Pages

Wednesday, October 2, 2013

මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.

ශ්‍රී ලංකාවේ වෙසෙන හෙරොයින් භාවිතයට පුරුදුව සිටින පුද්ගලයන් දිනකට කිලෝ 2 ක්‌ භාවිතයට ගන්නා බව අන්තරාය කාර ඖෂධ පාලක මණ්‌ඩලය සිදු කළ විමර්ශනයකින් තහවුරුවී ඇත.

සාමාන්‍යයෙන් දිනකට එම හෙරොයින් ප්‍රමාණය භාවිත කරන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් 45,000 ක පමණ පිරිසක්‌ බව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපතිනි ලීෂා ද සිල්වා මහත්මිය පැවැසුවාය. එමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වසරකට හෙරොයින් කිලෝ 763 ක්‌ පමණ භාවිත කරන බවද සභාපතිනි ලීෂා ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

මෙරට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගණනය කිරීම්වලට අනුව හෙරොයින් කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් ලක්‍ෂ 35 කි. මේ අනුව හෙරොයින් පානයට ඇබ්බැහි වූවන් වසරකට රුපියල් කෝටි 2670 ක්‌ එයට වැය කරනු ලබයි.

පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද කන්ටේනරයකින් ඉකුත් දිනක සොයාගත් හෙරොයින් කිලෝ 261 ද මෙරට මාස 4 ක්‌ තුළ භාවිතයට ගන්නා ප්‍රමාණයක්‌ බව මත්ද්‍රව්‍ය පාලක අංශය සඳහන් කරයි.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/02/provin06.html

0 comments: