අද කාලේ සිංහල අලුත් අවුරුද්දට අපේ උදවිය සූදානම් වන්නේ පරණ පුරුදු තාලයට නම් නොවේ. අලුත් තාලයකටය. දේසේ හැටියට වාසේ හා වාසේ හැටියට බාසේ යෑයි කියන්නේ ඔන්න ඕවාටය.
මේ දේසේ හැටියට වාසය කරන "නූතන වාසීන්" අද අවුරුද්දට සූදානම් වන ක්‍රමවේදයක් තිබේ. න්‍යාය පත්‍රයක්‌ද තිබේ.
ඒ න්‍යාය පත්‍රයට අනුව පළමු තැනක් හිමිවන්නේ අලුත් අවුරුද්දට අඳින්නට පලඳින්නට තමන්ට, තමන්ගේ ගෙදර සාමාජිකයන්ට හා තෑගි දෙන්නට පවුලේ නෑ හිතවතුන්ට ඇඳුම් පැළඳුම් තෑගි භෝග ගැනීමටය. දෙවැනුව කරන්නේ අවුරුද්දට අවශ්‍ය ආහාර භෝග ද්‍රව්‍ය කල්තියා ගෙනවිත් ගෙදර තැන්පත් කර ගැනීමය. ඒ අතර ගේ දොර සුද්ධ පවිත්‍ර කර හුණු සායම් ආලේප කිරීමට මුල්තැන දෙන අයද අද නැතුවාම නොවේ.
මේ සියලුම දේට තමන්ගේ ආදායමෙන් හෝ අත ඇති මුදලින් හරි අඩක් වෙන් කරන "නූතන වාසීන්" තවත් විශේෂ දෙයකටද උනන්දු වී ඊට ලොකු මුදලක් විය පැහැදම් කරන්නටද අමතක නොකරති. ඒ වූ කලී අවුරුදු දිනවල විනෝද වීමට තමන්ගේ පාවිච්චියට හා පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමට ඇති තරම් මත්පැන් බෝතල් ප්‍රමාණයක් ගෙනවිත් නිවසේ තබා ගැනීමය.
පුරාණ සිරිත් විරිත්වලට චාරිත්‍රවලට යුතුකම්වලට මුල්තැනක් දී අවුරුදු කෑ පැරැන්නන් අතර මත්පැන් භාවිතය නොතිබුණාම නොවේ. තිබුණා නම් ඒ තිබුණේ අන් සියලුම අවශ්‍යතා සපුරා ගනිමෙන් පසුව කරන අප්‍රධාන දෙයක් හැටියටය. අමතර දෙයක් හැටියටය. රහසිගත දෙයක් හැටියටය. එදා ගෙදරක ගෘහ මූලිකයා, තාත්තා, සැමියා හෝ වැඩිහිටියා කඩපලට ගොස් සියලු ප්‍රධාන ආහාර හා බඩු බාහිරාධිය ගන්නා අතරතුර ඒ සියල්ල සපුරා ගැනීමෙන් අනතුරුව සීල් අරක්‌කු බෝතලයක් හෝ දෙකක් අන්තිමට ගන්නේ අවුරුද්ද දිනේ කාටත් හොරෙන් හංගා ගෙන බොන්නටය. ගෙදරට එන කවුරු හෝ වැඩිහිටියෙක් සමග හංගා ගෙන බී අහිංසක සතුටක් බෙදා හදා ගන්නටය.
ඒ... එදා අවුරුදු කෑ ආදිවාසීන්ය. අපි අද කතාබහ කරන්නේ රටටම පෙනෙන්නට අවුරුදු කන නූතන වාසීන් ගැනය. එදා ආදිවාසීන් මත්පැන් බිව්වේ හංගා ගෙනය. නූතන වාසීන් මත්පැන් බොන්නේ අවුරුදු කෑම මේසය උඩටම මත්පැන් බෝතලය රැගෙනය. කාලය මැව් වෙනසක අරුමය මෙයයි.
කාලය මැව් වෙනසක අරුමය විශ්ව සාධාරණ මහා සංකල්පයක් සේ අප ඉදිරියේ මවා පෙන්වන්නටත් සාධාරණීකරණය කරන්නටත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ය. මේ රටේ අද වන විට හැටහුටාමාරක් ඇති ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් මගින් සිංහල අවුරුද්ද යන විශ්ව සාධාරණ මානවීය සංකල්පය මානව ක්‍රියාදාමය ගෘහස්‌තීකරණය කොට ඇත.
අතීතයේ සිංහල අවුරුද්දට ගෙදරින් පිටතට වී චක්‌කුඩු පනිමින්, ඔංචිලි පදිමින්, කැට ගසමින්, පන්දු කෙලිමින් ගම පුරා දුවපැන ඇවිද යන බාල ළමා කැල හෝ තරුණ කැළ ගෙවල්වලට සීමා කරන්නට රූපවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය සමත් වී තිබේ. අද ඔවුන්ට ගමේ අවුරුදු උත්සව පෙන්වන්නේ එකී දෘෂ්‍ය මාධ්‍ය විසිනි.
ළමා පරපුර හා තරුණ පරපුර මෙන්ම විශේෂයෙන්ම කාන්තා පරපුර කුමක් හෝ ඇස් නිලංකාර කරවන විච්චූර්ණයකින් ගෘහස්‌තීකරණය කර රූපවාහිනය වටා ඒකරාශී කර ගැනීම තුළ නිදහසේ කල්ලි ගැසෙන්නට පිරිමි පරපුරට අවකාශයක් විවෘත වී තිබේ. තරුණ පිරිමි හා වැඩිහිටි පිරිමි පරපුර වේලාසනින්ම අවුරුද්දට මත්පැනෙහි උණුසුම සොයන්නට පටන්ගෙන ඇත්තේ මෙකී ඉඩ අවකාශ තුළය.
නගරයේ කුමක්‌දො රැකියාවක් කර අවුරුද්දට කීයක් හෝ වැඩියෙන් හරිහම්බ කරගෙන ගමට යන තරුණයා ගමේදී කරන්නේ අවුරුදු කන්නට ගමට ආ තමන් වැනිම වූ තරුණ පරපුරක් හා කල්ලි ගැසී විනෝද වන්නට මත්පැන්වල පිහිට පැතීමය. වේලාසනින්ම මත්පැන් අවුරුදු කෑම මේසය මතට එන්නේ ඒ අනුවය.
අවුරුදු දිනවල මත්පැන් වෙළෙඳසැල් වැසීම රජයේ ප්‍රතිපත්තියකි. එහෙත් ඒ දින දෙක තුළ මත්පැන් හල් වසා තැබුවාට වෙළෙන්දන්ට පාඩුවක් නැත. ඊට හේතුව ඒ දවස් දෙක පුරා අලෙවි වනවාට වඩා දෙගුණයක් මත්පැන් ප්‍රමාණයක් මත්පැන් අලෙවිසල් වසන්නට ප්‍රථම දිනයේ සවස් වරුවේ අලෙවි වී හමාර බැවිනි.
අද වන විට බාර්එකේ ඇති බෝතල් අවුරුදු දිනවල තියෙන්නේ බාර් එකේ නොව... ගනුදෙනු කරුවන්ගේ නිවෙස්‌වලය. පරිභෝජනයට හා වැඩි ගණනකට විකුණා ගන්නට මේ කාලයේ ගම්බද තරුණ පිරිස් මෙන්ම වතුකරයේ තරුණ පිරිස් මත්පැන් ගෙදර ගෙන යන්නේ කේස් ගණනිණි.
දිනපතාම පන්සිල් පද පහ කියා මත්පැන් නොබොන බවට පොරොන්දු දෙන බහුතර ජනතාවක් සිටින මේ රටේ දිනකට ජනතාව බී දමන මත්පැන් බෝතල් ප්‍රමාණය කොපමණ දැයි ඔබට සිතාගත හැකිද? දිනපතා කෙසේ වෙතත් එය අවුරුදු පතා ගණන් බලා සකස් කරන ලද නිල වාර්තාවක් ද මේ රටේ තිබේ. ඒ වූ කලී සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික මත්පැන් නිෂ්පාදන වාර්තාවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ගණන් මිනුම් හරිනම්, කෝටි දෙකකුත් ලක්‍ෂ හතරක් පමණ වන අපේ රටේ ජනතාව වසරක් පුරා බී දමන ලද සැර මත්පැන් ප්‍රමාණය සම්මත සැර ලීටර් මිලියන 50 ක් පමණ වන බව කියති. මින් කියවෙන්නේ මේ රටේ ජීවත්වන ලොකු කුඩා බාල මහලු ගැහැනු පිරිමි සැවොම හොඳ බොන්නෝ කියා නොවේ. මත්පැන් පරිහරණය කරන්නන් බී දමන ගණන් මිනුම්ය. ඊට අමතරව එතරම් සැර නොවන බීර මට්‌ටමේ ඇති මත්පැන් වර්ගද වසරකට තොග ලීටර් මිලියන 100 ක් බී දමන්නට තරම් අප දක්‍ෂය. මේ ගණන් මිනුම් 2012 කරන ලද සමීක්‍ෂණයට අනුව ගන්නා ලද සංඛ්‍යා ලේඛන බව පැහැදිළිය.
කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ ගණන් මිනුම් කිසි ලෙසකින් මේ රටේ සැබෑ මත්පැන් පරිභෝජනයේ ගණන් මිනුම් හෙළිදරව් නොකරයි. සැබෑ ගණන් මිනුම් සොයන්නට නම් මේ නිල ගණන් මිනුම්වලට අමතරව ගමේ ගොඩේ නීත්‍යානුකූල නොවන මාර්ග මගින් මත්පැන් නිපදවන නිෂ්පාදනාගාරවල ගණන් මිනුම්ද මීට එකතු විය යුතුය. ඒ අනුව ගමේ නයිදෙලා උක්‌කුවලා, අප්පුලා, පිච්චෙලා කිතුල් ගහක මලක් තලා එකතු කරගන්නා රහමෙර මුට්‌ටියේ සිට තට්‌ට සෝමෙලා කසිප්පු ජිනේලා බඩා මහින්දලා හොරට පෙරා ගන්නා හැලි අරක්‌කු, බොකු දිරාස්, කටුකම්බි, කසිප්පු බුලිය දක්‌වාම වූ මත්පැන් ගණන් මිනුම් ද ඊට එකතු කළ යුතුය.
එපමණකිනුදු හරි දත්ත ලබාගත නොහැකිය. අපේ රටේ නිතර නිතර රට සංචාරවලට යන එන උදවිය හා රට රස්‌සා කර ආපසු එන උදවිය ගුවන් තොටුපළේ "ඩියුටි ෆ්‍රී" සාප්පුවෙන් රැගෙන එන "විස්‌කි" බෝතලයේ පටන් ඔය මීගමුව හලාවත දිහාවේ සමහර වැල්ලෙ අයියලා ධීවර කර්මාන්තයට මුවා වී බෝට්‌ටුවෙන් ගොස් මග මුහුදේ පාවෙන ස්‌කාගාරවලින් හොරට ගෙන එන විස්‌කි බෝතල් කන්දරාවද එකතු කළ යුතුය. මේ රටේ ජනතාව බොන සැබෑ මත්පැන් ප්‍රමාණය, ගණන් හැදීමට නම් ඒ සියල්ල ගණනය කළ යුතුය. එහෙත් එය කිsසිදා කිසිවකුටත් කළ නොහැක්‌කක් බව පැහැදිළිය.
එම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ තියන දත්ත සැබෑ දත්ත ලෙස පිළිගෙන හිත හදා ගන්නට පමණක් අපි පුරුදුව සිටිමු. අපට අපේ මාතෘකාව අනුව වැදගත් වන්නේ වසරක් පුරා බී දමන මත්පැන් තොගවලින් අවුරුදු මාසය තුළ පමණක් ජනතාව පානය කර දමන මත්පැන් තොගය කොපමණදැයි සැකහැර ගණන් හදා ගැනීමය.
ඇත්ත වශයෙන්ම මේ ගණන් බැලීම්වලදී සුරාබදු දෙපාර්තමේන්තුව සැලකිල්ලට ගන්නේ වසරක් තුළ ජනතාව පානය කරන මත්පැන් ප්‍රමාණය නම් නොවේ. මේ රටේ මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටින සීමා සහිත ඩිස්‌ටිලරීස් කම්පැණි, සීමා සහිත වී ඇන්ඩ් ඒ සමාගම, ඇක්‌මී ලංකා සමාගම, හිඟුරාණ ඩිස්‌ටිලරීස්, මනෝරි ලංකා, නිපොන් එක්‌ස්‌පෝ, රන්දෙණිගල ඩිස්‌ටිලරීස්, රොක්‌ලන්ඩ් ඩිස්‌ටිලරිස් වැනි ප්‍රකට සමාගම් 25 ක් වසරක් තුළ නිපදවා ලංකාවේ පවතින මත්පැන් අලෙවි කරන 4500 ක් පමණ වන අලෙවි සල් වෙත නිකුත් කරන මත්පැන් ප්‍රමාණයයි. ඒ සියල්ල ජනතාව බී දමන බව උපකල්පනය කර මේ ගණන් හැදීම් කර ගැනීමෙන් අපේ අවශ්‍යතාවය සපුරාගත හැකිය.
අවුරුද්ද තුළ නිපදවන මත්පැන් මාස 12 කට බෙදීමෙන් අපට මාසයක අලෙවි වන මත්පැන් පිළිබඳ දළ අදහසක් ගත හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ අවුරුදු මාසයේ හා වසරේ අවසාන මාසයේ රටේ මත්පැන් පරිභෝජනය දෙගුණයකට වඩා වැඩිවන නිසාය. අප්‍රේල් මාසයේ මත්පැන් අලෙවිය ගැන දළ අදහස කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් වැඩි බව තේරුම් ගැනීම ඒ දුෂ්කරතාව නිසා ප්‍රමාණයත්ය.
ඒ අනුව බලන විට අපි අවුරුදු මාසය තුළ පමණක් අපේ ජනතාව මත්පැන් සම්මත සැර ලීටර් මිලියන 8 ත් 10 ත් අතර බී දමන බව පැහැදිළිය. එය බියර්වලින් ගත්විට අප්‍රේල් මාසයේ ලීටර් මිලියන 16 ක් පමණ බී දමන බව පෙනේ.
අප සාමාන්‍ය වෙළෙඳපොළේ භාණ්‌ඩ අලෙවි කරන මහා ව්‍යාපාරිකයන් අතරට යමු.
කොහොමද මේ පාර අවුරුද්ද... යනුවෙන් අපි අසා සිටියහොත් සතුටුදායක උත්තරයක් දෙන්නේ එහෙමත් කෙනෙකි. 10 දෙනකුගෙන් ඇසුවහොත් රෙදි වෙළෙන්දො ආහාර ද්‍රව්‍ය වෙළෙන්දො , හාඩ්වෙයාර්කරුවෝ සාප්පුකරුවෝ 8 දෙනකුවත් කියන්නේ බිස්‌නස් වැඩක් නෑ කියාය. ඉතිරි දෙදෙනා "හොඳයි තමයි" ඒකත් ගිය පාර වගේ නෑ" කියා කියනු නිසැකය. එහෙත් අපි මත්පැන් වෙළෙන්දෙක් හමුවී අසා බැලුවහොත්... "ෂික් වැඩක් නෑ කියා කියන්නට ඔවුන්ට නොහැකිය... මත්පැන් අලෙවිහලක් ඉදිරියේ අවුරුද්දට පෙර පේලි ගැසී පොරකකා මත්පැන් මිලදී ගන්නා මත්පැන් පිපාසිත ජනතාව ඔවුන්ගේ වෙළෙ¹ම කොතරම්දැයි කියාපාන නිදසුන් බව නිසැකය.
තත්ත්වය මෙසේ තිබුණත් රජයේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ වෙනත් කතාවකි.
පසුගිය අවුරුද්දට සාපේක්‍ෂව මේ අවුරුද්දේ මත්පැන් පරිභෝජනය අරගත්තාම ඒකේ 11% ක අඩුවීමක් තියන බව පේනවා. මම මේ කියන්නේ සැර අධික මත්පැන් ගැන. 2011 දී අලෙවිය සම්මත ඝන ලීටර් මිලියන 53.8 ක් තිබුණ එක 2012 වන විට මිලියන 49.7 ට බැස්‌සා. 2013 මේ අවුරුද්දේ ඊටත් අඩුයි. හැබැයි තරුණ පිරිස ජනතාව අධි සැර මත්පැන් බීම අඩුකර කර බියර් බීම වැඩිකර ඇති බව පේනවා.
ඔහු ඒ කී දේ සංඛ්‍යා ලේඛන අනුව නිවැරැදිය. 2010 තිබූ බීර පරිභෝජනය ලීටර් මිලියන 71.3 කි. 2011 දී එය 87.4 කි. 2012 දී එය 99.3 කි. 2013 දී සංඛ්‍යා ලේඛන ප්‍රකාශ කර නැතත් කොමසාරිස්‌වරයා කීවේ 2012 ට වඩා හුඟක් වැඩි වී ඇති බවය.
රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන් පැහැදිළි වන්නේ ජනතාව තරුණ පරපුර සැර මත්පැන්වලින් මීදී ටික ටික සැර අඩු මත්පැන්වලට හුරුවීම මිස මත්පැන් පානය කිරීම අඩුකර ඇති බව නම් නොවේ.
සැර මත්පැන්වලින් මිදීමට හේතු රාශියක්‌ද තිබේ. මාස තුනෙන් තුනට සැර මත්පැන්වල මිල වැඩි කිරීමට රජය පෙළඹීම ඊට ප්‍රබල හේතුවක් වනු නිසැකය.
කෙසේ වෙතත් දවසින් දවස අපි පියනගන්නේ සිහියෙන් සිටින ජනතාව සිටින ජන සමාජයකට වඩා අව සිහියෙන් සිටින ජනතාව වැඩි ජන සමාජයකට බව නම් දැන් පැහැදිළිය.... මා එසේ කියන විට තවකෙකු මෙසේ කීවේය.
මේ සමාජයේ පියවි සිහියෙන් ජීවත් වන්නේ කොහොමද? ටිකක් අවසිහියෙන් සිටියොත් තමයි හිතට වදයක් නැතිව ජීවත්වෙන්න පහසු... ඉතින් ටිකක් බිව්වම මොකද....
තීන්දුව මා අතේ නොව ඔබ අතේය...
බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2014/04/13/feature13.html

0 comments:
Post a Comment