Pages

Thursday, May 22, 2014

බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! - ජාතික හෙළ උරුමය

පසුගිය 13 වන දින ගම්පොළ නගර මධ්‍යයේ සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් බාධා සිදු කළ බව දැකගන්නටත්, දැනගන්නටත් හැකිවිය. එම උද් ඝෝෂණය සිදුකිරීමට පාදක වී තිබුණේ ගම්පොළ සහීරා මීශ‍්‍ර පාසලේ සිංහල මාධ්‍ය අංශයේ ප‍්‍රාථමික ශ්‍රේණීවල ළමුන්, ගුරුවරුන් හා දෙමාපියන් එක්ව වෙසක් දිනය නිමිත්තෙන් සිදුකළ වෙසක් සැරසිළිය. එම විදු හලේ විදුහල්පති අත්තනෝමතිකව පාසල තුළ ආගමික සහජීවනය බිඳදමමින් බෞද්ධ විරෝධී ලෙසත් අන්තවාදි ලෙසත් කටයුතු කරමින් එම වෙසක් සැරසිලි ඉවත් කර ඇති හෙයින් මේ සම්බන්ධව පාසල් දරුවන්ගෙන් ලැබුණු දුක්ගැනවිලි මත ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කර ඇත. විරෝධය පළකිරීම සඳහා ගම්පොළ කලාප කාර්යාලය අසළ සිට ගම්පොළ පොලීසිය දක්වා සාමාකාමී පාගමනකින් ගොස්  ගම්පොළ පොලීසිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කළ අවස්ථාවේ දී ප‍්‍රදේශයේ  දේශපාලන අධිකාරිය ඊට මැදිහත් වෙමින් ඉතා නින්දිත ලෙස එම පාගමනට බාධාකර ඇත. එපමණක් නොව එම දේශපාලන අධිකාරිය තම සහචරයින් සහ ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරින් යොදාගනිමින් පාගමනට සම්බන්ධවූවන්ට හා එයට නායකත්වය දුන් අයට තර්ජනය කරමින් එය නවතා දමන ලෙස බලපෑම් කර ඇත. එම අවස්ථාවේ දේශපාලන අධිකාරිය විසින්ද මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එරෙහිව සුඵ පිරිසක් සමග තවත් පාගමනක් සංවිධානය කර ඇති අතර එමගින් ප‍්‍රදේශයේ නොසන් සුන්තාවයක් ඇති කිරීමට හේතු වී ඇත. එම නොසන්සුන්තාවය ඇති කිරීමට වගකිවයුතු වන්නේ එම දේශපාලන අධිකාරිය හා පො ලීසිය බව පැහැදිලිය. පොලීසිය සාමකාමී විරෝධතාවයට බාධා කරමින් එය නතර කරලීමට දේශපාලන අධිකාරියේ වුවමනාව මත කටයුතු කර ඇත. වෙසක් සමයේ සියලූම පාසල් වල වෙසක් සැමරුම සිදු කරන ලෙස රජයෙන් නිකුත් කරන ලද චක‍්‍රලේඛනය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව කටයුතු කළ ගම්පොළ සහීරා විද්‍යාල යේ විදුහල්පතිට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක  නොකර මේවන විට ඔහුගේ එම කි‍්‍රයාවට විරෝධතාවය සංවිධානය කළ පිරිස බියවද්දමින් හා මරණ තර්ජනයන් එල්ලකරමින් ඇත.

සාමකාමීව විරෝධතා දැක්වීම, යම් අසාධාරණයන්ට එරෙහිව හඩ නැගීම සමාජය සතු මූලික මානව හිමිකමකි. යම් හෙයකින් මේ උද්ඝෝෂණය සංවිධානය කළ පාර්ශවයට එයට මූලික වූ අයට මතු අනාගතයේ දී යම් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය භාරගත යුතුය. තවද මෙම කාරණය සම්බන්ධව ගම්පොළ පොලීසියේ හැසිරීම ද ඉතා පිළිකුල් සහගතය එම විරෝධතා දැක්වු පිරිස් වෙත බොරු චෝදනා එල්ල කර මින් අත්අඩංගුවටත් ඔවුන්ට එරෙහිව නීතිය අනිසි ලෙස බලගැන්වීමටත් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇත. ප‍්‍රදේශයේ  දේශ පාලන අධිකාරිය සහ ඔහුගේ සහචරයන් ප‍්‍රදේශයේ භික්‍ෂූන්වහන්සේලා හා බෞද්ධ ජනතාව බියවද්දමින් කරගෙන නින්දිත කි‍්‍රයාකපිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ සම්බන්ධව අපක්‍ෂපාති පර් යේෂණයක් සිදුකළ යුතු බවත් බෞද්ධ විරෝධතාකරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත් ගම්පොළ බෞද්ධ ජනතාව බියවැද්දීම නතර කරන ලෙසත් අප බලධාරින් ගේන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම්, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/116093/

Pic Source

0 comments: