2014 ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වී ඇත. පුරා සති පහක් තිස්‌සේ ක්‍රියාත්මක වන ලොව විශාලතම මැතිවරණය පිළිබඳව සමස්‌ත ලෝකයේම අවධානය යොමු වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දීය ලෝක් සභාව නොහොත් පහළ මන්ත්‍රී මණ්‌ඩලය සඳහා මන්ත්‍රීවරු 543 ක් තේරීම සඳහා පැවැත්වෙන මෙම මැතිවරණය නිදහස් ඉන්දියාවේ 16 වැනි ලෝක් සභා මැතිවරණයයි. උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ "ඇමෙති' කොට්‌ඨාසයෙන් තරග වදින රාහුල් ගාන්ධි අගමැති වන්නේද, නැත්නම් බරණැසින් නොහොත් වාරණාසියෙන් ඉදිරිපත් වන නරේන්ද්‍ර මෝඩි අගමැති වන්නේද යන්න දැන ගත හැකි වන්නේ මැයි 16 වැනිදා ඉන්දීය මැතිවරණ කොමසාරිස් වී. කේ. සම්පත් මහතා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.
ඉන්දීය මැතිවරණය මානව ඉතිහාසයේද එක් වැදගත් අවස්‌ථාවක් වන්නේ ලොව ප්‍රථම වතාවට මිලියන 814 ක් වන ලියාපදිංචි ඡන්දදායකයන් පිරිසක් මේ මැතිවරණයේදී සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට යැමට නියමිතව සිටීමය. නව ඉන්දීය අගමැතිවරයා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජුනි 01 වැනිදාය. ඉකුත් 07 වැනිදා ඉන්දීය වේලාවෙන් පෙ. ව. 7. ට ඇසෑම් ප්‍රාන්තයේ හා ත්‍රිපුර ප්‍රාන්තයේ ඡන්ද විමසීම් කටයුතු ආරම්භ විය. බංගලාදේශයට හා භූතානයට මායිම් වන මේ ප්‍රාන්තවල මැතිවරණ කටයුතු ආරම්භ වෙද්දී දේශ සීමා ආරක්‍ෂාව ද තර කර තිබිණි. ඇසෑම් ප්‍රාන්ත වැසි 36 හැවිරිදි ගෘහනියක් වන රුමි නාත් ප්‍රකාශ කර සිටියේ තමන් මෙවර ඡන්දය ලබා දෙන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන් බවයි. බ්‍රහ්මපුත්‍ර ගංගාව අසල පිහිටි ලක්‌මීපූර් ගම්මානයේ වැසියෙක් වන රුමිනාත් පවසන්නේ ගෙවුණු 67 වසර තුළ තම ප්‍රදේශය සංවර්ධනය වී නැති බවයි. ඇසෑම් ප්‍රාන්තයේ බලය හිමි වී තිබෙන්නේ කොංග්‍රස් පක්‍ෂයටය. ඉන්දියාව පුරාම මෝඩි රැල්ලක් පැතිරුණ ද ඈත පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ නම් එවැනි ජන බලවේගයක් ගොඩනැගී නොමැති බව ඉන්දීය මාධ්‍ය කියයි.
ඇසෑම් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්‍ෂයට සැලකිය යුතු ජනපදනමක් නොමැති වුවද, එම පක්‍ෂයේ සභාපති රාඡ්නාත් සින් පවසන්නේ මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 543 න් 300 කට වඩා තම පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ජයග්‍රහණය කරන බවයි. ඉන්දීය මත සමීක්‍ෂණ ආයතන මෙන්ම විදේශීය සංවිධාන ද සිදුකළ සමීක්‍ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ මෙවර මැතිවරණයෙන් වසර 10 ක කොංග්‍රස් පාලනය බිඳ වැටෙන බවයි. මත සමීක්‍ෂණ කොපමණ පැවැත්වුවද. ඉන්දීය මැතිවරණයේ නිවැරැදි ප්‍රතිඵල දැක ගත හැකි වන්නේ මැයි 16 වැනිදාට ය. රාඡ්නාත් සින් තම පක්‍ෂය ආසන 300 ක් ලබා ගන්නා බව පැවසුවද, මත සමීක්‍ෂණ අනුව පෙනී ගොස් තිබෙන්නේ භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 200 ට වඩා ලබා ගන්නා බවය. කවරක් වෙතත් 63 හැවිරිදි නරේන්ද්‍ර මෝඩි 43 හැවිරිදි රාහුල් ගාන්ධි පරාජය කරනු ඇති බව නම් පැහැදිලිය. 1998 - 2004 කාලයේ පැවැති භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුව පකිස්‌තානය සමඟ යහපත් සබඳතා ගොඩනගා ගත් අතර ආර්ථික ප්‍රතිසංස්‌කරණ ද සිදු කළේය. එහෙත් ඔවුන් සිදු කළ න්‍යෂ්ටික අත්හදාබැලීම් මෙන්ම පාසල් පෙළ පොත් වෙනස් කිරීම ද බරපතළ විවේචනයට ලක් විය.
මෑතකදී පිහිටුවනු ලැබූ ආම් ආද්මි පක්‍ෂය ඉන්දියාව පුරා තෙවැනි බලවේගයක් ලෙස ගොඩනැගෙමින් පවතින බව ප්‍රකට රහසකි. ආම් ආද්මි පක්‍ෂයේ නායක අරවින්ද් කෙඡ්රිවාල් කෙලින්ම නරේන්ද්‍ර මෝඩිට අභියෝග කරන අතර ඔහුද වාරනාසි ඡන්ද කොට්‌ඨාසයෙන් තරග වැදී භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයාට අභියෝග කිරීමට ද සූදානම් විය. එහෙත් භාරතීය ජනතා පක්‍ෂ සභාපති රාඡ්නාත් සින් පවසන්නේ තමන් ආම් ආද්මි පක්‍ෂය ගැන එතරම් බරපතළ ලෙස නොසලකන බවය. කෙසේ වෙතත් ආම් ආද්මි පක්‍ෂයේ නායක කෙඡ්රිවාල්ට නම් මේ දිනවල උදා වී ඇත්තේ යහපත් කාලයක් නම් නොවේ. ඔහු ඉකුත් අඟහරුවාදා වයඹ දිග දිල්ලයේ සුල්තානාපූර් හි මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන විට කුලී රථ රියෑදුරෙක්‌ගේ ප්‍රහාරයට ලක්‌විය. කෙඡ්රිවාල් සිය ආධාරකරුවන්ට අතට අත දෙන විට එතැනට පැමිණි කුලී රථ රියෑදුරා මේ නායකයාගේ කම්මුලට පහර දී ඇත.
කෙඡ්රිවාල් පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ භාරතීය ජනතා පක්‍ෂයයි. මාර්තු 28 වැනිදා හර්යානා ප්‍රාන්තයේදී කෙඡ්රිවාල් ප්‍රහාරයකට ලක්‌විය. එමෙන්ම වාරනාසි හි මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන විට ද ආම් ආද්මි පක්‍ෂයේ නායකයාට තීන්ත ප්‍රහාරයක් එල්ල විය. කෙඡ්රිවාල්ට ප්‍රහාර එල්ල වන විට නරේන්ද්‍ර මෝඩි සිනා සෙන බව අමුතුවෙන් කිව යුත නැත. දිල්ලියේදී තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මාධ්‍ය ඇමතූ කෙඡ්රිවාල් ප්‍රකාශ කළේ ඉදිරියේදී තමා මරා දැමීමට විරුද්ධවාදීන් කටයුතු කිරීමට ඉඩ ඇති බවය. කෙඡ්රිවාල්ගේ දූෂණ විරෝධී සටන පිළිබඳව ඉන්දීය ප්‍රකට ව්‍යාපාරියන් නම් එතරම් කැමැති නැත. ආම් ආද්මි පක්‍ෂයේ නායකයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මෝඩි මෙන්ම රාහුල් ගාන්ධි ද මුකේෂ් අම්බානිගේ සාක්‌කු= දෙකේ සිටින බවය. මුකේෂ් අම්බානි යනු ඉන්දියාවේ ප්‍රමුඛතම ධනවතා වන අතර ලෝකයේ ධනපති ලැයිස්‌තුවේ පළමු දස දෙනා අතර සිටින පුද්ගලයෙකි.
ඉන්දීය මැතිවරණය ක්‍රියාත්මක වෙද්දී එරට මුස්‌ලිම් ජනතාවගේ සහාය කුමන පක්‍ෂය වෙත නැඹුරුවේද යන්න පිළිබඳ බරපතළ විවාදයක් පවතී. ඉන්දියාවේ ජනගහනයෙන් 13% ක් මුස්‌ලිම් ජාතිකයන් වේ. එරට බහුතර මුස්‌ලිම් ජනතාව නරේන්ද්‍ර මෝඩි දෙස බලන්නේ සැකයෙන් බව රහසක් නොවේ. 2002 ගුජරාටයේ ඇති වූ හින්දු - මුස්‌ලිම් කෝලාහලයෙන් දහසකට අධික මුස්‌ලිම් ආගමිකයන් පිරිසක් ඝාතනය විය. මේ ඝාතන චෝදනාව එහි ප්‍රාන්ත මහ ඇමැති නරේන්ද්‍ර මෝඩිට ද එල්ල විය. එනිසාම 2005 දී ඇමරිකාව මේ මහ ඇමැතිට වීසා ලබා දීම ද ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් දැන් විරෝධය සමනය වී ඇත. නරේන්ද්‍ර මෝඩි මීළඟ අගමැතිවරයා වනු දැන ඇමරිකාව ඔහු වෙත සුහදත්වයේ හස්‌තය දිගු කර ඇත. මේ අතර ඉන්දියාවේ සුන්නි මුස්‌ලිම්වරුන්ගේ නායකයකු වන මවුලානා අර්ෂාඩ් මදානි පවසන්නේ නරේද්‍ර මෝඩි බලයට පත්වුවහොත් ඉන්දියාව කෑලි කෑලිවලට කැඩී යැමේ අවදානමක් මතුවන බවයි. මෝඩි අගමැති වුවහොත් එයින් පසු මුස්‌ලිම් ජාතිකයන්ට ඉතා නරක කාලයක් උදාවනු ඇතැයි ද මේ සුන්නි නායකයා ප්‍රකාශ කර ඇත. උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන අසාම් ඛාන් ප්‍රකාශ කර සිටියේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වීමෙන් භාරතයට යහපතක් නොවන බවයි. කාගිල් යුද්ධය ජයගනු ලැබුවේ හින්දු සොල්දාදුවන් විසින් නොව මුස්‌ලිම් සොල්දාදුවන් විසින් බවත් මොහු පවසා තිබිණි.
ඉදිරි මහ මැතිවරණයේදී හින්දු මධ්‍යම පන්තිය නරේන්ද්‍ර මෝඩි වටා රොක්‌වනු ඇත. 2009 මැතිවරණයට වඩා මෙවර අලුතෙන් ලියාපදිංචි වූ ඡන්දදායකයන් ප්‍රමාණය කෝටි දහයකි. මේ කෝටි දහය ඡන්ද දෙන්නේ කාටද? 2009 මැතිවරණයේදී කොංග්‍රස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 262 ක් හිමි වූ අතර, භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 159 ක් හිමිවිය. 2009 මැතිවරණයේදී කොංග්‍රස් සන්ධානයට සිය ආසන ප්‍රමාණය 59 කින් වැඩිකර ගත් අතර භාරතීය ජනතා පක්‍ෂය සිය ජනතා පදනම ආසන 19 කින් අඩුකර ගත්තේය.
2009 දී භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා වූයේ ලාල් ක්‍රිෂ්ණ අද්වානි ය. නමුත් මෙවර අගමැති අපේක්‍ෂකයා වන්නේ නරේන්ද්‍ර මෝඩි ය. මෝඩි රැල්ල ඉන්දියාව පුරාම හඹා යයි. හින්දුත්ව පදනම මත මෙවර ඉන්දීය ආණ්‌ඩුව පෙරළෙයිද? ඒ දෙස අප විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2014/04/13/forign.html

0 comments:
Post a Comment