Pages

Sunday, May 11, 2014

අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටු

"මෝඹු සොපරන්ඩි" මේ වචනය බොහෝ දෙනකුට නොතේරෙන අන්ඩර දෙමළයක්‌ වැන්නකි. එහෙත් මෝඹු සොපරන්ඩි යන වචනයේ තේරුම තේරුම්ගත හැකි පිරිසක්‌ද මේ රටේ නැතිවාම නොවේ. ඔවුහු කවුරුන්ද යන වග ඔබට මේ ලිපිය කියවන විට තේරුම් යති. සැබැවින්ම මෝඹු සොපරන්ඩි යනු ලතින් භාෂාවේ එන වචනයකි. එය හුදෙක්‌ම බැඳී පවතින්නේ එකිනෙකාට වෙනස්‌ කූට උපක්‍රම භාවිත කරමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි. අපට මේ අපූරු වචනය මතකයට නැගි, ආසන්න සිදුවීම වූයේ යළිත් වතාවක්‌ රට ඇතුළට පැන්නීමට එවා තිබූ රුපියල් ලක්‍ෂ හතක බ්‍රවුන් ෂුගර් හෙවත් හෙරොයින් හෙවත් කවුරුත් දන්නා භාෂාවෙන් "කුඩු" ග්‍රෑම් 250 ක්‌ රේගු නිෂ්කාෂණ අංශය මගින් සොයා ගැනීමයි. 

ආරක්‍ෂක අංශ මුළා කිරීමේ අරමුණින් ඉතා සූක්‍ෂම ලෙස වෛද්‍ය උපකරණවල සඟවා එවා තිබූ මේ කුඩු තොගය හමුවීමත් සමග මේ ජාවාරම්කරුවන් ලංකාව කුඩු වෙළෙඳාමේ වෙළෙඳපළක්‌ බවට පත්කරගෙන සිදුකරන විනාශය ගැන දැන් යළිත් කතා කරන්නට සිදුව තිබේ.

"මෝඹු සොපරන්ඩි" න්‍යාය 

සොරුන් සොරකම් කිරීමට යොදා ගන්නෙ එකම උපක්‍රමයක්‌ උපායක්‌ නොවේ. සොරුන් මෙන්ම ජාවාරම්කරුවෝද මෙකී න්‍යායේ පිහිටා කටයුතු කරන සැබෑම කපටි කෛරාටිකයෝ වෙති. විශේෂයෙන් නොනවතින මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවෝ අනුගමනය කරන මූලික න්‍යාය එයයි. එහිදී සොරාත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාත් යන දෙදෙනාම එකම ගොඩට වැටෙති. පසුගිය කාලයේ මෙරට, කුඩු වෙළෙඳපොළක්‌ කරගෙන ජාවාරම්කරුවන් සිදුකළ කුඩු වෙළෙඳාමේ ස්‌වභාවය මතක්‌ කර බැලීමේදී එය හොඳ හැටි වටහා ගත හැකිය. මේ වසරේ කුඩු ජාවාරම් සම්බන්ධයෙන් වාර්තා වූ මුල්ම සිදුවීම වූයේ දොඩම් ගෙඩි තුළ සඟවා රට තුළට ගෙන ඒමට උත්සාහ කිරීමය. ගුවන් තොටුපළ රේගු නිලධාරීන්ගෙ විමසිලිමත් බව නිසා අල්ලා ගැනීමට හැකි වූ ඒ හෙරොයින් ප්‍රමාණයේ බර ග්‍රෑම් 994 ක්‌ විය. ඒ මෙහෙයුම සිදුවූයේ රට තුළට පැමිණෙන ගුවන් මගීන් පරීක්‍ෂා කරන ස්‌ථානයේය. පෙබරවාරි දහවන දා සිදුවූ මේ සිදුවීමේදී මේ ජාවාරම්කරු එක්‌ අතකින් ගමන් මලු රැගෙන තවත් අතකින් දොඩම් පිරවූ පොලිතින් බෑගයක්‌ද රැගෙන පැමිණියේය. රේගු නිෂ්කාෂණ නිලධාරීන් හමුවේ ඔහු කිසිදු සැකයක්‌ විශේෂයක්‌ නොවන සේ දොඩම් උරය බිම තබා ගමන් මලු විවර කර රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂණයට යොමු කළේය. නමුත් රේගු නිලධාරීන්ගේ ඇස යොමු වූයේ ගමන් මලු දෙස නොව දොඩම් උරය දෙසටය. එක්‌ නිලධාරියෙක්‌ ගමන් මල්ල අතහැර හනික දොඩම් මල්ල පරීක්‍ෂා කළේය. මද ඉවත් කළ දොඩම් තුළ පොලිතින්වල ඔතා අසුරා තිබූ හෙරොයින් හමුවූයේ එහෙමය. මෙලෙස රට තුළට කුඩු ගෙන ඒමට තැත්කළ ජාවාරම්කරුවා පකිස්‌තානු ජාතිකයෙක්‌ය.

ඊට හාත්පසින් වෙනස්‌ ක්‍රමයක්‌ යොදාගෙන හෙරොයින් රට ඇතුළට ගෙන ඒමට ගත් උත්සාහයක්‌ මේ වසරේ මාර්තු හය වැනිදා අතටම හසුකර ගැනීමට රේගුවට හැකි විය. එවර බෝල්ට්‌ ඇණ සිදුරු කර ඒ කුහරවල සඟවා හෙරොයින් ගෙන ඒමට ජාවාරම්කරුවෝ උත්සාහ ගත්තේය. කිලෝ ග්‍රෑම් 36 ක්‌ වූ එම හෙරොයින් පැමිණ තිබුණේද පකිස්‌ථානය හරහාය.

මේ වසරේ සිදුවූ තෙවන සිද්ධිය ඊටත් වෙනස්‌ය. සැකකරුවා මහත්මා විලාශයකින් පැමිණි ගුවන් මගියෙක්‌ය. ඔහු පැමිණ තිබුණේ ලයිබීරියානු ගමන් බලපත්‍රයක්‌ අතැතිවය. රේගු නිලධාරීන් මේ ලයිබීරියානු ජාතික මගියා පරීක්‍ෂා කරන විට ඔහු අත බ්‍රීෆ්කේස්‌ වර්ගයේ බෑගයක්‌ තිබුණේය. එවර හෙරොයින් සඟවාගෙන පැමිණ තිබුණේ බ්‍රීෆ් කේසස්‌ හැඬලය තුළය. මත්කුඩු ජාවාරම්කරුවෝ මේ ජාවාරම් සඳහා යොදා ගත්තෙ මෙලෙස එකිනෙකට වෙනස්‌ වූ ක්‍රමයන්ය. කිසිම විටක ඔවුන් එකම ක්‍රමයක්‌ මේ ජාවාරම් සඳහා භාවිත කරන්නේ නැත. ලතින් භාෂාවෙන් "මෝඹු සොපරන්ඩි" කියන්නේ ඔවුන්ගෙ එකිනෙකට වෙනස්‌ ජාවාරම් උපක්‍රම සඳහාය.

ඒ න්‍යාය අනුගමනය කළ හෙරොයින් ජාවාරම්කරුවෝ මෙවර වෛද්‍ය උපකරණ තුළ බහා හෙරොයින් රට තුළට රැගෙන යැමට උත්සාහ ගත්තේ වෛද්‍ය උපකරණ වැනි උපකරණ යොදා එවැන්නක්‌ සිදුවේ යෑයි කිසිවකු සිහිනෙන්වත් නොසිතන්නේ යෑයි පදනමේ සිටය. මේ හෙරොයින් තොගය එවා තිබූ වෛද්‍ය උපකරණ අඩංගු පාර්සලය පිළිබඳ විමර්ශනය ආරම්භ කරන විට එය තිබුණේ සීදුව භාණ්‌ඩ නිෂ්කාෂණ අංශයේය. පාර්සලය පැමිණ තිබුණේ පකිස්‌ථානයේ සිටය. රේගු නිලධාරීන්ට මේ වෛද්‍ය උපකරණ අඩංගු පාර්සලය පිළිබඳ සැක සිතීමට හේතු කිහිපයක්‌ම තිබුණේය. ඉන් ප්‍රධාන හේතුව වූයේ මෙරටට හෙරොයින් එන මාර්ගය සැකසී තිබෙන්නේ පකිස්‌ථානයේ කරච්චි නුවර සිට බවට සිද්ධාන්තයක්‌ ගොඩනැගී තිබීමය. මේ වෛද්‍ය උපකරණ පාර්සලය ලැබීමට නියමිතව තිබුණේ වෛද්‍යවරියකට නොව කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය කාන්තාවකගේ නමකට වීමද සැක උපදවන්නක්‌ විය. හැරත් වෛද්‍ය උපකරණ වැනි උපකරණ රටට ගෙන්වන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු රටේ සම්මත නීතියක්‌ ඇත. ඒ සුවඳ විලවුන් ඖෂධ හා උපකරණ ආඥ පනතය. ඒ පනතට අනුව ඒ යටතට වැටෙන ද්‍රව්‍යයක්‌, භාණ්‌ඩයක්‌ ආනයනය කරන්නේ නම් ලියාපදිංචි විය යුතුය. මේ පාර්සලය කිසිසේත් එවැනි නීතිමය ආවරණයක්‌ මත එවූවක්‌ද නොවේ. මේ නිසා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු පාර්සලය පරීක්‍ෂා කිරීමට අවැසි නීතිමය ප්‍රතිපාදන ලහි ලහියේ සැකසිණ. එහෙත් මේ කිසිදු හා හුවක්‌ නොදත් සැකකාර කාන්තාව තමන්ගෙ සීදුවේ ගෝලයකු සීදුවේ භාණ්‌ඩ නිෂ්කාෂණ අංශයට එවා තිබුණේ පාර්සලය හෙමින් සීරුවේ රැගෙන යැමටය. නමුත් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා රේගු නිලධාරීන් ඇය ඉදිරිපිට පාර්සලය විවෘත කර එම උපකරණ තුළ සඟවා පැවති හෙරොයින් එළියට ගන්නා විට ඇය තිගැස්‌සී ගියාය. නිලධාරීන් තවදුරටත් එම පරීක්‍ෂාව සිදු කිරීමේදි ග්‍රෑම් 20 කොටස්‌ ලෙස සූක්‍ෂමව අසුරා පැවති හෙරොයින් පාර්සල් 250 ක්‌ සොයා ගත්තේ එම පාර්සලය ලබා ගැනීමට පැමිණි කාන්තාව දැස්‌ විදහා බලා සිටියදීමය. පසුව එම කාන්තාව සමගම පාර්සලයේ සඳහන් ලිපිනය සොයා මාලිගාවත්තට ගිය පොලිසියට පාර්සලයේ හිමිකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි විය. පුදුම නොවිය යුතු දේ නම් එම කාන්තාවගේ සැමියා මත්කුඩු චෝදනාවක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින්නෙකු වීමය. එසේම එම පුද්ගලයා පකිස්‌තානු ජාතිකයෙක්‌ය.

දැන් යළිත් මේ කතාව කැරකී එන්නේ පකිස්‌තානය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන හෙරොයින් ජාවාරම දෙසටය. අදටත් නවතා ගත නොහැකි වුවත් ලංකාවට හෙරොයින් එන මාර්ගය සැකසී ඇත්තේ කරච්චි නුවරත් කොළඹත් අතරය. එයින් කියෑවෙන්නෙ වෙනත් කිසිදු මාර්ගයකින් හෙරොයින් මේ රටට නොගෙනෙනවා කියා නොවේය. නමුත් ප්‍රධානම සැපයුම් මාර්ගය ලෙස පෙර කී අත්දැකීම් සමග හැඳින ගත හැක්‌කේ කරච්චි නුවර කේන්ද්‍ර කර ගනිමින් මේ ජාවාරම ජයටම සිදුවන අයුරුය. එය පකිස්‌තානු රජයට අදටත් නවතාලීමට අසීරු හේතුවක්‌ ඇත. පකිස්‌තානයේ කන ළඟම පිහිටි රට වන්නේ ඇෆ්ගනිස්‌ථානයයි. අපේ තේ පොල්, රබර් මෙන් එරටේ ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක්‌ වී ඇත්තේ පොපි මල් වගාවය. 

ගමක්‌ රටක්‌ නොව ලෝකයක්‌ විනාශ කළ හැකි හෙරොයින් හදන්නෙ මේ පොපි මලෙන් වෑහෙන කිරි යොදාගෙනය. අබිං නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට වගා කෙරෙන පොපි මල් වගාවේ ලෝකයේ අධිපත්‍ය ඇත්තේද ඇෆ්ගනිස්‌තානයටය. තලේබානුවන්ගෙ පාලන සමයේ මේ පොපි මල් වගාව ක්‍රමයෙන් දියුණු විය. වත්මන් තලේබාන් පාලනය 2012 වසරේදී එතෙක්‌ පැවති පොපි මල් වගාව හෙක්‌ටයාර් 154,000 කින් වැඩි කළේය. එය එක පිම්මට 2011 වසරට වඩා 18% ක වැඩිවීමක්‌ය. මේ නිසා ලෝකයේ ප්‍රධානතම හෙරොයින් සැපයුම්කරුවා ලෙස ඇෆ්ගනිස්‌ථානය නිරායාසයෙන්ම පත්වන්නේය. 1997 ස්‌ථාපිත කළ එක්‌සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලයට අනුව ඇෆ්ගනිස්‌ථානයේ නිපදවන හෙරොයින්වලින් 40% ක්‌ ලෝකය පුරා බෙදා හැරෙන්නෙ පකිස්‌තානය හරහාය. කරච්චි නුවර එහි එක්‌ කේන්ද්‍රස්‌ථානයක්‌ය. ඇෆ්ගනිස්‌ථානය පකිස්‌තානයේ කන ළඟ ඉඳගෙන කනෙන් රිංගා එරටේ නාමයද විනාශ කර සෙසු රටවල් විනාශ කරන්නේද එහෙමය.

මෙලෙස නන්නාඳුනන රටක සිට හොර රහසේ ගෙනෙන හෙරොයින් භාවිතයෙන් කුඩ්ඩන් ලෙස හංවඩු ගැසී රොඩ්ඩන් සේ රෝගීව හිඳින්නේ ඒවා ගෙනෙන ජාවාරම්කරුවන් නොව රටක්‌ රාජ්‍යයක්‌ බාර ගැනීමට සිටින මේ රටේ මිනිසුන්ය. අහිංසක දෙමාපියන්ගෙ මග නොයන දරුවෝය. ජීවිත අගය නොවටහා ගත් පිරිමින්ය. අවසානයේ ඒ සියල්ල හමුවේ බෙලහීන වන්නේ මේ රටේ ශ්‍රම සම්පතය. නිරපරාදේ රටින් පිටතට ඇදෙන්නේ මේ රටේ ආදායමය.

මේ නිසා හෙරොයින් රට තුළට ගෙනෙන විට ඒවා අත්අඩංගුවට පත් වූ වහාම විනාශ කළ යුතු බව අපගේ වැටහීමය. වෙනත් නඩු භාණ්‌ඩ සේ මේ විෂ තවදුරටත් සීල් කර තබා ගැනීම පවා නුසුදුසුය. රේගුවට හමුවන වෙනත් නීති විරෝධී භාණ්‌ඩ විනාශ කළ හැකි නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවැසි ප්‍රමාණවත් ක්‍රියා පටිපාටියක්‌ සකසා නඩු තීන්දු එන තුරු මේ විෂ තවදුරටත් තබාගන්නේ මන්ද?

තිස්‌ස ගුණතිලක, ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/05/11/feature18.html

Pic Source

සබැඳි ලිපි -
[
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

0 comments: