Pages

Friday, April 25, 2014

වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමන

කාලයක්‌ තිස්‌සේ කරන ලද පර්යේෂණයන්ට අනුව උතුරුමැද පළාත පුරා පැතිරී ඇති වකුගඩු රෝගය නිවාරණය කිරීමට ඇති එකම මග කෘෂි රසායන භාවිතයෙන් තොර කළුහීනටි, රත්ඇල්, රත්සුවඳැල්, මඩතවාලු, සූදුරු සම්බා, කුරුළුතුඩු, මඩැල් වැනි දේශීය වීවර්ග වගාකොට ඒවායින් ලබාගන්නා සහල් පරිභෝජනයට ගැනීම යෑයි කැලණීය විශ්වවිද්‍යාලයීය වකුගඩු රෝග පර්යේෂණ කණ්‌ඩායමේ පර්යේෂක රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඡන්න ජයසුමන මහතා "දිවයින"ට කියා සිටියේය.

මේ පිළිබඳ තමන් එක එල්ලේම ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු රජරට පුරා දේශීය වී වර්ග ව්‍යාප්ත කිරීමට වහාම පියවර ගන්නැයි විශේෂ ව්‍යාපෘති ඇමැතිවරයා වන එස්‌. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස්‌ ලබාදී ඇතැයි පැවසීය.

වැඩිදුරටත් කතා කළ වෛද්‍ය ඡන්න ජයසුමන මහතා - දැන් රජරට වතුර වෙළෙඳාම ලොකුම ජාවාරමක්‌ වෙලා. වතුරේ ඇති බැර ලෝහ සහ අනිකුත් අපද්‍රව්‍ය පෙරී වතුර පිරිපහදු කරන්නේ යෑයි ජනතාව නොමග යවමින් විවිධ මිල ගණන්වලට ආනයනික ජල පෙරණ රජරට පුරා අලෙවි කරනවා. මේවායින් අපේක්‌ෂිත බැරලෝහ සහ වෙනත් අපද්‍රව්‍ය හරියට ඉවත් වෙන බවට තියෙන විද්‍යාත්මක සහතිකය කුමක්‌ද? වතුරේ බැර ලෝහ තිබේද? නැද්ද? යනුවෙන් නිවැරදිව හඳුනාගත හැකි එක්‌ යන්ත්‍රයක්‌ කාර්මික විද්‍යා ආයතනයේත් තවත් යන්ත්‍රයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේත් තියෙන බව දැන ගන්න තියෙනවා. වතුරේ බැරලෝහ තිබේද නැද්ද යනුවෙන් පරීක්‍ෂා කළ හැක්‌කේ මේ යන්ත්‍රවලින් පමණයි. දැනට රජරට පුරා අලෙවියේ ඇති විවිධ ආනයනික ජල පිරිපහදු යන්ත්‍රවලින් එය හරියට කෙරෙනවාද කියල අපි කවුරුත් දන්නෙ නෑ. මේ නිසා රටට ආනයනය කෙරෙන සියලු ආකාරයේ ජල පෙරණ යන්ත්‍රවලින් බැර ලෝහ හා අනිකුත් අපද්‍රව්‍ය ඉවත් වෙනවාද යනුවෙන් ප්‍රමිති සහතිකයක්‌ අත්‍යවශ්‍යයි. නැත්නම් මෙය මහජනතාව මුළා කිරීමක්‌ පමණයි. 

තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/04/25/provin05.html

Pic Source

සබැඳි ලිපි -
[

ලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

1 comments:

Unknown said...

අපි කාටත් වැදගත් පණිවිඩයක්. ස්තුතියි අදහස ලිපියක් මගින් යොමු කළාට.