ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලය (SLTC) ඇරැඹීමට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ කොළඹ විශ්වවිද්‍යාලය අතර ත්‍රිපාක්‍ෂික ගිවිසුම් අත්සන් කිරීම කොළඹ 07, වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ශ්‍රවණාගාරයේදී පසුගිය 10 දා සිදුවිය.(අසුන්ගෙන වමේ සිට...) කාලිංග ඉන්ද්‍රතිස්‌ස (අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජික - ශ්‍රී ලංකා ටෙලිකොම් - හියුමන් කැපිටල් සොලියුෂන්), මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම (සභාපතිනි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම) සහ ආචාර්ය කුමාර හිරිඹුරේගම (උප කුලපති - කොළඹ විශ්වවිද්‍යාලය) යන මහත්වරු සහ මහත්මිය අදාළ ගිවිසුම් අත්සන් කළ අයුරු. (පසුපෙළ වමේ සිට...) ලලිත් ද සිල්වා (සමූහ - ප්‍රධාන විධායක නිලධාරි - ශ්‍රී ලංකා ටෙලිකොම්), මහාචාර්ය නිමල් ඒකනායක (සම්මානනීය මහාචාර්ය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය - ඉංජිනේරු පීඨය), උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක සහ රන්ජිත් ගංගානාත් රූබසිංහ (ප්‍රධාන විධායක නිලධාරි - හියුමන් කැපිටල් සොලියුෂන්) යන මහත්වරු ද වෙති.
(ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ)
අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ කොළඹ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹියේය.
විදුලි සංදේශ ක්‌ෂේත්‍රයට අවශ්‍ය ඉංජිනේරුවන් බිහිකිරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන මෙම උපාධි පාඨමාලාව සඳහා ගිවිසුම අත්සන් කෙරුණේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර් හිරිඹුරේගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්‍ෂ සහ එහි Human Capital Solutions ප්‍රධාන විධායක නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස යන ෙත්‍රෙපාර්ශ්වය අතරය.
රාජ්‍ය ආයතනයක්, ජාතික විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධවී මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස ඉතිහාස ගත වෙයි.
ඉංජිනේරු හා තාක්‍ෂණ ක්‌ෂේත්‍රයට අවශ්‍ය කරන ඉංජිනේරුවන් බිහිකිරීම සඳහා මෙම උපාධි පාඨමාලාව වැදගත් වන බව මෙම අවස්‌ථාවේදී කතා කළ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සමග ඒකාබද්ධව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හැකි වීම අතිශයින් වැදගත් යෑයි ගිවිසුමේ පාර්ශවකරුවකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර් හිරිඹුරේගම මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය යළි පිහිටුවීමට හැකියාව ලැබෙන බවද උප කුලපතිවරයා කීවේය.
විදුලි සංදේශ ක්‌ෂේත්‍රයට අවශ්‍ය ඉංජිනේරුවන් බිහිකිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කෙරෙන මෙම උපාධිය දැවැන්ත පිම්මක් යෑයි මෙම අවස්‌ථාවට එක්‌වූ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා ප්‍රකාශ කළේය.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්‌ථාවට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා යන මහත්වරු ඇතුළු නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2014/04/16/velanda01.html






0 comments:
Post a Comment