දිවංගත ශ්‍රේෂ්ඨ ජන නායකයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී (වර්ෂ 1968 දී) අරලියගහමන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙහි ලියුම්කරු විසින් ඩී. ඇස්. සේනානායක සමරු කලාපය පිළිගැන්වූ අවස්‌ථාව.
සෑම වසරකම අප්‍රේල් මස 13 වැනිදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන විට නිතැතින්ම අප මතකයට නැගෙන ශ්‍රේෂ්ඨතම ජන නායකයා දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමාය.
ඩඩ්ලි යන අකුරු තුනේ නම ඇසෙන දකින කියෑවෙන විගසම ලොකු කුඩා කොයි කාගේත් මතකයට නැඟෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන්ය.
ඩඩ්ලි අවංක බවේත්, කාරුණිකත්වයේත් සත්‍යවාදී බවේත් ප්‍රතිමූර්තියක් ලෙස සැමගේම පිළිගැනීමට ලක් වූ එමෙන්ම මානව හිතවාදී ගුණාංගයන්ගෙන් පිරිපුන් හදවතක් සහිත මහත්මා දේශපාලනය පිළිබඳ මුළුමහත් ලොවටම මහඟු ආදර්ශයක් වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකි.
නමින් මෙන්ම ක්‍රියාවෙන්ද හැසිරීමෙන්ද නියම සේනානායකයකු වූ ඔහු වරක් දෙවරක් නොව සිව්වරක්‌ම මේ රටේ රාජ්‍ය නායක අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඉතා ජනප්‍රිය ජනකාන්ත ජනරංජන ජන නායකයකු විය.
1911 ජුනි මස 19 වැනිදා ජාතික නිදහස් සටනේ අද්විතීය සෙන්පතියකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේත් එම මැතිනියගේත් දෙටු පුත් රුවන ලෙස මෙලොව එළිය දුටු ඩඩ්ලි සේනානායක මැතිදුන් ජීවත් වූයේ 62 වසරක කාලයක් පමණකි. එම හැට දෙවසරක කාලය තුළ ඔහු විසින් කරන ලද ජාතික ආගමික සමාජයීය සේවාවන් සංඛ්‍යාව අතිවිශාලය.
මේ රටේ ජාතික නිදහසත් කෘෂිකාර්මික සංවර්ධනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් උදෙසා ඉතා වටිනා මෙහෙවරක් ඉටු කළ එතුමා දේශපාලනයට පිවිසියේ සූවිසි හැවිරිදි තරුණයකු වශයෙන් 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දැදිගම මන්ත්‍රීවරයා ලෙස පත්වෙමිනි.
1939 දී ලංකා ජාතික සංගමයේ සමලේකම් ධුරයකට ඔහු පත් වූ අතර අනෙක් සමලේකම්වරයා වූයේ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාය. එදා යොවුන් වියේ පසු වූ ඩඩ්ලි ඡේ. ආර්. තරුණ නායක දෙපළම ජාතික සංගමය ජාතික නිදහස උදෙසා සටන් කරන ප්‍රබල විමුක්‌තිකාමී සංවිධානයක් බවට පත් කරලීමට කටයුතු කළේ දැඩි උනන්දුවකිනි. ඒ සඳහා අදිරද වාදයට එරෙහි වූ සෑම දෙනාම එකමුතු කර ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂය විය.
අධිරාජ්‍ය විරෝධී සැවොම එකම ධජයක් යටතට එක් රොක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන එදා සිටි කොමියුනිස්‌ට් පක්‍ෂයේ නායකයන්ද ජාතික සංගමයට එක් කර ගැනීමට මෙම දෙපළ ක්‍රියා කළ නිසා ඩී. ඇස්. සේනානායක මැතිතුමා ඊට එරෙහිව ජාතික සංගමයෙන් ඉවත් වූ බවද පැවසේ.
සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ අනුව බිහිවූ ඩොමීනියන් නව ආණ්‌ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුව ඇතිවිය. එම පාර්ලිමේන්තුව මැති සභා දෙකකින් යුක්‌ත විය. එය නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය හා උත්තර මන්ත්‍රී මණ්‌ඩලය (සෙනෙට් සභාව) යනුවෙනි. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය සඳහා ප්‍රථම මැතිවරණය පැවැත්වූයේ 1947 දීය. එම මැතිවරණයේදී දැදිගම අසුනට තරග කොට ඉතා පහසු ජයක් ලබාගත් ඩඩ්ලි සේනානායක මහතා ඩී. ඇස්. සේනානායක මැතිඳුන්ගේ නායකත්වයෙන් බිහි වූ නිදහස් ලංකාවේ ප්‍රථම අමාත්‍ය (කැබිනට්) මණ්‌ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා වශයෙන් පත්විය.
කෘෂිකර්මය පිළිබඳ පොත පත කියවීමෙන් ලබාගත් දැනුම් සම්භාරයත් සිය පියාණන්ගෙන් ලැබුණු වටිනා උපදෙසුත් උපයෝගි කර ගනිමින් කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට සුවිසල් සේවාවක් ඉටු කළ ඩඩ්ලි ඉතා සාර්ථක කෘෂිකර්ම ඇමැතිවරයකු විය.
ගල්ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරැඹීමෙහි ලා මූලික වූයේද එතුමාය. මහවැලි ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙසද එතුමා හැඳින්විය හැක. පෙර සිංහල රජ දරුවන් අනුව යමින් වැවයි දාගැබයි සංකේත කරගත් සමෘද්ධිමත් දැහැමි නිවහල් දේශයක් බිහි කිරීමට විශාල වෙහෙසක් දැරූ එතුමා ඒ සඳහා මුළු ජීවිතයම ඇප කැප කොට කටයුතු කළේය.
1952 මාර්තු 22 වැනිදා සිය පියාණන්ගේ හදිසි වියෝවෙන් පුරප්පාඩු වූ අගමැති ධුරයට පත්වෙමින් මෙරට දෙවැනි අගමැතිවරයා විය. 1952 මැතිවරණයද 1960 මාර්තු මැතිවරණයද 1965 මහර මැතිවරණයද විශිෂ්ට ලෙස ජයගෙන අගමැති විය. ඒ සෑම අවස්‌ථාවකම එතුමාගේ ප්‍රමුඛත්වය හිමිවූයේ ගොවිකමත් ගොවියාත් නංවාලීමට කටයුතු කිරීම කෙරෙහිය.
ජාති ආගම් කුලමල භේදවලින් තොරව එක්‌සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අවංකවම ඇප කැප විය. මෙරට වෙසෙන සියලු ජන කොටස් අතර සමගිය සහජීවනය නිතරම පැතීය.
දේශපාලන නායකයකු වශයෙන් පමණක් නොව බෞද්ධ නායකයකු ලෙසද සැලකිය හැකි එතුමා විදේශ පාලන යුගවලදී නැති වී ගිය බොදු අයිතිවාසිකම් යළි බොදුනුවන්ට හිමිකරදීම පිළිබඳවද දැඩි උනන්දුවක් දැක්‌වීය.
ශ්‍රී ලංකාව සුරාවෙන් සූදුවෙන් තොර දැහැමි දේශයක් කිරීමට කටයුතු කළ එතුමා අමද්‍යප මහ සභාවේ මෙන්ම සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, මහාබෝධි සමාගම, කොළඹ තරුණ බෞද්ධ සංගමය, පරම විඥනාර්ථ බෞද්ධ සමාගම ආදී දිවයිනේ ප්‍රධාන පෙළේ බෞද්ධ සංවිධානවලට. පුරෝගාමී නායකයකු විය. විවිධ අවස්‌ථාවන්හි වගකිවයුතු නිලතල හොබවමින් එම ආයතනවල දියුණුව සඳහා අත හිතදී කටයුතු කළේය.
1965 දී අගමැති ධුරයට පත්වූ එතුමා සතර පොහොය නිවාඩුව ඇති කිරීමටද මූලික විය. මෙරටින් ලොවට දිය හැකි උතුම්ම ත්‍යාගය බුදුදහම බව මැනවින් වටහා ගෙන සිටි එතුමා ඒ සඳහා හැකි සෑම විටම ක්‍රියාකාරීව ඉදිරිපත් විය. දිවංගත බණ්‌ඩාරනායක අගමැතිතුමන් සමග එක්‌වී ජර්මන් ධර්මදූත සංගමය ආරම්භ කොට ජර්මනියේ බුදුසසුන ස්‌ථාපිත කිරීමටද පෙරමුණ ගත්තේය.
සිව් වරක්‌ම රටක රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වූ ඩඩ්ලි සේනානායක මහතා සිය දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවා ගෞරවාදරයට බඳුන් වූ නායකයෙකි.
විරුද්ධවාදීන්ගේ රැවුම් ගෙරවුම් නින්දා අපහාස මෙන්ම කරදර බාධක හමුවේ සිනහමුසු මුහුණින් කටයුතු කළ එතුමා පළිගැනීම සහමුලින්ම පිළිකුල් කළ නායකයකු විය.
බුදු දහමත් බොදු දසුනත් පිළිබඳ ගැඹුරු වැටහීමකින් යුතුව දිවි ගෙවූ එතුමා පිළිවෙත් ගරුක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බොදුනුවකු විය. සමස්‌ත බෞද්ධ ලෝකයාගේ මුදුන් මල්කඩක් බඳු පරම පූජනීය මහියංගන චෛත්‍ය රාජයා ප්‍රතිසංස්‌කරණය කිරීමට ද පුරෝගාමීව කටයුතු කළේය. සල්ගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායකයාද විය. ඕනෑම බරපතළ විවේචනයන් හමුවේ වුවද සිනහමුසු මුවින් සවන් දීමට තරම් ඉවසීමේ ශක්‌තියක් එතුමා තුළ පැවතියේ ඩඩ්ලි සේනානායක වචනයේ සැබෑ අරුතින්ම අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් හැඳින්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පවා කරන ලොකු ගෞරවයක් ලෙස සැලකිය හැක.
රටේත් ලොවේත් ප්‍රජාතන්ත්‍රවාදයෙත් උපන් නිදහසත් තහවුරු කිරීමට ඝෝෂා කරන, වලිකන ඇතැම් නායකයන්ගේ පක්‍ෂ තුළ පවා ප්‍රජාතන්ත්‍රවාදයක් නිදහසක් දක්‌නට නැතත් ඩඩ්ලිගේ නායකත්වය යටතේ ඔහුගේ පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක වූ බව පිළිගත යුතු ඉතා වැදගත් කරුණකි.
වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අතාවුද සෙනෙවිරත්න මහතා 1989 මාර්තු 22 වැනිදා විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු වශයෙන් කළ පහත දැක්‌වෙන ප්‍රකාශය වුවද ඩඩ්ලිගේ ප්‍රජාතන්ත්‍රවාදයට කදිම නිදසුනකි.
"ඩී. ඇස්., ඩඩ්ලි දුන් ප්‍රජාතන්ත්‍රවාදය අපට දෙන්න" ඒ ප්‍රකාශයයි. මෙම ලිපිය ලියන මා හටද දිවංගත ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන් සමග වසර කිහිපයක් සමීපව කටයුතු කරන්නට ලැබීම මගේ ජීවිතයේ බලවත් භාග්‍යයක් මෙන්ම වරප්‍රසාදයක් කොට සලකමි. එතුමාගේ දේශපාලන පක්‍ෂයේ තරුණ සංවිධානයේ උත්තරීතර මණ්‌ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරද්දී එතුමා කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද යන්න පසක් කර ගැනීමට අපට අපහසු නොවීය.
එතුමාගේ නායකත්වයෙන් පවතින රජයේ එතුමා යටතේම තිබූ අමාත්‍යංශයක කටයුතු වුවද නිර්දය ලෙස විවේචනය කිරීමේ හැකියාව එදා විපක්‍ෂයේ තරුණ නියෝජිතයන්ට පවා නොඅඩුව හිමි ව තිබූ බව පසක් කර ගැනීමට අපට හැකි විය. දේශපාලන පක්‍ෂයට වඩා රටේත් දැයේත් උන්නතිය නිරතුරුවම අගය කොට සැලකූ නායකයකු වශයෙන්ද එතුමා හඳුන්වාදීම ඉතාමත් සාධාරණය.
සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අගමැතිව සිටියදී ඉන්දු ලංකා පුරවැසි ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ඉන්දියාවට ගොස් එවකට ඉන්දියාවේ අගමැතිව සිටි ශ්‍රීලාල් බහදුර් ශාස්‌ත්‍රී මහතා සමග සාකච්ඡා කොට සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අත්සන් කළ මොහොතේ දී ඊට නොපැකිළව සහාය පළ කිරීමට ඉදිරිපත්වීමම එතුමාගේ දේශප්‍රේමීත්වයට ඉතා හොඳ නිදසුනකි.
මා දුටු ශ්‍රේෂ්ඨතම නායකයා මෙන්ම උතුම්ම මිනිසා ඩඩ්ලි සේනානායක මැතිතුමා යෑයි මා සටහන් කරන්නේ එතුමාගේ වියෝව මෙරටටත් ජාතියටත් සිදු වූ බරපතළ පාඩුවක් ලෙසද සිහිපත් කරමිනි.
මහවැලි නදිය හඬ නඟමින් ගලන විට
දුප්පත් පැලේ ලිප මත බත ඉදෙන විට
මහියංගන වෙහෙරෙ රන්කොත බැබළෙනා විට
මැවිලා පෙනෙයි මැති ඩඩ්ලිගෙ රුව අපට
එතුමා වැනි ආදර්ශවත් නායකයන් දුලබ කලක එවැනි නායකයකුගේ ගුණ සැමරුම පවා රටකට දැයකට මහා ආශිර්වාදයකැයි මට සිතේ.
ශ්‍රී ලංකා දේශප්‍රේමී පෙරමුණේ සභාපති කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී දේශබන්දු කේ. කරුණාදාස
http://www.divaina.com/2014/04/12/feature02.html
Pic Source

0 comments:
Post a Comment