
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමකදී මේ බව පැවසූ මහින්ද දොඩම්පේ ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්‌වමින් පවසන ලද්දේ මෙම හෝර්ටන්තැන්න ප්‍රදේශයේ ඕකිඩ් මල් වර්ග 36 ක් පමණ නැරඹීමට හැකියාව පවතින බවත් කුරුල්ලන් වර්ග 148 ක් පමණ එහි ජීවත්වන බවත්ය.
හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන පිරිස් පැය 1/2 පමණ කාලයක් තුළදී එහි ප්‍රපාතය බලා නැවත පැමිණෙන බවත් මෙහි නිසි ලෙස නැරඹීම කරන්නේ නම් අඩු තරමින් දිනක්‌වත් එහි ගත කළ යුතු බවද පවසන ලදී.
එහෙත් ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් නොමැති බවත් එහි නිසිලෙස පහසුකම් නොමැති බවත් මේ පිළිබඳ මේ වන විට අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී එම අවශ්‍ය පහසුකම් සකස් කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
http://www.divaina.com/2014/04/26/provin08.html
Pic Source
0 comments:
Post a Comment