Pages

Sunday, April 20, 2014

ඉසුරු දෙවිදුගේ සිහිනයෙන් උපන් අවුරුදු රබානේ වගතුග

ලංකාවාසී අපට රබාන අමුත්තක්‌ නොවේ. මෙය රට පුරා ගෙයක්‌ දොරක්‌ නෑරම භාවිතයට සූදානමින් බිත්තියේ පසෙක එල්ලා තිබෙනු දැකිය හැකිය. මහ රබාන බංකු රබාන නමින් ජනප්‍රවාදයේ මෙය හඳුන්වා ඇත. ස්‌ත්‍රී පක්‌ෂයේ විනෝද භාණ්‌ඩයක්‌ ලෙස ආදරය කරන රබාන ගැන එහි පුරා විදු වටිනාකමත් එහි උපත පිළිබඳවත් රසවත් දැ පොත පතින් හෙළිදරව් කර ඇත. රබන් කලාව ආතෝද්‍යයනම් බ්‍රහ්මයා විසින් පංචතූර්ය නාදයෙන් පිඩුකොටගෙන තනන ලද කළඹකැයි කියනු ලැබේ. මෙය උපයෝගි කොටගත් නර්තනයක්‌ පළමුවෙන්ම පවත්වන ලද්දේ මහා සම්මත රජු ඉදිරියේ බවද මතයකි. ඉසිරු දෙවිඳු රාත්‍රියේ දුටු සිහිනයක්‌ පරිදි පොරොවක්‌ ගෙන වනයට ගොස්‌ සඳුන් ගසක්‌ කපා එයින් රෝදයක්‌ ලියවා එය මළ සතෙකුගේ හමක්‌ ගසා රබානක්‌ සාදාගත් බවත් මුලින්ම රබාන වාදනය කළේ පත්තිනි දේවියගේ විවාහ මංගල්‍යයේදී ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් මවාගත් රබානෙන් බවත් තවත් මතයකි.

රබානේ ව්‍යාප්තිය

රබන් වැයීමට සිංහල රජ දරුවන්ගේ කාලයේදී රාජකීය උත්සව වලදී මුල් තැනක්‌ හිමි විය. සිංහල සංස්‌කෘතියේ චාරිත්‍රයක්‌ ලෙසද රබන් වාදනයට විශේෂ තැනක්‌ හිමිවිය. මේ වරප්‍රසාද පිළිගැනීම නිසා ගැමි ජනයාට ඔවුන්ගේ මඟුල් තුලා සමග ඈඳෙන පවුල් සංවිධාන තුළ කෙරෙන නොයෙක්‌ උත්සව සඳහා ප්‍රීතිය සතුට විදහා දැක්‌වීමට රබාන ස්‌ත්‍රී පක්‌ෂයට ආඩම්බර වීමට කරුණක්‌ විය. අප රටේ පවත්වන අවුරුදු උත්සවය, ප්‍රභූන් පිළිගැනීම, රබන් ගැසීමේ තරග යනාදිය පවත්වන්නේ සංගීතාත්මක වින්දනයක්‌ එහි ගැබ්ව ඇති බැවිනි. රබන් වාදනය කිරීමේදී පාවිච්චි කරන තාල, සව්දම්, සුරල් සහ වන්දමාන රාශියකි. වාදනයේදී මතුවන රිද්මයට ගැළපෙන රිද්මයක්‌ ගායනයේදී මතුවනු පිණිස ඊට උචිත අන්දමින් ගායනයද බැඳී ඇත. ගෘංගාරාත්මක අදහස්‌වලින් හෙබි රබන්පද කොතෙකුත් ඇත. රබන් පද යනු රබාන නමැති දේශීය අවනද්ධ භාණ්‌ඩය වටා ගෙතුන එහි වනිය අනුකරණය කෙරෙන ශබ්ද අර්ථාන්විත වාග් ප්‍රායෝගයද යන අංශ දෙකින් සම්මිශ්‍රණය වුණු අනුප්‍රාස ලක්‌ෂණයෙන් හෙබි ගීතවත් හා ප්‍රබල රිද්මයකින්ද ශ්‍රව්‍යමය ගුණයෙන්ද යුත් සාහිත්‍යාංගයකි.

රන් රඹුටන් ගස්‌ දෙක යට වළි කුකුලන් පස්‌දෙනයි උන්ට කන්ට බත් දෙනකොට උඹත් එක්‌ක ලස්‌සනයි.

රාං කිරිල්ලිය - රාං කිරිල්ලිය

රාං කුරල්ලට එන්ට කියාපිය

රං සළුවක්‌ ඇඳ ගන්ට කියාපිය

රං පුටුවක්‌ මත ඉන්ට කියාපිය

මෙවැනි රබන් පද ගීයක ප්‍රධාන වශයෙන් රිද්මය හා ශබ්ද ආකාර්ෂණීයෙනුත් අවශේෂ වශයෙන් කවි සංකල්පනාවෙන්ද ආභාෂය ලබා නිර්මාණය කරන ලද්දක්‌ බව පෙනේ.

අපේ ගම්බද වනිsතාවෝ රබන් ගැසීමට දක්‍ෂයෝ වෙති. අත්මාරු හරඹා සුරල් අත්රංගනයෙන්ද රබන් පද රාශියක්‌ දැනීමද රබන් වාදනයෙන් විවිධ විලාසිතා ගැන නිපුනත්වයක්‌ ඔවුන් සතුවිය. ඔවුන්ගේ කෝමල දැතෙහි සිහින් ඇඟිලි තුඩු වැදී රබානෙන් නැගෙන තාලය මඟුල් මුසු නැවුම් සුවයක්‌ මෙන්ම රංගනයට අර ඇඳීම මක්‌ද අනාවරණය කෙරේ. ගම්බද වැඩිහිටි පිරිමි පක්‌ෂයද තුංතුඹමල් තුනක්‌ ගන්ට දැතට මල් දෙකක්‌ ගන්ට කියමින් රබාන වටා ප්‍රීතියෙන් නට නටා අත්පුඩි ගසති. කිතුල් මල් පැණියෙන් සප්පායම් වුණු ඇතැම් පිරිස්‌ද අවුරුදු ප්‍රීතියෙන් සිනා සිසී නටති.

පියදාස වීරසිංහ
http://www.divaina.com/2014/04/13/feature06.html

0 comments: