2558 වැනි සම්බුදු තෙමඟුල සමරණ වෙසක් සතිය (12 වැනිදා) ඇරඹිනි. දාන සීල භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවනටත් දන්සල්, තොරණ වෙසක් පහන් කූඩු වැනි ආමිස පූජාවනටත් මුල් තැන දෙමින් වෙසක් සතිය බොදු බැති ජනතාව සමරති.
ඕනෑම බෞද්ධ කටයුත්තකදී බෞද්ධ කොඩියට මුල්තැන හිමිවනවා සේම වෙසක් සතිය තුළද බෞද්ධ කොඩියට මුල් තැනක් හිමිවේ.
පළමු වරට බෞද්ධ කොඩියක් ශ්‍රී ලංකාවේ එසවූයේ 1885 අප්‍රේල් මස 28 වැනිදාය. කොළඹ විද්‍යාදය පිරිවෙනෙහි හා කොටහේන දීපදුත්තාරාමයේදී එය ඔසවන ලදී.
ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන බෞද්ධ කොඩිය තුළින් දිස්‌වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ ඇති වන අතිමාත්‍ර ප්‍රීති සහගත අවස්‌ථාවන්හිදී උන්වහන්සේගේ සිරුරින් විහිදෙන සවනක් රැස්‌මාලාවය.
බෞද්ධ කොඩියේ ඉතිහාසය
1950 මැයි මස 25 වැනිදා මහනුවරදී පැවැත්වූ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක රැස්‌වීමේදී මහාචාර්ය පී. පී. මලලසේකර මහතාගේ යෝජනාවක් අනුව රාජ්‍ය 29 ක නියෝජිතයන්ගේ ඒකච්ඡන්දයෙන් මෙම කොඩිය ලෝක බෞද්ධ කොඩිය වශයෙන් සම්මත විය. ඒ අනුව අන්තර්ජාතික බෞද්ධ කොඩිය ලෙස සෑම රටකම මෙම කොඩිය භාවිත කරනු ලබයි.
බෞද්ධ කොඩියේ හැඩය
බෞද්ධ කොඩිය සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුක්‌ත විය යුතුය. කොඩියේ දිග පළල අනුපාතය 2(3 විය යුතුය.
බෞද්ධ කොඩියේ මතුපිට
බෞද්ධ කොඩිය නීල, පීත, ලෝහිත, ඕදාත හා මාංජෙෂ්ඨ වර්ණ හැර වෙනත් වර්ණ භාවිත කළ නොහැකිය. විවිධ වැකි හෝ ඡායාරූප බෞද්ධ කොඩිය මතුපිට මුද්‍රණය කිරීමත් නොහැකිය. එසේ කිරීම නීති විරෝධීය.
වෙසක් පොහොය නිවාඩුව
මිහිඳු මහ රහතන්වහන්සේ ලක්‌දිවට බුදුදහම ගෙන ආ සමයේ සිට ලක්‌වැසියනට වෙසක් පුර පසළොස්‌වක පොහොය නිවාඩු දිනයක් බවට පත්විය. නමුත් ශ්‍රී ලංකාව පාලනය කළ ඕලන්ද ජාතිකයන් විසින් 1770 නොවැම්බර් 01 වැනිදා සිට වෙසක් පොහොය නිවාඩුව අහෝසි කරන ලදී.
හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් බිහි වූ බෞද්ධාරක්‍ෂක සභාවේ ඉල්ලීමක් රැගෙන එංගලන්තයට ගිය හෙන්රි ඕල්කට්‌තුමා වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ යුතු යෑයි ඉල්ලීමක් කළේය. එවකට පැවැති බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් තම යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලදී.
උපාලි ද සේරම්
http://www.divaina.com/2014/05/14/feature06.html
Pic Source

- නීල වර්ණය (නිල් පාට) - බුද්ධ ශරීරයේ කෙස්, ලොම්, ආදියෙන් විහිදී ගිය වර්ණය
- පීත වර්ණය (කහපාට) - බුද්ධ ශරීරයේ සම තුළින් විහිදී ගිය වර්ණය.
- ලෝහිත වර්ණය (රතුපාට) - බුද්ධ ශරීරයේ ලේ, මස් ආදිය තුළින් විහිදී ගිය වර්ණය
- ඕදාත වර්ණය (සුදුපාට) - බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිදී ගිය වර්ණය
- මාංජෙෂ්ඨ වර්ණය (මදටිය පාට, රතු මිශ්‍ර කහ) - බුද්ධ ශරීරයේ අතුල්, පතුල් තොල්වලින් විහිදී ගිය වර්ණය
- ප්‍රභාෂ්වර වර්ණය - ඉහත සියලු වර්ණයන්ගේ එකතුව
1950 මැයි මස 25 වැනිදා මහනුවරදී පැවැත්වූ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක රැස්‌වීමේදී මහාචාර්ය පී. පී. මලලසේකර මහතාගේ යෝජනාවක් අනුව රාජ්‍ය 29 ක නියෝජිතයන්ගේ ඒකච්ඡන්දයෙන් මෙම කොඩිය ලෝක බෞද්ධ කොඩිය වශයෙන් සම්මත විය. ඒ අනුව අන්තර්ජාතික බෞද්ධ කොඩිය ලෙස සෑම රටකම මෙම කොඩිය භාවිත කරනු ලබයි.
බෞද්ධ කොඩියේ හැඩය
බෞද්ධ කොඩිය සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුක්‌ත විය යුතුය. කොඩියේ දිග පළල අනුපාතය 2(3 විය යුතුය.
බෞද්ධ කොඩියේ මතුපිට
බෞද්ධ කොඩිය නීල, පීත, ලෝහිත, ඕදාත හා මාංජෙෂ්ඨ වර්ණ හැර වෙනත් වර්ණ භාවිත කළ නොහැකිය. විවිධ වැකි හෝ ඡායාරූප බෞද්ධ කොඩිය මතුපිට මුද්‍රණය කිරීමත් නොහැකිය. එසේ කිරීම නීති විරෝධීය.
වෙසක් පොහොය නිවාඩුව
මිහිඳු මහ රහතන්වහන්සේ ලක්‌දිවට බුදුදහම ගෙන ආ සමයේ සිට ලක්‌වැසියනට වෙසක් පුර පසළොස්‌වක පොහොය නිවාඩු දිනයක් බවට පත්විය. නමුත් ශ්‍රී ලංකාව පාලනය කළ ඕලන්ද ජාතිකයන් විසින් 1770 නොවැම්බර් 01 වැනිදා සිට වෙසක් පොහොය නිවාඩුව අහෝසි කරන ලදී.
හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් බිහි වූ බෞද්ධාරක්‍ෂක සභාවේ ඉල්ලීමක් රැගෙන එංගලන්තයට ගිය හෙන්රි ඕල්කට්‌තුමා වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ යුතු යෑයි ඉල්ලීමක් කළේය. එවකට පැවැති බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් තම යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලදී.
උපාලි ද සේරම්
http://www.divaina.com/2014/05/14/feature06.html
Pic Source
0 comments:
Post a Comment