කැවුම් ගැන සඳහන් කරනවිට නිතැතින්ම අපේ මතකයට එන්නේ කුස රජතුමාගේ කතාන්දරයයි. මක්‌නිසාද යත් කුස රජතුමාගේ මුහුණ කැවුමකට සමාන බව හඳුන්වා දී තිබූ බැවිනි. රජතුමාගේ කැවුම් ගෙඩියක් වැනි විරූපී මුහුණට පබාවතිය කැමැති වූයේ නැත. අවසානයේ කුස රජතුමා ඒ සටනින් විජයග්‍රහණය කළේය.
කැවුමේ උපත ගැන නිශ්චිතවම සඳහනක් නොමැති අතර එය අපේ ඇත්තන්ටම අනන්‍යවූ ආහාරයක් බවට විශ්වාස කෙරේ. කුස රජතුමා නිසා කැවුමේ උපත සිදුවූ බවට ජනප්‍රවාදවල සඳහන් වේ. කුස රජතුමා කුමාර අවධියේදී අනිකුත් කුමාරවරු කුස කුමරුට උසුළු විසුළු කළේය. ඒ කුස කුමරුගේ මුහුණ කැවුම් ගෙඩියක් මෙන් තිබූ බැවිනි.
එක් දිනක් මේ කුමාරවරු කුස කුමරුගේ මුහුණේ පෙනුමට සමාන ආහාරයක් සකස් කරගෙන කෑමට ගත් බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන් කැවුමේ උපත සිදුවූ බව ද පැවැසේ.
ඒ කොයි හැටි වෙතත් කැවුම් වූ කලී වටිනා, හෙළ රසමසවුලකි. මෙකී කැවිලි වර්ගයට සිවයස් ගණනක අතීතයක් ඇති බව ද පැවැසේ. කැවුම් යන නාමයේ අක්‌මුල් සෙවීමේදී කන දේ කැවුම් බව ද මතයක් පවතී. ඈත අතීතයේදී රජතුමා මුණගැසීම සඳහා ප්‍රභූන් රැගෙන ගිය තෑගි භෝග අතර කැවුම්ද තිබූ බව සඳහන් වේ.
යුද පිටියේදී යුද සෙබළුන්ට කැවුම් ඖෂධයක් විය. මෙය යුද පිටියේදී ඉතා පහසුවෙන් තැනින් තැනට රැගෙන යා හැකිය. ඒ විතරක් නොව කැවුම් තෙල් සහිත බර ආහාරයකි. මේ නිසා සෑහෙන කාලයක්, නරක් නොවී තබාගත හැකිය. එමෙන්ම තුවාලයක් වූ විට ඒ මත කැවුමක් තබා බැන්ද පසු තුවාලය ඉක්‌මනින් සුවවන බව සෙබළු දැන සිටියහ.
අතීතයේ කැවුම් වර්ග 18 ක් තිබූ බව පොත් පත්වල සඳහන් වේ. හැඳි කැවුම්. මුං කැවුම්, උළුදු කැවුම්, කොණ්‌ඩා නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම් ඒ අතර වේ.
රොබට් නොක්‌ස්‌ගේ එදා හෙළ දිව ග්‍රන්ථයේ අපේ ඇත්තන්ගේ රසකැවිලි ගැන විස්‌තර කොට ඇත්තේ මේ අයුරිනි.
"ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පෑහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති."
ඕලන්දකාරයා පළමුකොට ලක්‌දිවට පැමිණි අවධියේ ඔවුන්හට රාජකීය සංග්‍රහයක් කරනු කැමැති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජපුරුෂයන්ට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රනීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා "මේවා ගස්‌වලින් කඩා ගන්නා දෙයක්‌ද?" යි ඇසූහ.
මේ අනුව බලනවිට පැහැදිලිවන්නේ කැවුම් සිංහලයන්ටම ආවේණික වූ කැවිලි වර්ගයක් වූ බවය. සිංහලයන්ගේ හැම උත්සවයකදීම කැවුම් නැතිවම බැරි කැවිලි වර්ගයකි. කැවුම් ඉවීම ගජරාමෙට කෙරෙන්නේ සිංහල අලුත් අවුරුදු කාලයටය. එකල සෑම සිංහල නිවසකින්ම පාහේ කිසියම් රස කැවිල්ලක සුවඳ විහිදී ආවේය. කොටින්ම කිවහොත් කැවුම් කිරිබත් නොමැති උත්සවයක් සිංහලයන්ට නොමැති තරම්ය.
කැවුම් ගෙඩියට හොඳ ඉල්ලුමක් ඇති වන්නේද සිංහල අලුත් අවුරුදු කාලයටය. එකල කැවුම් ඉවීමට දක්‌ෂ ගැමි කාන්තාවන් සෑම ගමකම පාහේ සිටියහ. සිංහල අවරුදු කාලයට කැවුම් ඉවීමට නොදත් කාන්තාවන් කැවුම් සාදවා ගන්නේ මේ ගැමි කාන්තාවන්ට කියාය.
අවශ්‍ය කලමනා සපයා දීමෙන් පසු කැවුම් ඉවීමට දක්‌ෂ මේ ළඳුන් කැවුම් උයාදෙයි. මේ කතුන් කැවුම් ඉවීමට හොඳ පළපුරුදු කාරියන්ය. අලුත් අවුරුදු කාලයට ගැමිලියෝ එක්‌වී පිටි කොටති. ඒ කැවුම් ඉවීම සඳහාය. එම කතුන් මේ කාරිය කරන්නේ එකිනෙකාට උදව් කර ගනිමිනි. එහෙත් අද කැවුම් ගෙඩිය පවා කඩයෙන් ගෙන ඒමට තරම් අපේ ඇත්තෝ පුරුදු වී සිටිති. ග්‍රාමීය ප්‍රදේශවල අදටත් ගැමිලියන් එක්‌වී කැවුම් ඉවීම කරන ආකාරය දැකිය හැකිය. සිංහල අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත්ව ඇත්තේය.
කැවුම් වූ කලී මිනිසා පමණක් නොව දෙවියන් පවා පිනවීමට සමත් කෑම විශේෂයකි. නොයෙකුත් දේව පූජා ශාන්තිකර්ම ආදී කටයුතු සඳහා ද කැවුම් අවශ්‍යම දෙයක් බැව් පහතරට නර්තන ශිල්පී ලක්‍ෂ්මන් හේවගේ පවසන්නේය.
කුඩා දරුවන් ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින්නේද අතිරස, අග්ගලා පුදමී යනුවෙන් පොරොන්දු වීමෙනි. රසකැවිලිවලින් මිනිසාගේ රස නහර පමණක් නොව අපේ සිංහල බස් වහරද පෝෂණය වී ඇත්තේය.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා මේ එවැනි ජනවහරකි. සිංහලයා කොයිදේට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට ශුරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. සිංහලයා කොතනද කැවුම්ද එතනය. අදටත් අපේ පැරැන්නෝ මේ වැකිය කියමින් තමාටම සරදම් කර ගනිති. එකල අපේ කොල්ලෝ කුරුට්‌ටෝ පවා අත්පුඩි ගසමින් අත්පුඩි පුඩි පුවත්තා, කැවුම් දෙකක් දියත්තා යනුවෙන් කැවුම් ඉල්ලති. වර්තමානයේ නම් පුංචි දරුවෝ ඉල්ලන්නේ කැවුම් අග්ගලා, අතිරස නොව, චොක්‌ලට් බිස්‌කට් වැනි කෑම වර්ගය.
ගාල්ලේ උළුවිටිකේ ඕපාත පදිංචි එස්. ඒ. උදුලාවතී නැන්දා කැවුම් ඉවීමට දක්‍ෂ තැනැත්තියකි.
අපේ අම්මාගෙන් තමයි මම කැවුම් උයන්න ඉගෙන ගත්තේ. කැවුම් ඉවීමත් ලේසි වැඩක් නොවෙයි. නියම විදියට පදම ගන්න ඕන. පදම වැරදුණොත් ඔක්‌කොම ඉවරයි. ඒ කාලේ හැමගෙදරකම පාහේ කැවුම් ඉවීමට පුළුවන් ගැහැනු එක්‌කෙනක් දෙන්නෙක් හිටියා. අද ඉන්න ගැහැනු ළමයින්ට නම් තෙල් වළඳක්‌වත් ළිපේ තියන්න බැහැ. සියලු දේ නවීකරණය වෙලා.
දැන් වගේ සහල් පිටි කඩෙන් ගේන්නේ නැහැ. ඒ කාලේ හාල් දියේ දාලා පිටි කොටා ගන්නෙත් අපිමයි. අසල්වැසි කාන්තාවන් එක්‌වෙලා තමයි පිටිකොටන්නේ . එකිනෙකාට උදව්කර ගනිමින් තමයි අපි ඒ කාලේ වැඩ කළේ. හාල් සේරු දෙකේ තුනේ හතරෙත් මම කැවුම් උයලා තියෙනවා. දැනටත් මඟුල්ගෙවල්වල කැවුම් උයනවා.
ගැමි කාන්තාවෝ නානා මාදිලියේ කැවුම් සාදති. කොණ්‌ඩයක් මෙන් උඩරට නෙරා ගිය කොටසකින් යුක්‌ත කැවුම් කොණ්‌ඩ කැවුම්ය. එවැනි කොණ්‌ඩයක් නොමැති කැවුම් හැඳින්වෙන්නේ අතිරස වශයෙනි. කැවුම් හැදීමට යොදා ගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ.
නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වළස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද ඇත්තේය. ඒවා හඳුන්වන්නේ මුකුලු යනුවෙනි. ගාල්ලේ වළහන්දූවේ පදිංචි කේ. ඒ. සිරියාවතී රස කැවිලි ගැන සඳහන් කළේ මෙවන් අදහසකි.
සිංහල අලුත් අවුරුදු කාලයට කෝඳුරුවෝ රෑන් පිටින් තමයි ගෙවල්වලට ඇදී එන්නේ. මේ කෝඳුරුවන්ගෙන් බේරෙන්න අපේ අම්මල කරන්නේ කැවුමක් හදලා ගෙයි එල්ලා තබනවා. කෝඳුරුවෝ ටික ඊට පස්‌සේ වහන්නේ අර කැවුම් ගෙඩියට තමයි. අපේ අම්මලා ඒ කැවුමට කීවේ කෝඳුරු කැවුම් කියලා. කැවුම් ඉවීමට තෙල් වළං ළිපේ තියා මුලින්ම අපේ අම්මලා හදන්නේ කෝඳුරු කැවුමයි. දැන් නම් කෝදුරුවෝ දකින්නත් නැහැ.
ඒ කාලේ අලුත් අවුරුද්ද කිට්‌ටුවනවිට තුනපහකාරයා, රෙදි පොට්‌ටනිකාරයා, ගෙදරටම එනවා. බඩු ගන්න කඩයට ගියේ කලාතුරකින්. තුනපහ ටික තමයි සල්ලිවලට ගන්නේ. අනිත් හැම දෙයක්‌ම සපයා ගන්නේ ගෙවත්තෙන්. ඒ කාලේ කිසි අගහිඟකමක් නැතිව අවුරුදු කෑවා. දැන් කාලේ වගේ නෙවෙයි. දැන්නම් හැම දෙයක්‌ම වෙනස් වෙලා. අද ඉන්න ගැහැනු ළමයින්ට කැවුම් ගෙඩියක්‌වත් හදාගන්න බැහැ.
විශ්‍රාමලත් විදුහල්පති මාධ්‍යවේදී කේ. යූ. ජී. සෝමපාල මෙසේ පවසන්නේය.
ඒ කාලේ ගෙවල් හතරකට විතරක් තමයි වංගෙඩියක් තිබුණේ. දැන් කාලේ වගේ වී මෝල්වලට ගිහින් වී කෙටුවේ නැහැ. ගැහැනු අය එකතු වෙලා තමයි වී කෙටුවේ. රස කැවිලි හදන්න පිsටි කෙටුවෙත් එහෙමයි. අසල්වැසි හැම ගෙදරකටම කැවිලි බන්aදේසියක් හුවමාරු වෙනවා. ඒ කාලයේ හැම ගෙදරකම කැවුම් ගෙඩියක් ඉදෙනවා.
වර්තමානයේ සෑම දෙයක්‌ම නවීකරණය වී ඇත්තේය. මේ නිසා ගම්වල තිබූ සමගිය, සහෝදරත්වය, සුහදත්වය බිඳ වැටී තිබේ. අලුත් අවුරුදු කාලයට නගරබද කෙසේ වෙතත් අදටත් ගම්බද ඇත්තන් නම් සියලු අමනාප අමතකකොට යළි මිතුරු වෙති.
ඒ කොයි හැටි වුවද, සිංහල අවුරුදු කාලයට රස කැවිලි පමණක් නොව, සෑම භාණ්‌ඩයක්‌ම අවුරුදු භාණ්‌ඩයක් බවට පත්කිරීමට ව්‍යාපාරිකයෝ කටයුතු කරති. අද ඇත්තේ මුදලට සියල්ල විකිණෙන සමාජයකි. අලුත් අවුරුද්ද ද වාණිජකරණයට ලක්‌ව ඇත්තේය. අලුත් අවුරුද්ද ද විකුණා තම මඩිය තරකර ගැනීමට ව්‍යාපාරිකයෝ කටයුතු කරති. සැබැවින්ම ඒ ගැන පුදුම විය යුතු ද නැත.
ගාල්ල - ලලිත් චාමින්ද
http://www.divaina.com/2014/04/13/feature02.html

0 comments:
Post a Comment