Pages

Sunday, April 27, 2014

විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය

මුස්‌ලිම් ජනපදිකයන් පිරිසක්‌ විසින් විල්පත්තු (උතුරු) අභය භූමියට අයත් ඉඩම් අල්ලාගෙන පදිංචි වීම අද දුරදිග ගිය ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. නියපොත්තෙන් කඩා දමන්නට තිබූ මෙම ප්‍රශ්නය පොරොවෙන් කපා දමන තැනට ගෙන ආවේ ආණ්‌ඩුවේම වරදිනි. ආරම්භයේදීම ජනමාධ්‍ය මගින් පෙන්වා දුන් මෙම බලහත්කාරයෙන් අභය භූමියක ඉඩම් අල්ලා ගැනීම ගැන රජය කිසිදු තැකීමක්‌ කළේ නැත. විල්පත්තුවේ ඉඩම් අල්ලාගෙන ජනපදයක්‌ ගොඩනඟාගෙන ඇති බවට පරිසරවේදීන්, ජනමාධ්‍ය වාර්තාකරද්දී වනජීවී දෙපාර්තමේන්තුව නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේය. වනජීවී සංරක්‍ෂණ ඇමැති ගාමිණී විජයමුණි සොයිසා මීට පිළිවදන් දෙමින් කීවේ "මම ඔය කියන තැන බලන්න ගියා, එතන වනජීවී එකට අයත් තැනක්‌ නොවේ. ඔය කියන ඉදිකිරීම් වෙලා තියෙන්නෙ ෆොරස්‌ට්‌ එකට අයිති ප්‍රදේශයේ. ඒක පරිසර ඇමැතිතුමාගෙන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාගෙන් අහගන්න" යනුවෙනි.

මෙයින් අපට ගම්‍ය වූයේ වනජීවී ඇමැතිවරයාද විල්පත්තු උතුරු අභය භූමිය යනුවෙන් වනජීවී රක්‍ෂිතයක්‌ තිබෙන බවවත් නොදැන සිටි බවකි. ඒ නැතත් ෆොරස්‌ට්‌ නොහොත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔය කියන අනවසරයෙන් භූමිය අල්ලා ගන්නා ලද ස්‌ථානය අයත්ව තිබුණේ නම් එම දෙපාර්තමේන්තුවට හෝ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකිව තිබිණි. වන සංරක්‍ෂණයද, වනජීවී සංරක්‍ෂණයද නොව, මේ රාජ්‍ය ආයතන දෙකටම මෙවන් අනවසර රක්‍ෂිත ඉඩම් අල්ලා ගැනීම්, බලහත්කාර පදිංචිවීම්, රක්‍ෂිත හෙළි පෙහෙළි කිරීම්, ගිනි දැල්වීම්, පාරවල් තැනීම් යනාදී වන අපරාධ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ඇත. වන ආඥපනත සහ වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත යන බලවත් අණපනත් ඊට ඉතා හොඳින් සෑහේ. එහෙත් එම දෙපාර්තමේන්තු ද්වයම හෝ අමාත්‍යවරු දෙපළම මෙම වගකීමෙන් කර හැරියහ. ඊට හේතුවන්නට ඇත්තේ එහි පදිංචිව සිටියේ මුස්‌ලිම් ජානපදිකයන් වීම නිසා විය හැකිය. නැතහොත් මේ පිටුපස සිටි දේශපාලන හස්‌තය ලෙස ප්‍රකාශ වූයේ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිසා ඔහු සමග ගැටෙන්නට ඇති අකමැත්ත හෝ බය නිසා විය යුතුය. නැතහොත් එම අමාත්‍යවරුන්ද, එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද වන හා වනජීවී සංරක්‍ෂණ භූමි පිළිබඳව යුද්ධය අවසන් වී වසර පහක්‌ ගතවීත් කිසිවක්‌ නොදන්නා "අත දරුවන්" වන නිසා විය හැකිය. එනිසා අපගේ යෝජනාව නම්, පළමුව කළ යුත්තේ එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඇමැතිවරුන් හා මාධ්‍ය නිවේදන දෙන අනිකුත් පුද්ගලයන් රැගෙන ගොස්‌ වන සංරක්‍ෂණයටද වනජීවී සංරක්‍ෂණයටද අයත් භූමි පෙන්වා දීමය. 

සැබැවින්ම, විල්පත්තු උතුරු අභය භූමියේ මෙන්ම ඊට යාබද වන සංරක්‍ෂණ ඉඩම් තුළ අනවසර ජනපදිකයන්ගේ පදිංචි වීම් පිළිබඳව හඬ නැගුවේ ජන මාධ්‍යයයි. ඉහත රාජ්‍ය බලධාරීන්ට තිබුණේ ඒ පිළිබඳව සොයා බලා වහාම නීතිමය පියවර ගැනීමය. නැතහොත් ඔය කියන "ව්‍යාප්තවාදය" පිටුපස සිටින ඇමැතිවරුන් සමග සාකච්ඡා කොට රක්‍ෂිත තුළින් පදිංචිකරුවන් ඉවත්කර ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමය. එහෙත් එසේ නොකළ ඔවුහු "බෝලය" අරයාට මෙයාට පාස්‌ කරගැනීමේ ප්‍රතිඵලය වූයේ අවසානයේ බොදු බල සේනාව වැනි බහුජන සංවිධානවල මැදිහත්වීම මීට සිදුවීමය. එයින් ජාතිවාදී ආගම්වාදී මත ගැටුම් දක්‌වා එය දුරදිග ගිය අතර අනවශ්‍ය ප්‍රචාර ලෝකය පුරා පැතිර ගියේය. විදේශයන්හිදී මේවා හඳුන්වන්නේ මහා ජාතිය සුළු ජාතීන්ට සිදුකරන හිරිහැර වශයෙනි. මෙය තවත් "ජිනීවා" ප්‍රශ්නයක්‌ බවට පත්වීමට ඉඩ තිබේ. එහෙයින් මෙහි වැඩි වගකීම වන හා වනජීවී ඇමැතිවරුන්ද එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින්ද භාරගත යුතු යෑයි අපි කියා සිටින්නෙමු. නියපොත්තෙන් කඩන්නට ඇති දෙය පොරොවෙන් කපන තැනට ගෙන ආවේ ඔවුන්ය. මෙරට වන හා වනජීවී නීති උල්ලංඝනය කරන්නෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් හැකියාවක්‌ නැති පුද්ගලයන් ඒවා ජාතික හා ජාත්‍යන්තර ගැටලු බවට පත්වනතුරු බලා හිඳින්නේ නම් සැබැවින්ම මුන්ට තලන්නට සිදුවන්නේ මඩු වලිගයෙනි. මේවා කතා කරන ජනමාධ්‍ය සහ පරිසරවේදීන් වැරදිය. රටේ පරිසර ප්‍රශ්නයක්‌ කතා කරන පරිසරවේදීන්ට මේ ඇමැතිවරුන් කටපත්ත දිගඅරින්නේ එන්.ජී.ඕ. කාරයන් ලෙසින් හංවඩු ගසමිනි. පරිසරය ගැන කියන ලියන මාධ්‍යවේදියා එන්.ජී.ඕ. කාරයන්ගෙන් මුදල් ගන්නා අතවැසියන් ලෙස හඳුන්වයි. අලි පැටවු ජාවාරමේදී, ජාතික උද්‍යාන තුළට හරක්‌ ගාල් කිරීමේදී, උද්‍යානවල ජලාශවලට දේශපාලන හෙංචයියලා මාළු බාන්නට යෙදවීමේදී ඒවා තුළ වැලි, මැණික්‌ ගැරීම් ගැන කතා කරද්දී අපි සියල්ලෝ එන්.ජී.ඕ. කාරයෝය. උන් සුදනෝය. අද ඉල්ලාගෙන කන්නේ මේ සුදනකමේ ප්‍රතිඵලයය. එදා මට අයිති නැත. අරයාට අයිතිය කී කතා අස්‌කරගත් වනජීවී ඇමැති දැන් විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට නඩුදමා ඇත. 

තිස්‌ වසරක යුද්ධය මෙරට උතුරුකරයේ තිබූ සියලුම වන හා වනජීවී රක්‍ෂිත හොඳින් සංරක්‍ෂණය කළේය. එය අපට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවේ. ඔය කියන විල්පත්තුවද ඊට ඔබ්බෙන් වූ මොල්ලිකුලම, සිලාවතුර සිට මන්නාරම දක්‌වා (වන්කාලෙයි කුරුලු අභය භූමියද ඇතුලු) ප්‍රදේශ ඉතා හොඳින් ආරක්‍ෂා වී තිබිණි. කොටින්ම අද මෙන් නොව එදා පුත්තලමට නුදුරු එහා එළුවන්කුලම ප්‍රදේශයේවත් වන විනාශයක්‌ සිදුවුණේ නැත. විල්පත්තු ජාතික උද්‍යානයේ වනගහනය අඩු නැතිව ආරක්‍ෂා වූ අතර අදමෙන් ඒ තුළින් එළුවන්කුලම සිට මොල්ලිකුලම දක්‌වා උද්‍යාන මායිම් අතර ප්‍රධාන මාර්ගයක්‌ තිබුණේද නැත. ඒවා සියල්ල කැළයෙන් යටවී තිබිණි. එළුවන්කුලමේ සිට මන්නාරම (සිලාවතුර) දක්‌වා පාර කැපුණේ අවසන් යුද්ධය ජයග්‍රහණය සඳහා වැදගත් ප්‍රවේශ මාර්ගයක්‌ ලෙසිනි. මෙම මාර්ගය විල්පත්තුව ජාතික උද්‍යානය තුළින් මොල්ලිකුලමෙන් ඔබ්බට, එනම් මෝදරගංආරු පාළමෙන් ඔබ්බට පුත්තලම දිස්‌ත්‍රික්‌කයෙන් විල්පත්තු ජාතික උද්‍යානය නිමවන අතර මන්නාරම් දිස්‌ත්‍රික්‌කය ආරම්භ වේ. මෙතැන් සිට මන්නාරම් දිස්‌ත්‍රික්‌කය ආරම්භ වන්නේ මෙසේ ගැටලුවකට මුහුණ දී ඇති විල්පත්තුව උතුරු අභය භූමියෙනි. අක්‌කර තුන් ලක්‍ෂයක පමණ වපසරියක්‌ ඇති විල්පත්තු රක්‍ෂිතය මෙරටේ ඇති වැදගත්ම හා ප්‍රකටම රක්‍ෂිත භූමි ප්‍රදේශයකි. එදා යුද සමයේදී විල්පත්තු ජාතික උද්‍යානයද හුදකලා වූ අතර පැහැදිළිවම එළුවන්කුලම සිට සිලාවතුර දක්‌වා වනාන්තර පද්ධතිය ආරක්‍ෂා විය. එහෙත් දැන් එදාමෙන් නොව, සාමයේ ප්‍රතිඵල ලෙස උතුරු නැගෙනහිර වනාන්තර බිම් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වෙමින් පවතී. විල්පත්තුවට ඇතිව තිබෙන තර්ජනය මේ බව අපට මනාව පසක්‌ කරවයි. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වනාන්තරද, නැගෙනහිර ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්‌ත්‍රික්‌කවලද මෙම වන සංහාරය සහ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීම සිදුවේ. මේවාට එරෙහිව මේ වනවිට වන හා වනජීවී නිලධාරීන් කටයුතු කිරීම සිදු කරතත් එය බොහෝ විට තමන්ගේ පෞද්ගලික කටයුත්තක්‌ ගානට වැටී ඇත්තේ මෙම අක්‍රමිකතා පිටුපස සිටින බොහෝ අදිසි හස්‌තයක්‌ දේශපාලන බලාධිකාරියේ මැති ඇමැත්තෝ නිසාත්, ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් ඇතුළු සමාජයම පාහේ මුදලට, ජාතියට, ආගමට ලැදිව කටයුතු කරන නිසාය. හැමදාමත් අසරණ වන්නේ නීති ක්‍රියාත්මක කරන්නට යන වන හෝ වනජීවී නිලධාරියාය. ඊට ගමනෙන් යන්නේ ඒ නිසාය. ප්‍රමාද වී හෝ විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම ගැන වනජීවී අමාත්‍යවරයාටත් එම දෙපාර්ත මේන්තුවටත් අපගේ ස්‌තුතිය හිමිවිය යුතුය. විල්පත්තු ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට එරෙහිව අධිකරණය මගින් සිතාසි නිකුත් කරවා පසුගිය 24 වැනිදා අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ ගනු ලැබීය. 

මන්නාරම දිස්‌ත්‍රික්‌කචයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි විල්පත්තුව උතුරු අභය භූමියේ අක්‌කර තුනකට වැඩි භූමි ප්‍රමාණයක්‌ හෙළිකර තාවකාලික නිවාස 44 ක්‌ ඉදිකර එම ජනපදයට මරික්‌කාරතිව් විලේඡ් ලෙස නමක්‌ද යොදාගෙන සිටින මෙම ජනපදිකයන් දස දෙනකුට එරෙහිව පළමුව සිතාසි නිකුත් කරගත් වනජීවී නිලධාරීහු පසුගිය 24 දා මන්නාරම් අධිකරණයේ ඔවුන්ට එරෙහිව නඩුව කැඳවූයේය. 

එහෙත් පෙනී සිටියේ ඉන් සිවු දෙනකු පමණි. මොහොමඩ් තවුµsක්‌, අබ්දුල් ගµqර් නසීන්, හුසේන් සාහිඩ්, අබ්දුල් ගපුර් ජාදිල් යන අනවසර පදිංචිකරුවන් සිව්දෙනාට එදින රුපියල් 25,000 බැගින් ශරීර ඇප නියම කළ මන්නාරම මහෙස්‌ත්‍රාත් ආනන්දි කනගතරත්නම් මහත්මිය අප්‍රේල් 26 වැනිදාට එළුවන්කුලම වනජීවී බීට්‌ටු කාර්යාලයට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙසටද නියෝග කළාය. එසේම, දෙවන පියවර ලෙස තවත් තොරතුරු අනාවරණය කරගත් අනවසර පදිංචිකරුවන් අට දෙනකුටද මහෙස්‌ත්‍රාත්වරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නට නියෝග නිකුත් කළාය. අභය භූමියකට ඇතුලු වී වනජීවී පනත උල්ලංඝනය කරමින් වනාන්තරය හෙළිකිරීම, පදිංචිය, ගිනිදැල්වීම, පාරවල් තැනීම හා භාවිතය, කසළ බැහැර කිරීම ඇතුළු පනතේ වගන්ති පහක්‌ උල්ලංඝණය කිරීමේ වරදට මෙම සැකකරුවන් යටත් කර ඇත.

තත්ත්වය මෙසේ තිබියදී මන්නාරම දිසා ලේකම්වරයා විසින් මෙම පදිංචිකරුවන් ඉවත්කර නැවත පදිංචි කිරීම සඳහා මරිච්චකට්‌ටිය ප්‍රදේශයේ වෙනත් අක්‌කර 50 ක්‌ වෙන්කරන ලද බවද "දිවයින" ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසුවේය. දිසා ලේකම් වයි. එස්‌. දේශප්‍රිය මහතා මෙහිදී පැවසුවේ මේතාක්‌ මෙම අනවසර පදිංචිකරුවන්ගේ ගැටලුව පිළිබඳව රජයේ ඇමැතිවරයකු ඉහළ බලධාරීන් කිසිවකු, තමන්ගේ කරුණු නොඇසූ බවය. ජනමාධ්‍යයද මේ ගැන නොවිමසූ බව කී හෙතෙම කියා සිටියේ මාධ්‍යයක්‌ වශයෙන් "දිවයින" පමණක්‌ කරුණු විමසූ බවයි. අවම තරමින් පසුගියදා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මාධ්‍ය කණ්‌ඩායමක්‌ ගෙන්වා මෙම ස්‌ථානය මාධ්‍යයට පෙන්වා මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වුවද තමන්ට ඒ සඳහා ආරාධනය නොකළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය කණ්‌ඩායමක්‌ රැගෙන ගොස්‌ තම නිර්දොෂිභාවය පෙන්වීමට උත්සාහ දරමින් මෙම පදිංචිකිරීම විල්පත්තුවේ සිදුවූ දෙයක්‌ නොවන බවට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත්තද එය ව්‍යාර්ත විය.

මේ අතර වනජීවී සංරක්‍ෂණ අමාත්‍යාංශයේදී එදිනම මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත් වූ අතර එහිදී වනජීවී ඇමැතිවරයා තාවකාලික නිවාස (කූඩාරම් ලෙස හඳුන්වා දෙන ලදී) 44 ක්‌ ඉදිකර අක්‌කර තුනක්‌ පමණ කැළෑව හෙළි පෙහෙළි කර ඇත්තේ විල්පත්තු උතුරු අභය භූමියේ බව පිළිගත්තේය. එසේම දැනටමත් ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බවද මන්නාරම අධිකරණයෙන් ලැබෙන තීන්දුව මත අනවසර පදිංචිකරුවන් වහාම අභය භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය. අභය භූමියේ ආරක්‍ෂාව පතා මොල්ලිකුලම හා එළුවන්කුලම බීට්‌ටු කාර්යාල සක්‍රීය කර ඇති බවද හේ පැවසීය.

එහෙත්, ගැටලුව නම් ශ්‍රී ලංකාවේ සියයට 14 ක භූමිය ආරක්‍ෂා කරන්නට ඇත්තේ වනජීවී නිලධාරීන් 1200 ක්‌ තරම් සුළු පිරිසක්‌ බවද වටහා ගන්නා මෙන් ජනමාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කළේය. මෙම සංඛ්‍යාව වැඩිකර වනජීවී රක්‍ෂිත ආරක්‍ෂා කරන බවට ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ හෝ ජනමාධ්‍ය, බොදුබල සේනාව කතා කළේ නැතිනම් බොහෝ විට මෙම ගැටලුව කාලයේ වැලි තලාවෙන් යටවී යනු නිසැකය. දැන් කාගේත් ඇස්‌ ඇරී තිබේ. රටේ රක්‍ෂිත වනාන්තර රැක ගැනීමට මෙය කදිම පූර්වාදර්ශයක්‌ කර ගත යුතුය. මෙතැනින් පටන් ගෙන රටේ වනාන්තර රැකචීමට ඉදිරි පියවර තැබීමට නොහැකි වන්නේ නම් මහින්ද චින්තනයේ සඳහන් නිල්ල පිරුණු රටක්‌ ගොඩනැඟීම බොරුවක්‌ වනු නොඅනුමානය. ලක්‍ෂ ගණන් පැළ සිටුවන්නට පෙර තිබෙන වනය රැකීමට සඳහා කටයුතු සිදුවිය යුතුය. විශේෂයෙන්ම උතුරු - නැගෙනහිර ආක්‍රමණය හා ව්‍යාප්තවාදය සිදුවන්නේ භූමිය මුල්කරගෙන බැවින් ඊට වැට මායිම් යෙදීම රජයේත් බලධාරීන්ගේත් වගකීමය. ඒ නැතිව මේවා ගැන කතා කරන පරිසරවේදීන්ට ජනමාධ්‍යයට එන්.ජී.ඕ. ලේබල් ඇලවීමෙන් සිදුවන්නේ තම තමන්ගේ රෙදි ගලවා ගැනීමම වන බවද වගකිවයුත්තන්ගේ සිහිතබා ගැනීම වැදගත්ය.

ජගත් කණහැරආරච්චි, අනුර බාලසූරිය, නලින් හෙන්දුරුගොඩ - පුත්තලම | ඡායාරූප හෙන්දුරුගොඩ -නිශාන් එස්‌ ප්‍රියන්ත
http://www.divaina.com/2014/04/27/feature17.html

සබැඳි ලිපි - [විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: