
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙහිදි අග්නිදිග ආසියාවේ සහ ඉන්දියානු සාගරයේ සංදාම නඩත්තු ගිවිසුම සඳහා නැවි සේවා සැපයුම්කරුවන, සීමාසහිත ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් පෞද්ගලික සමාගමත් සමග එක්‌ව සංදාම තොට කටයුතු ක්‍රියාත්මක කරනු ඇත. ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ සංදාම තොට සඳහා නිදහස් තොටපළ ප්‍රතිපත්ති ප්‍රකාශයත් බදු සහනත් නිසා මෙම අවස්‌ථාව උදාකරගත හැකිවිය.
අග්නිදිග ආසියා සහ ඉන්දියානු සාගර සංදාම නඩත්තු ගිවිසුම යනු මුහුදු සංදාම නඩත්තු කරනු ලබන ජාත්‍යන්තර සුසංධානයකි. රට පසුකරයන බහුවිධ සමුqද්‍රස්‌ථ සංදාම පද්ධති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වන ඉතා වැදගත් සන්ධිස්‌ථානයක් වන ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියවේ එකම මුහුදු සංදාම නඩත්තු මධ්‍යස්‌ථානය වේ. මෙම පියවරට පෙර සිංගප්පූරුවද ජාත්‍යන්තර සංදාම පද්ධතිවලට පහසුකම් සපයනු පිණිස මුහුදු සංදාම තොටක් අධීක්‌ෂණය කර ඇත. මෙම සංදාම පද්ධතිය දකුණු ආසියානු කලාපයේ කලාපයේ ක්‍රියාත්මක වුවද, එයට අනාගතයේදී රටේ ආර්ථිකය ශක්‌තිමත් කරනු පිණිස විදේශ විනිමය ගෙන ඒමට හැකිවෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.
සංස්‌කරණය - අසෝක වන්නිආරචචි
http://www.divaina.com/2014/04/06/economic01.html
0 comments:
Post a Comment