Pages

Sunday, April 20, 2014

මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමාවට

1823 පෙබරවාරි මාසයේ දකුණේ මොහෙට්‌ටිවත්තේ උපන් මහා පඬිවර බුදුදහමේ මුරදේවතාවන් මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය ශ්‍රී ලංකාවේ අති දැවැන්ත නිෂ්පාදනයක්‌ ලෙස සිංහල සිනමාවට නැගීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර වැඩිදුර සිනමාව පිළිබඳ හදාරන සිසිල් ගුණසේකර මේ පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කිරීමට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ අමරපුර මහනිකායේ අතිපූජ්‍ය දවුල්දෙන ඥණිස්‌සර මහනාහිමියන් අනුශාසනාවක්‌ කරමින් ප්‍රකාශ කර සිටියේ ගුණානන්ද හිමියන්ගේ චරිතය සිනමාවට නැගීමෙන් බෞද්ධයන්ට කරන විශාල මෙහෙවරක්‌ බවය. 

බෙල්ලන්විල රජමහා විහාරාධිපති විද්‍යාදය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය විමලරත්න හිමියන් පැවසුවේ ගුණානන්ද හිමියන් යුගයේ අවශ්‍යතාව ඉටු කරන ලද වීරෝධාර හිමිනමක්‌ වන බවය. මොහොට්‌ටිවත්තේ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතය සත්‍ය කරුණු ඔස්‌සේ සිනමාවට ගෙන ඒම වැදගත් බව උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ සාසනෝදය නිකායේ අතිපූජ්‍ය වස්‌කඩුවේ මහින්දවංශ හිමි ප්‍රකාශ කළේ ගුණානන්ද හිමි බුද්ධ ශාසනය රැක ගැනීමට පරිත්‍යාගයෙන් කළ සේවාව ගැන සිනමාවට නැගීම ශ්‍රී ලංකාවට මෙන්ම ජාත්‍යන්තරයට ද ප්‍රයෝජනවත් වන බවය.

ගුණානන්ද හිමි චරිතය සිනමාවට නැගීමෙන් මහත් ප්‍රබෝධයක්‌ ඇති වන බව කැලණිය මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත නායක හිමිපාණන් පැවසූහ.

සුනේත්‍රාදේවි පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන් ද ගුණානන්ද හිමියන්ගේ ජීවිත කතාව සිනමාවට නැගීම පිළිබඳව ප්‍රසාදය පළ කළ අතර, ඉදිරියේදී අවශ්‍ය සහයෝගය දෙන බව පැවසූහ.

කමල් කරුණානායක, සරත් කාරියවසම්, සිසිල් ගුණසේකර මේ සාකච්ඡාවට සහභාගි විය.

http://www.divaina.com/2014/04/18/cineart01.html

0 comments: