතා ලොකුවෙලා ලස්සන ඇදුම් ගන්න අවුරුද්දට. '' එදා අම්මා එහෙම කියලා ඔලුව අතගාද්දි, මට තිබුනේ ඉක්මනට ලොකුවෙලා පොහොසත්වෙන හීනයක්. එහා ගෙදර නැන්දා මටත් පුංචි ඇදුම් කෑල්ලක් ගෙනත් දුන්නම ඒකේ සතුට මට තදින්ම දැනුන. ඒත් මගේ වයසේ හිටිය යාලුවෝ දෙන්න , හැමවෙලේම කිව්ව , ඔයා අදින්නේ අපි ඇදපු ඇදුම් කියල. එදා මට ලැජ්ජ හිතුනේ නෑ. අපේ අම්ම කිව්වේ ඒ වෙලාවට '' ඔයා ලොකුවෙලා පෝසත් උනාම එයාලට අලුත් ඇදුම් අවුරුද්දට අරන් දෙන්න.'' කියලා. කොහොමින් හරි මටත් රට රස්සාවකට ගියදා ඉදන්ම, අපේ හොද කාලය උදවුනා. අම්මා කිව්ව වගේම අපි හැමාවුරුද්දටම එහා ගෙදර නැන්දට අලුත් ඇදුම් අරන් බුලත් දීලා වැදල එන්න ආමතක නොකර හිටියා. මට විහිලු කරපු යාලුවෝ දෙන්නම අද මං වගේම හොද ජීවිතයක් ගත කරනවා. ඒත් එහා ගෙදර නැන්දට බුලත් දීලා ආශිර්වාද ගනිද්දි, එයාලත් අපිට ආශිර්වාද කරනවා. අදටත් මං ආශීර්වාද කරන්නේ මගේ දෙමව්පියන්ට. එදා එයාලා ඒ අයට ඊරිෂියා කරන්න උගැන්වුවානම්, අද අපි තවම දුප්පත්ව ඉන්නට තිබුනා.
අපිට අලුත් කාර් එකක්, අලුත් ගෙයක් , අලුත්ම ඇදුම් අදින්න , ඇපල් ෆෝන් , හිතේ තියෙන හැම හීනයක්ම සැබෑකරගන්න බැරිවේවී.. ඒත් කාටවත් අත පාන්නේ නැතුව ජීවත් තිබුනා නම් ඒකත් ඇති නේද..
මුහුණු පොතෙනි. ලින්තුව (Link) මඟ හැරිණි.
Pic Source
ප.ලි.
රතිඤ්ඤා වලට, මත්පැන් වලට ලක්ෂ ගණන් මුදල් වියදම් කරන යුගයක, එසේ වියදම් කරනු වෙනුවට, සැමට මෙවැනි සම්මා වායාමයක නිරත වන්නට ඇත්නම් එය කෙතරම් වටනේද?

0 comments:
Post a Comment