Pages

Wednesday, April 23, 2014

විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...

චෝදනාවට ලක්‌ව ඇති නිවාස තනා ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමියේ බවට අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුනහොත් එම නිවාස අදාළ භූමියෙන් ඉවත් කරගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා ඊයේ (22 දා) විල්පත්තුවේදී පැවැසුවේය.

මාධ්‍යවේදීන් විසින් විල්පත්තුවේ ඊයේ (22 වැනිදා) සිදු කළ සංචාරයේදී විශේෂ ප්‍රකාශයක්‌ කළ ඇමැතිවරයා එසේ කීවේය.

විල්පත්තුවේ මුසෙලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මරිච්චිකට්‌ටි මරක්‌කාර්කිට්‌ ප්‍රදේශයේ තාවකාලිකව නිවාස හැත්තෑ තුනක්‌ ඉදිකර ඇති අයුරු මෙම සංචාරයේදී මාධ්‍යවේදීන්ට නිරීක්‌ෂණය විය.

ඇමැතිවරයාද මාධ්‍යවේදීන් සමග මෙම නිරීක්‌ෂණ චාරිකාවට එක්‌වූවේය. මුසෙලි ප්‍රාදේශීය සභා සභාපති ඒ. ඊ. ඊ. යෙහියා මහතා සහ රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක්‌ද මෙම සංචාරයට එක්‌ වූහ.

මෙම නිවාස ඉදිකර ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමි සීමාවේ නොවේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුසෙලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳ නොදන්නා බවය. මෙම ජනතාව 1994 ට පෙර සිට මෙහි පදිංචිව සිටින බවද හෙතෙම කීවේය.

මාධ්‍යවේදීන්ට මේ පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා දිසාපතිවරයා සහභාගි කර නොගන්නේ මන්දැයි මාධ්‍යවේදීහු ඇමැති බද්යුදීන් මහතාගෙන් විමසා සිටියහ. එහිදී ඔහු පැවසුවේ "මෙය හදිසියේ මාධ්‍යවේදීන්ට සංවිධානය කළ සංචාරයක්‌" බවය.

ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් සහ මෙම නිවාසවල පදිංචි ජනතාවගෙන්ද, පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන්ගෙන්ද මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීම හමුවේ ඔවුන් එකිනෙකට පරස්‌පර පිළිතුරු ලබාදුන් අතර ඇතැම්හු එම ප්‍රශ්න හමුවේ නිරුත්තර වූහ.

සිරිමන්ත රත්නසේකර, තරංග රත්නවීර විල්පත්තුවේ සිට
http://www.divaina.com/2014/04/23/news31.html

Pic Source

සබැඳි ලිපි - [නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: