Pages

Saturday, May 24, 2014

අයි.පී.එල්. අවසන් වටයට පන්ජාබ්, චෙන්නායි, කල්කටා සහ රාජස්‌තාන්!

අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ අවසාන අදියර හෙවත් තරග 52 ක්‌ අවසන් වන විට අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබීමේ ආසන්න අවස්‌ථාවට පැමිණීමට පන්ජාබ්, චෙන්නායි, කල්කටා සහ රාජස්‌තාන් යන කණ්‌ඩායම් සමත්ව සිටියි.

ප්‍රසාද ලකුණු සටනේ පෙරමුණේ සිටින පන්ජාබ් කණ්‌ඩායම තරග 12 කදී ජයග්‍රහණ නවයක්‌ සමග ප්‍රසාද ලකුණු 18 ක්‌ ලබා තිබෙන අතර ඔවුන්ට තවත් තරග දෙකක්‌ ඉතිරිව තිබේ. දෙවැනි ස්‌ථානයේ පසුවන චෙන්නායි කණ්‌ඩායම ජයග්‍රහණ අටක්‌ සමග ප්‍රසාද ලකුණු 16 ක්‌ ලබා සිටින අතර ඔවුන්ට තවත් එක්‌ තරගයක්‌ ඉතිරිව තිබේ.

ජයග්‍රහණ අටක්‌ සමග ප්‍රසාද ලකුණු 16 ක්‌ ලබා සිටින කල්කටා කණ්‌ඩායම තෙවැනි ස්‌ථානයටත් ජයග්‍රහණ හතක්‌ සමග ප්‍රසාද ලකුණු 14 ක්‌ ලබා සිටින රාජස්‌තාන් කණ්‌ඩායම සිව්වැනි ස්‌ථානයටත් පත්වෙමින් අවසන් පූර්ව වටයට වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය කරගැනීමට සමත්ව සිටියි. එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ පස්‌වැනි ස්‌ථානයේ සිටින හයිද්‍රdබාද් කණ්‌ඩායම එක්‌ තරගයක්‌ අතැතිව ලකුණු 12 ක්‌ ලබා සිටින අතර යම් හෙයකින් රාජස්‌තාන් කණ්‌ඩායම ඉතිරිව ඇති තරග දෙකම පරාජයට පත් වී හයිද්‍රdබාද් කණ්‌ඩායම ජය ලැබුවහොත් සිව්වැනි ස්‌ථානය දළ ලකුණු වේගය මත තීරණය වනු ඇත. 

මුම්බායි කණ්‌ඩායම මෙවර තරගාවලියේ තරග 12 කදී ජයග්‍රහණ පහක්‌ සමග ප්‍රසාද ලකුණු 10 ක්‌ ලබා සිටින අතර ඔවුන්ට තවත් තරග දෙකක්‌ ඉතිරිව තිබුණද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඇති කර ගැනීමට එම තරග දෙකම වැඩි ප්‍රසාද ලකුණු වලින් ජය ගැනීම සහ රාජස්‌තාන් කණ්‌ඩායම ඉතිරිව ඇති තරගය පරාජය වීම අනිවාර්ය වේ.

මැක්‌ස්‌වෙල් අභිබවා රොබින් පෙරමුණට

අයි.පී.එල්. තරගාවලියේ වඩාත් කතා බහට ලක්‌වූ ප්‍රහාරකයා වූ පන්ජාබ් කණ්‌ඩායමේ මැක්‌ස්‌වෙල් අභිබවා පිතිකරුවන් අතර පෙරමුණ පැමිණීමට කල්කටා කණ්‌ඩායමේ රොබින් උත්තපා සමත් විය. ඔහු තරග 13 කදී අර්ධ ශතක පහක්‌ සමග ලකුණු 572 ක්‌ ලබා සිටින අතර එහි සාමාන්‍ය 47.66 ක්‌ ලෙස සටහන් වේ. දෙවැනි තැනට පත්ව ඇති මැක්‌ස්‌වෙල් තරග 12 කදී අර්ධ ශතක 4 ක්‌ සමග ලකුණු 533 ක්‌ ලබා සිටින අතර ඔහුගේ සාමාන්‍ය 44.44 ක්‌ වේ.

මෙවර තරගාවලියේ අවසන් අදියර ආසන්නයට පැමිණෙන විට ලකුණු පන්සියයේ සීමාව ඉක්‌මවා ගිය සෙසු පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් තරග 13 කදී ලකුණු 526 ක්‌ද චෙන්නායි කණ්‌ඩායමේ ඩ්වයින් ස්‌මිත් ලකුණු 501 ක්‌ද ලබා තිබේ. 

එස්‌.පී. නරේන් සහ කුමාර් පන්දුවෙන් පෙරමුණට

අයි.පී.එල්. තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට කල්කටා කණ්‌ඩායම නියෝජනය කරන එස්‌.පී. නරේන් සහ බුවනේෂ්වර් කුමාර් සමත් වූහ. ඔවුන් දෙදෙනාම කඩුලු 20 බැගින් දවාගෙන තිබේ.

මුම්බායි කණ්‌ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර තරගාවලියේදී ක්‍රීඩා කළ තරග 10 දී කඩුලු 16 ක්‌ දවා ගැනීමට සමත් විය.

http://www.divaina.com/2014/05/24/sports04.html

Pic Source

0 comments: