
FTTH තාක්‍ෂණය පාදක කරගත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සහ Peo TV මගින් හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් සේවා වාණිජමය වශයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට පෙර නාරාහේන්පිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් කාර්යාලයේදී ප්‍රථම වරට එහි සභාපති ලලිත් වීරතුංග මහතාට සහ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට තත්පරයට මෙගා බයිට්‌ස් 100 වාර්තාගත වේගයකින් ප්‍රදර්ශනය කරනු ලැබීය.
FTTH සබඳතා මගින් වෙබ් මාස්‌ටර්, වෙබ් චෑම්ප් සහ වෙබ් ලයිෆ් ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස් 100 බාගත වේගයක්‌ද වෙබ් ෆඩ්ලි, වෙබ් සර්ෆර් සහ වෙබ්ප්‍රො පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස් 50 බාගත වේගයක්‌ද සපයන අතර දැනට සපයනු ලැබ ඇති Peo Tv පැකේජ සඳහා HD නාළිකා සපයනු ඇත.
මේ පිළිබඳ අදහස් දැක්‌වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ජයග්‍රහණය කිරීමට බලගන්වන පුරවැසියන් නිර්මාණය කරන සහ ඔවුනට වඩාත් යහපත් අනාගතයක් සඳහා දොරගුළු විවෘත කරන යතුර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය බවත් වසර 150 කට වැඩි සේවා කාලයක් සහිත දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙවැනි තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් නිසැකයෙන්ම රටේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ආධාරවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවද රටේ සියලු ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබාදීමයි. විදුලි සංදේශ ක්‍ෂේත්‍රය ප්‍රාසාංගික හා සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයට පමණක් නොව අධ්‍යාපනික අරමුණු සඳහාද අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිදුවන්නා වූ මෙම සියලු සංවර්ධනයන් ශ්‍රී ලංකාවට දැනුම පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක් බවට පත්වීමට සහාය වන බැවින් මෙරට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සුබ පතන බවත් වීරතුංග මහතා පැවසීය.
රටක යටිතල පහසුකම් ජාලය එහි අතිශයින්ම වැදගත් වත්කමක් වන බැවින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනිමට එය උපයෝගි කරගතයුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසීය. අද ලොව වටා දත්ත සඳහා පවතින ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. ඇතැම් විට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය ගෝලීය ආර්ථිකය තුළ වේගවත්ම පරිවර්තනයක් අත්විඳින්නක් විය හැකිය. රටතුළ සංවර්ධනයක් ඇතිවෙමින් පවතින මෙවැනි අවධියක කර්මාන්තමය මට්‌ටමේ සංවර්ධනයකට ශ්‍රී ලංකා ටෙලිකොම්හි සක්‍රීය දායකත්වය බෙහෙවින්ම අවශ්‍ය කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම FTTH තාක්‍ෂණ ව්‍යාප්ත කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙතැයි විශ්වාස කරන බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.
සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි
http://www.divaina.com/2014/04/27/economic01.html
Pic Source
1 comments:
හොඳ ආරංචියක්.
Post a Comment