Pages

Monday, April 21, 2014

කෙටි කාලයකින් සුන්දර දියඇලි 18ක් නරඹන්න කාර්යක්ෂම මඟක්

දෙස් විදෙස් සංචාරයන් සඳහා   පැය හයක පමණ් වේලාවක් තුල නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇති සුන්දර දියඇලි 18ක් තුළදී නැරඹිය හැකි මාර්ග සිතියමක් නුවරඑළිය නගර සභාව විසින් හඳුන්වා දී ඇත.

නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා පවසන්නේ නුවරඑළිය නගරයේ සිට බ්ලැක්ෆූල් හන්දිය හරහා නානුඔය, තලවාකැලේ, පූඩළුඔය, කොත්මලේ, තවලන්තැන්න, රම්බොඩ හරහා යළි නුවරඑළිය නගරයට පැමිණිය හැකි පරිදි මෙම මාර්ග සිතියම සකසා ඇති බවයි.

නගරය හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී අධික වෙහෙසක් නොදරා මධ්‍යම කඳුකර ප‍්‍රදේශයේ පිහිටි උසින් වැඩි අතිසුන්දර දියඇලි 18ක් පැය හයක් වැනි කෙටි කාලයකින් දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි බවද ඒ මහතා කීය.

ලවර්සිල්ප් දියඇල්ල, ග්ලේන් දියඇල්ල, සිල්වර් දියඇල්ල, නානුඔය දියඇල්ල, සෙන්ටර්ක්ලෙයාර් දියඇල්ල, ඩෙවන් දියඇල්ල, සෙන් ඇන්ඩෲස් දියඇල්ල, ෂින් දියඇල්ල, ගැරඩිඇල්ල, රම්බොඩ පළමු හා දෙවන දියඇල්ල, ග‍්‍රීන් හිල්ටොප් දියඇල්ල, වින්ඩි කෝනර් පළමු හා දෙවන දියඇළි මෙසේ නැරඹිය හැකිය.

http://lankacnews.com/sinhala/news/114094/

Pic Source

0 comments: