
එකී සංචාරය ගැන උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් හා ජී. සී. සිවාලිංගම් විසින්ද දැඩි විරෝධය පා තිබේ.
ද්‍රවිඩ සංධානයේ දකුණු අප්‍රිකානු සංචාරයට කොටි හිතවාදී සංවිධාන හයක නියෝජිතයන් සහභාගී වීමට තීරණය වී තිබුණත් අවසන් මොහොතේ ඔවුන් ඊට සහභාගීවීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම අර්බුදයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට පත් කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ගිය ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්‌ඩායම නිසි පියවර නොගැනීමයි.
ආර්. සම්බන්දන්ගේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ බලධාරීන් හමු වූ ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම තමන් සාකච්ඡා කළ කරුණු මෙතෙක් හෙළි කර නැත. එම තොරතුරු උතුරේ ජනතාවට හෙළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවද අවලංගු වී ඇත. එහෙත් ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ සංධානය අතර පවතින අර්බුදය ගැන විසඳුමක් ඇති කර ගැනීම සඳහා දකුණු අප්‍රිකානු විශේෂ තානාපති සිරිල් රම්පෝසා ශ්‍රී ලංකාවට පැමිණීමට ගත් තීරණයට ද්‍රවිඩ සංධානය එකඟ වී තිබේ.
මේ අතර මෙවර මැයි දිනයේ තේමාව ස්‌වයංපාලනය යෑයි ද්‍රවිඩ සංධාන මන්ත්‍රී මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.
සේනාධිරාජාගේ මෙම ප්‍රකාශය ද්‍රවිඩ සංධානය හා රජය අතර ගැටුමකට මුල්වන බව ආරංචි මාර්ග කියා සිටී.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/27/news07.html
Pic Source
0 comments:
Post a Comment