Pages

Wednesday, October 2, 2013

විග්නේශ්වරන්ගේ පටන් ගැන්ම හොඳ නැත

හිටපු විනිසුරු සී. වී. විග්නේශ්වරන් උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට යන බව අපි මෙයට දෙදිනකට පෙර දැන ගතිමු. ඒ සඳහා පැවැත්වෙන උත්සවයට පැමිණෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරනු ඇත. සාමාන්‍යයෙන් පළාත් සභා නීති රීතිවලට අනුව මහ ඇමැතිතුමා දිව්රුම් දිය යුත්තේ පළාත් ආණ්‌ඩුකාරයා ඉදිරියේ ය. මේ රටේ පළාත් සභා පටන්ගත් දවසේ සිට ඒ සම්ප්‍රදායය එසේ සුරකින ලදී. උදාහරණයක්‌ වශයෙන්, උතුරු නැගෙනහිර පළමුවැනි මහ ඇමැති වූ අන්නමලේ වර්ධරාජා පෙරුමාල් 1988 දී දිව්රුම් දුන්නේ ද පළාත් ආණ්‌ඩුකාරයා වූ නලින් සෙනවිරත්න ඉදිරිපිටදී ය. ඔහු යුද හමුදාවේ හිටපු ලුතිනන් ජෙනරාල් කෙනෙකි. අන්නමලේ වර්ධරාජා පෙරුමාල් හිටපු ත්‍රස්‌තවාදියෙකි. ඊ. පී. ආර්. එල්. එµa. නමැති බෙදුම්වාදී සංවිධානයේ නායකයා වූ හෙතෙම පසුව පුනරුත්ථාපනය වී එවකට පැවැති යූ. එන්. පී. ආණ්‌ඩුව සමඟ මිත්‍ර විය. එකල ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ය. අගමැති ආර්. ප්‍රේමදාස ය. තමන් ආණ්‌ඩුවේ හිතවතකු වී යයි සිතා මහ ඇමැති ලෙස දිව්රුම් දීමට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැඳවිය යුතු යෑයි ඔහු නිකමටවත් කල්පනා කළේ නැත. තමන් දිව්රුම් දෙන උත්සවයට අඩුම ගණනේ සිය හොඳම මිතුරා වූ ආර්. ප්‍රේමදාස අගමැතිතුමාටවත් ඔහු ආරාධනා කළේ නැත. නලින් සෙනවිරත්න හිටපු හමුදා නිලධාරියකු බව ඔහු ඉතා හොඳින් දැන සිටියේ ය. ඔහු විශ්‍රාමික නිසා තවදුරටත් හමුදාවේ නැති බවත් ඔහුගේ අලුත් රස්‌සාව වන්නේ උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරකම බවත් පෙරුමාල් දැන සිටියේ ය. මේ නිසා ආණ්‌ඩුකාර සෙනවිරත්න ඉදිරිපිට දිව්රුම් දීම පෙරුමාල්ට කිසිදු ගැටලුවක්‌ වුණේ නැත. ඔහු බුද්ධිමත් හිටපු ත්‍රස්‌තවාදියෙකි. එහෙත් අද අප අවට සිටින්නෝ ත්‍රස්‌තවාදීන්ට පස්‌ස සේදීම පිණිස වැසිකිළියට වතුර ගෙනගොස්‌ දුන් මෝඩ ගොන්නු ය. මෝඩකම මදිවාට ඔවුන් තුළ අහංකාරයත් ඇත.

උතුරු පළාතේ නූතන ආණ්‌ඩුකාරයා විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි ය. ඔහු ඉදිරිපිට දිව්රුම් දීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් විග්නේශ්වරන් දෙන පණිවුඩය කුමක්‌ද? තමන් (ඇතුළු රැළ) උතුරු පළාත් පාලන ඒකකය පිළිගන්නේ නැති බව ය. සමහර විට විග්නේශ්වරන්ගේ අරමුණ විය හැක්‌කේ හිටපු හමුදා නිලධාරියකු ඉදිරිපිට දිව්රුම් දීමෙන් වැළකී සිටීම ය. එසේ නම් විග්නේශ්වරන් මහ ඇමැති තනතුර සඳහා පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීමත් වැරදි ය. ඔහු ආණ්‌ඩුවේ හිටපු විනිශ්චයකාරවරයෙකි. ඔහු අයත් වූ අධිකරණ පද්ධතිය විසින් එල්.ටී.ටී.ඊ. කාරයන් විශාල ප්‍රමාණයක්‌ හිරගෙට යවනු ලැබ ඇත. විග්නේශ්වරන් තම ජාතියට ලැදි ඉතාම පිරිසිදු මිනිසකු නම් පළමු කොටියා හිරේ යන විටම අධිකරණ පද්ධතියෙන් ඉල්ලා අස්‌විය යුතු ය. එහෙත් විශ්‍රාම යනතුරුම විග්නේශ්වරන් ඒ ගැන කිසිදු ආකාරයකින් උනන්දු වූයේ නැත. දැන් විතරක්‌ මොකද මේ අමුතු තදියම·

මහින්ද රාජපක්‍ෂ මහතා මුළු රටටම ජනාධිපති ය. විග්නේශ්වරන්ගේ දිව්රුමට යාපනයට යනවාද, නැත්නම් විග්නේශ්වරන් කොළඹට ගෙන්වා දිව්රවනවාද, එහෙමත් නැත්නම් ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි ඉදිරිපිටදී දිව්රීම සිදුකරනවාද යන්න එතුමාගේ අභිමතයකි. යම් හෙයකින් ජනාධිපතිතුමා ඉදිරිපිටම තමා දිව්රුම් දිය යුතු යෑයි විග්නේශ්වරන් කියා සිට ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි ඉදිරිපිට නොදිව්රුවහොත් ක්‍ෂණික ගැටලුවක්‌ හටගනී. එනම් නිසි දිව්රුමකින් තොරව පළාත් සභාවක ක්‍රියාත්මකභාවය පටන් ගැනීමට බැරි වීමයි. එවිට මධ්‍යම ආණ්‌ඩුවට ආපසු උතුරේ සම්පූර්ණ පාලනය භාර ගැනීමට සිදුවේ. මෙය අලුත් අර්බුදයක පටන් ගැන්මයි. මෙය දෙමළ සන්ධානයේ අනුදැනුම මත පටන් ගන්නා අර්බුදයකි. ලංකා ආණ්‌ඩුවට වැළැක්‌වීමට නොහැකි අර්බුදයකි. දෙමළ සන්ධානය ගිය තැන වන කර ගන්නා බවට මීට වඩා සාක්‍ෂි කුමටද? කෙසේ වුවද ඉදිරියේදී සියලු ඡේ. පී. ලාත් ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රීමට ඉල්ලුවොත් පුදුම නොවන්න!

http://www.divaina.com/2013/10/02/editor.html

0 comments: