
විද්‍යාදය පිරිවෙන එකල රටේ සිදුවෙමින් පැවැති බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහි වූ දේශප්‍රේමී ගිහි පැවිදි වියතුන් ඒකරාශී වන වේදිකාවක් බඳු විය. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, ප්‍රවීණ ලේඛක පියදාස සිරිසේන, නාට්‍යවේදී නීතිඥ ජෝන් ද සිල්වා, වලිසිංහ හරිශ්චන්ද්‍ර යන වියත්හු එතුමාගේද ඇසුරට ලක්‌විය. ක්‍රමක්‍රමයෙන් ඩේවිඩ් තරුණයා සැබෑ ආගමාලයෙන් ශික්‍ෂණය ලද්දකු විය.
1891 ජනවාරි 2 දින ධර්මපාලයෝ ඉන්දියාවට සැපත් වීම ඒ උත්තම ජීවිතයේ අලුත් යුගයක් උදා කළේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගෙවී ගිය වසර 600 ක තරම් කාලය තුළ ඉන්දියාවේ තිබූ ලුම්බිණිය, කුසිනාරා, ඉසිපතනය (බුද්ධගයා) ආදී සියලුම බෞද්ධ උරුමයන් කලක් ඉස්‌ලාමීය ත්‍රස්‌තයන් අතින්ද ඉක්‌බිතිව හින්දු මහන්තාවරුන් අතින්ද විනාශයට පත්ව තිබිණ. අත්වී තිබෙන විනාශයන් දැක කම්පාවට පත් ධර්මපාලතුමාණෝ බුද්ධගයාව ඇතුළු බුද්ධ භූමි බෞද්ධ අයිතියට පත්කරලීමේ මහා කර්තව්‍යයට මුල පිරුවේය.
එම වසරේම මැයි 31 දා මහාබෝධි සමිතිය නමින් සංවිධානයක් ඇරඹි එතුමා එහි ශාඛා ආසියාවේ සියලු බෞද්ධ රටවලද, ඇමරිකාව, ජර්මනිය, ආදී යුරෝපීය රටවලටද ව්‍යාප්ත කළේය. ඉන්දීය දේශය තුළ බෞද්ධ උරුමයන් මුහුණ පා තිබෙන ෙ€දජනක භාවය හෙළිකොට ඒවා යළි දිනා ගැනීමත්, සංරක්‍ෂණය කොට පවත්වාගෙන යෑමත් අරභයා කළ යුතු අරගලය පිළිබඳව ලෝකයාට කරුණු කීමට එතුමා "මහාබෝධි සහ ඔයෑ ඊමාdයසිඑ නමින් ප්‍රකාශන දෙකක්‌ද ප්‍රසිද්ධ කළේය. ඉන් ලද ප්‍රසිද්ධිය නිසාම ලොවනන් දෙසින් බුද්ධගයා අරමුදලට පරිත්‍යාග ගලා එන්නට විය. බලාත්කාරයෙන් බුද්ධ භූමි තම සන්තකයට ගෙන සිටි මහන්තාවරුන්ට එරෙහිව නඩු හබ කීමට, නටබුන් සිද්ධස්‌ථාන යළි ගොඩනැඟීමට, විහාරාරාම ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමට හා මූලගන්ධකුටි විහාරය ඉදිකිරීමට එම ධනය යෙදවීය. අද ඉන්දියාවට යන බැතිමතුන්ගේ වන්දනාවට යොමුවන සියලු වෙහෙර විහාර සුරක්‍ෂිත වී තිබෙන්නේ ධර්මපාලතුමා මහාබෝධි සමාගම හරහා කරන ලද මහා කාර්යභාරයේ ප්‍රතිඵලයක් වශයෙනි.
සිංහල ජාතියේ අදීනත්වය උදෙසාද, සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සහ බුදුසමයේ යහ පැවැත්ම උදෙසාද සිංහල රාජ පරම්පරාවට පසුව ඉටු කළ මහා මෙහෙවරකට නායකත්වය දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමෝ සිහි නුවණින් යුතුව 1933.04.29 දින දිවංගත වූහ. ධර්මපාල කුමරා හය හතර තේරුම්ගත් අවධියේ සිටම බුදුදහමේ අගය වටහා ගත්තේය. ජාතියක් වශයෙන් සිංහලයාට පත්ව තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය නිවැරදිව හඳුනාගත් එතුමා එකල ඉංගී්‍රසි පාලනය යටතේ රටත් ජනතාවත් පත්ව තිබූ අගාධයෙන් ගොඩ ගැනීම අරභයා පුද්ගලයෙකු වශයෙන් කළ හැකි හා කළ යුතු වූ සියල්ල නොපිරිහෙලා ඉටු කළේය. එකල සංවිධිත ජාතික විමුක්‌ති ව්‍යාපාරයක් ලක්‌දිව බිහිවී නොතිබුණු බැවින් එතුමාගේ කටයුතු හා ක්‍රියා කලාපයන් එතුමාගේ අභිමතය පරිදිම සිදු විය. එය විටෙක කඨෝර වූවා හෝ නිර්දය රළු බවින් යුක්‌ත වූවා විය හැකි නමුත් ඒ කිසිවක් කිසිවකුගේ සිත් රිදවීමට කළ ඒවා නොවීය. නිවට නියාලු මර නින්දේ සිටි සිංහල ජාතිය ජාතිකාභිමානයෙන් දේශ වාත්සල්‍යයෙන් අවදි කරවීම එම කර්කශ විවේචනවල අභිප්‍රාය විය.
ධර්මපාලතුමා සිය ජීවිතාදර්ශයෙන්ම චාම් සහ උපේක්‍ෂා පරවශ ජීවිතයක් ගත කළේය. මවුපියන්ගෙන්ද හිතමිතුරන්ගෙන්ද ලැබුණු සියලුම ධනය එතුමා ඉතා සකසුරුවමින් ශාසනික කටයුතු උදෙසාම කැප කළේය. එතුමා ලත් අධ්‍යාපනය, උපතින් ලද පෞරුෂය හා රූප සම්පත්තිය උරුම වූ දේපළ සම්පත් ආත්මාර්ථය උදෙසා යෙදවූයේ නම් ශ්‍රී ලංකාවේ තවත් සිටුවරයකු ලෙස සැප සම්පත් අත්විඳින්නට තිබූ හැකියාව දෙස නොබැලුවේය. රට දැය සමය කෙරෙහි අචල ආදරයෙන් මුළු ජීවිත කාලයම ගත කළ එතුමාගේ අභාවයෙන් පසු ලාංකීය ජනතාවට එතුමාගේ අගය දැනෙන්නට විය.
එහෙත් අගය කළ හැකි තරමේ වටිනාකමක් එතුමා සම්බන්ධයෙන් ඉස්‌මතු කිරීමට තරම් වගකිවයුතු අංශ උත්සුක නොවීම කනගාටුවට කරුණකි. අද රට පත්ව තිබෙන ආධ්‍යාත්මික පරිහානිය සලකා ධර්මපාලතුමන්ලා කීප දෙනෙකුගේ බිහිවීම අවශ්‍යව තිබෙතත් එම අවශ්‍යතාව උදෙසා ගන්නා ඵලදායී පියවරක් නැති තරම්ය. එහෙයින් එතුමාගේ 81 වැනි ගුණ සමරුව සිදු වන අද දිනයේ ලාංකීය දේශප්‍රේමීන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ ධර්මපාලතුමාගේ ජාතික අපේක්‍ෂා ඉටුවන පරිදි තම තමන්ගේ ජීවිත හැඩ ගස්‌වා ගැනීම නොවේද?
බන්දුල මානවඩු
http://www.divaina.com/2014/04/29/feature02.html
සබැඳි ලිපි -
[
අමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක් ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]
0 comments:
Post a Comment