Pages

Sunday, April 27, 2014

විස්‌සයි/20 ලෝක ශූර ක්‍රිකට්‌ විරුවන් සැමරීමට මුද්දරයක්‌

වසර 18 කට පසු ක්‍රිකට්‌ ලෝක ශූරතාවක්‌ දිනාගනිමින් ශ්‍රී ලංකාවට යළිත් අභිමානය කැන්දවූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට රජයේත් මහජනතාවගේත් උත්තමාචාරය පුද කිරීම සඳහා මුද්දරයක්‌ හා සිහිවටන පත්‍රිකාවක්‌ නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ සංකල්පයක්‌ මත නිකුත් කරනු ලබන මෙම මුද්දරයට සහ සිහිවටන පත්‍රිකාවට ලෝක කුසලානයත් ඇතුළත්ව ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ඡායාරූපයක්‌ ඇතුළත් වී තිබේ.

1996 වසරේ පැවැති ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී මෙන්ම සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට උපහාර පුද කිරීම සඳහාද මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුද්දර නිකුත් කිරීමට පියවර ගනු ලැබීය.

http://www.divaina.com/2014/04/26/sports02.html

Pic1 Source
Pic2 Source

0 comments: