Pages

Wednesday, September 11, 2013

මුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...

වරාය අධිකාරිය මගින් සිදු කළ වෙන්දේසියකදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් මිලදී ගත් පාකිස්‌ථානයේ සිට ආනයනය කරන ලද අර්තාපල් අල කන්ටේනර් දෙකක මත් කුඩු තිබෙන බවට වූ සැකයක්‌ මත එම කන්ටේනර් දෙක වරායෙන් පිට කිරීම වහා අත්හිටුවීමට රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය පියවර ගෙන තිබේ. 

පාකිස්‌තානයේ කරච්චි නුවර සිට කොළඹ වරායට ළඟා වී තිබූ අංක සී.ඩී.එච්.යූ. 2829076 හා එස්‌.ඉසෙඩ්.එල්.යූ. 9039562 දරණ මෙම කන්ටේනර් දෙක ආනයනය කරන ලද හිමිකරු විසින් මුදා නොගැනීමේ හේතුව මත වරාය අධිකාරිය මගින් ඉකුත් සතියේ වෙන්දේසි කර ඇත.

වෙන්දේසි කිරීමේදී කන්ටේනර් දෙකේ අඩංගු අර්තාපල්වලින් මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ සියයට තිහක අල ප්‍රමාණයක්‌ ඉවත් කළ යුතු බවට වරාය බලධාරින් කොන්දේසියක්‌ පනවා තිබූ බවද වරාය ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

එසේ තිබියදී එම අර්තාපල් කන්ටේනර් දෙක ලබා ගත් පාතාල සබඳතා පවතින බව කියන මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා නරක්‌ වූ අල ඉවත් කිරීමක්‌ සිදු නොකොට දෙවන වෙන්දේසියකට ඉදිරිපත් කරන බව පවසා රැගෙන යැමට සූදානම් වූ මොහොතේ ඒවා වරායෙන් පිට කිරීම අත්හිටුවීමට රේගුව පියවර ගෙන තිබේ.

මේ දිනවල වෙළෙඳ පළේ අර්තාපල් සඳහා හොඳ මිලක්‌ තිබියදීත් ආනයනය කළ අය මෙම කන්ටේනර් දෙක මුදා ගැනීමට ඉදිරිපත් නොවීමත් වෙන්දේසියේදී ඒවා මිලදී ගත් මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා නරක්‌ වූ අල ඉවත් නොකරම කන්ටේර් දෙක රැගෙන යැමට සූදානම්වීමත් හේතුවෙන් මෙම කන්ටේනර් දෙක තුළ මත්කුඩු ඇතැයි යන සැකය මතුවී තිබේ. 

මීට කලකට ඉහත වරාය අධිකාරිය මගින් මේ ආකාරයෙන්ම වෙන්දේසි කරන ලද අර්තාපල් කන්ටේනරයක තිබූ ප්ලාස්‌ටික අල තොගයක සඟවා ඉතා සූක්‍ෂම ලෙස පාකිස්‌තානයේ සිට මෙරටට එවා තිබූ විශාල මත්කුඩු තොගයක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් විය.

අල කන්ටේනර් දෙක ලබා ගත් මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා ඒවා දෙවන වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට සැරසී ඇත්තේ දිගින් දිගටම සිදුවන පාතාල මැදිහත්වීම් නිසා වරාය වෙන්දේසියෙන් ලබා ගන්නා කිසිවක්‌ දෙවන වෙන්දේසියකට ඉදිරිපත් කළ නොහැකි බවට කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පනවා තිබූ තහනමක්‌ද නොතකා හරිමිනි.

සමන් ගමගේ
http://www.divaina.com/2013/09/09/news21.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
පාකිස්‌තානුවාගේ 'සෙල් ෆොAනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

0 comments: