Pages

Monday, April 21, 2014

අපි ඔබේ E-mail බලනවා – Google

තම ඊමේල් සේවාව හරහා යවනු ලබන සහ ලැබෙන විද්‍යුත් ලිපි නිරීක්ෂණය කරන බව ගූගල් විසින් එහි සේවා රෙගුලාසි වලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සිලිකන් නිම්න දැවැන්තයාගේ සුප‍්‍රසිද්ධ ඊ මේල් සේවය භාවිතා කිරීමට නම් තම ඊ මේල් නිරීක්ෂණය කරනු ලැබීමේ කොන්දේසියට යටත් වීමට පාරිභෝගිකයන්ට සිදුවී තිබේ.

කෙසේවෙතත් විචාරකයන් පවසන්නේ මෙම නව රෙගුලාසිය මගින් කිසිවෙකුත් විමතියට පත්වීමට හේතුවක් නොමැති බවයි.

පසුගිය කාල සීමාව තුළ ගූගල් සමාගම විසින් පාරිභෝගිකයන්ගේ විද්‍යුත් ලිපි නිරීක්ෂණය කරන බව වාර්තා වීම ඊට හේතුවයි.

මෙම සේවා රෙගුලාසි මාලාව ගූගල් සමාගම විසින් අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධ කර ඇති අතර 2013 නොවැම්බර් 11 වන දින සංස්කරණය කළ අවසන් රෙගුලාසි පද්ධතිය සමග එය සංසන්දනය කිරීමේ අවස්ථාවද ලබාදී ඇත.  ඔවුන් පවසන්නේ පසුගිය කාලය තුළ පාරිභෝගික අදහස් මත මෙවැනි පියවරක් ගත් බවයි.

මින් පෙර ගූගල්ට විරුද්ධව පැවරූ නඩුවක් විසින් මෙම ක‍්‍රියාවලිය අභියෝගයට ලක් කළ මුත් තෙවන පාර්ශ්වයක් අතට යම් පණිවුඩයක් ලබාදෙන විටම තවදුරටත් එහි පෞද්ගලිකත්වයක් ආරක්ෂා නොවන බව පාරිභෝගිකයා විසින් දැනගත යුතු බව එහිදීද සමාගම විසින් පවසා තිබිණි.

මෙසේ ලබාගන්නා දත්ත අනාගත සෙවුම් පිළිතුරු, සේවා සැපයීම් ආදිය සඳහා භාවිතා කරන බව ගූගල් පවසන මුත් විවේචකයන් පවසන්නේ මෙම දත්ත වෙළඳ ප‍්‍රචාරණ සමාගම් වලට ලබාදෙමින් ගූගල් විසින් වසරකට ඩොලර් බිලියන ගණනක් උපයන බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/114061/

0 comments: