
47 වැනි වරටත් මෙවර පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා කෘෂි රසායනික භාවිතයෙන් තොරව 2013/2014 මාස් කන්නයේ නිෂ්පාදනය කරන ලද සහල් යොදාගන්නා බව විශේෂ ව්‍යාපෘති ඇමැති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
රට පුරා සිටින ගොවි මහත්වරුන් කොමසාරිස්‌වරුන් සහභාගි වන අලුත් සහල් රැගත් පෙරහැර පෙරවරු 7.00 ට ආරම්භ වී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ළඟාවීමට නියමිතය.
අටමස්‌ථානාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරුමැද ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත්, ඇමැති තිස්‌ස කරල්ලියද්ද යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමැතිවරු පිරිසක් මේ අවස්‌ථාවට එක්‌වෙති.
අනුර බාලසූරිය
http://www.divaina.com/2014/04/02/news04.html
Pic Source
0 comments:
Post a Comment