Pages

Sunday, April 20, 2014

විහාර දේවාලගම් සතු ඉඩම් රජයට පවරා ගන්නේ නෑ - ඉඩම් ඇමති

විහාර දේවාලගම් සතු ඉඩම් නීති විරෝධී ලෙස රජයට පවරා ගැනීමට හෝ බලහත්කාරයෙන් අත්පත්කරගෙන භුක්‌ති විඳින පුද්ගලයන්ට ලබාදීමට හෝ රජය කිසිසේත් කටයුතු නොකරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින"ට කීය. 

මහා සංඝරත්නයේ ඉල්ලීම්වලට කන් දෙන්න තමන් හැම විටම සූදානම් බවත් බිම් සවිය වැඩසටහන නිසා විහාර දේවාල සතු ඉඩම් කිසිසේත්ම ඒවාට අහිමි නොවන බවත් ජනක බණ්‌ඩාර මහතා පැවැසීය. නමුත් හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ යම් ගැටලුවක්‌ තිබෙනවානම් ඒ පිළිබඳව පුළුල්ව විමර්ශනයක්‌ කොට හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරනු ලැබූ බවත් දැන් එම වාර්තාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙන බවත් ඇමැතිවරයා කීය.

එමෙන්ම හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතියක්‌ ලබාගෙන තිබෙන බවත් එම නිසා මහා සංඝරත්නයට බස්‌නායක නිලමේවරුන්ට බිය වීමට කිසිම හේතුවක්‌ නැති බවත් රජය හැම විටම කටයුතු කරන්නේ මේ රටේ ඉඩම් නීතියට අනුව බවත් හෙතෙම පැවැසීය.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/04/18/news06.html

Pic Source

0 comments: