කරුණා නිධාන වූ අප තථාගත බුදු අමාමෑණියන් වහන්සේගේ අසම සම වූ ඤාණ සම්පත්තිය පිළිබඳව හා පතල මහා කරුණාව පිළිබඳව හා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන වඩ වඩාත් කාගේත් කතාබහට ලක්‌වන කාලයකි මේ වෙසක් සමය.
ලෝකයේ කාලයෙන් කාලයට අපූර්වතම මිනිස්‌සු පහළ වෙති. ඔවුන් භෞතික විද්‍යාඥයන්, ග්‍රහලෝක හා සඳ තාරකාවන් පිළිබඳ දැනුමැති පුද්ගලයන්, මනෝ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, අර්ථ ශාස්‌ත්‍රඥයන් ආදී වශයෙන් විවිධ විෂයයන් ඔස්‌සේ දස්‌කම් දක්‌වන්නට සමත් අය විය හැකිය. නමුත් ලෞකික හා ලෝකෝත්තර යන දෙලොවෙහිම අසමසම දැනුම් සම්භාරය විනිවිද දකින්නට ඒ කිසිවකු සමත් වී නැත. මේ ලොව තුළ විවිධ විෂය පථයන් හරහා සමාජගත ප්‍රශ්න විසඳන්නට කවුරු කොහොම සාකච්ඡා මේසයට පැමිණියත්, ඒ සෑම ගැටලුවක්‌ම, ප්‍රශ්නයක් ම අඩු වැඩි වශයෙන් කාලෙන් කාලෙට උත්සන්න වී ඇත. නිරන්තර නොසිතිය හැකි වෙනස්‌කම්වලට ගොදුරුවෙමින් ද ඇත.
"ලෝකය" යනු "ලුඡ්ජති පලුඡ්ජතිති ලෝකෝ", එනම් කැඩෙන බිඳෙන ලක්‍ෂණයන්ගේ සමන්විත වූ නිසා ඒ නම සැකසී ඇති බව පෙනේ. සත්ත්වයන් මුහුණ දී සිටින විවිධ දුක් කම්කටොළු ඉපදෙමින් මැරෙමින් යන ගමන නතර කර සසර කතරින් එතෙර වන මඟක් කිසිවෙකු විසින් ඉදිරිපත් කළේ නැත. එසේ නම් ඒ උත්තුංග හැකියාව දැනුම පුණ්‍ය මහිමය ඇත්තේ බුදුවරයකුටම පමණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලව ඒ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය දේශනා කළ සුබ වෙසක් දින කාලයයි මේ එළඹ තිබෙන්නේ.
ඒ ශ්‍රේෂ්ඨ වූ බුද්ධිමතාණන් වහන්සේගේ බුද්ධි මහිමය, ප්‍රඥා මහිමය කෙසේ නම් කාහට විස්‌තර කළ හැකිද? සාරා සැකිකප් කෙලක් මුළුල්ලේ අනේක විධ දුක් සමුදායයන් විඳ දරා නොයෙක් සත්ත්ව කුලවල උපත ලබා සෑම ආත්මයකදීම කුසල ශක්‌ති, පුණ්‍ය ශක්‌ති එකතු කර උතුම් වූ බුදුබව පසක් කර ගත්හ.
සිතෙන් කළ හැකි කාර්යය අසීමිතයි. සිතේ උසස්‌ම අවස්‌ථාව සවාසන සකල ක්‌ලේෂයන් නසා උතුම් වු බුද්ධත්වයට පත්වීමයි. සෑම දේකටම සිත මුල් වෙයි. (මනෝ පුබ්බංගමා ධම්මා) නිරතුරු මේ සිත සෙලවෙයි. එක අරමුණක තබාගැනීම දුෂ්කරය. හැම දේකටම මේ සිත ඇමිනෙයි. එහෙත් මුරණ්‌ඩු චපල මේ සිත කිසිදු දේක නොඇලී අවීතරාගීව ලොවට සෙතක් සලසන සිතක් බවට පත් කර ගත්තේ බුදුරජාණන් වහන්සේ පමණි. එසේම ලෝකයේ සිතෙන් උපරිම ඵල නෙළා ඇත්තේ ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාම පමණි.
තථාගතයන් වහන්සේගේ නව ගුණයන් අතර අරහං යන්නෙහි එක් අරුතක් නම් රහසින්වත් පව් නොකළ සේක යනුයි. ඒ තුළින් උන්වහන්සේගේ හදවතේ පවිත්‍රත්වය මොනවට පැහැදිලි වේ. මෙහි ඇති වටිනාම දෙය නම් ඒ බුදුගුණ මෙනෙහි කරන භාවනාවක් හැටියට වඩන පුද්ගලයාගේ සිතෙහි කෙළස් බැහැරලන්නට සමත්කමයි.
අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්‌වෙන තථාගතයන් වහන්සේම දේශනාකර ඇති ආකාරයට "ඒක ධම්මෝ භිඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඳ්ඳාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තුති"
"මහණෙනි, බුද්ධානුස්‌සති නමැති එකම ධර්මයක් භාවනාවක් හැටියට වඩන ලද්දේ ද, බහුල වශයෙන් පුහුණු කරන ලද්දේ ද, ඒකාන්තයෙන් නිර්වේදය (සසර කළකිරීම) පිණිස රාග, දොස, මෝහයන්ගේ නිරෝධය පිණිස කෙලෙස් ගිනි නිවා දැමීම පිණිස අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කොට විශිෂ්ට ඤාණ ලැබීම පිණිස චතුරාය සත්‍යය පිළිසිඳීම හෙවත් අවබෝධය පිණිස අසංඛත වූ නිවණ සාක්‌ෂාත් කිරීම පිණිස පවතී යෑයි දේශනා කළහ.
බුදු ගුණයන් වැඩීමෙන් ලැබෙන සෙත ශාන්තිය කෙතරම් දැයි ඒ තුළින් මනාව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේගේ කරුණාව, දයාව, මෛත්‍රිය තම රාහුල පුංචි පුතුට සේම දේවදත්ත හිමි, චිංචිමානවිකාව වැනි මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයන්ටත් සකල සත්ත්ව සමූහයාටත් එක හා සමානව පැවැත්වූහ. ඒ බව පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමිගේ කාව්‍යයෙන් මනාව ඉස්‌මතු වෙයි.
"ක්‍රෝධ සිතින් යුතු දෙවිදත් සහ ඇත්
නාලාගිරි රාජා රාහුල පුත් හා සමසේ සලකා
කරුණා සිත පැතිරූ දේහ විරාජිත
සම්මා සම්බුදු අමාමෑණියන්ගේ
මම නමදිම් සිරිපාද පියුම් යුග
සාධු කියා බැතිනි,
"රාජ මැදුර මෙය දුගී ගෙයක යන
බේද කිසිත් නොතකා
සෑම තැනට වැඩ ලෝක සතුන් සංසාරභවින් මුදවූ
ශීල සමාධී ගුණෙන් යුතු සෝබන
කරුණා නදියක් වූ
මම නමදිමි සිරිපාද පියුම් යුග
සාධු කියා බැතිනි,
බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකර තැනූ කවි ගීත අප්‍රමාණයි. බුදුගුණ අලංකාරයේ දැක්‌වෙන ආකාරයට,
"කුළුණු මෙත් සත වෙත
පතල නැණ සව් පදරුත
හෙළි කළ ලොවට සෙත
නිතර නමදිම් මුණිඳු සරණත"
සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව පැතිර වූ සේක. දත යුතු පදාර්ථයන් මැනවින් දැනගත්තා වූ ලොවට ශාන්තිය සැලසූ යන අර්ථ ගෙන දේ.
"කරුණා සීතල හදයං
පඳ් පඡ්ජෝත
විහත මෝහතමං
සනරාමර ලෝක ගුරුං
වන්දේ සුගතං ගති විමුත්තං"
බුදුරජාණන් වහන්සේ දහම් කරුණක් මනාව විස්‌තර කර දුන් අවස්‌ථාවක එහි සිටි චන්දනංගලික නම් බමුණුතෙම අතිශය ප්‍රීතියට පත් විය. කෝසල රජතුමා ප්‍රධාන පිරිසක් සිටි සභාවකදී එසැනින් ම නැඟී සිට බුදුරජාණන් වහන්සේගේ ගුණ සඳහන් මේ ගාථාව උන්වහන්සේ ඉදිරිපිටදීම ගායනා කළේය.
"පදුමං යතා කෝකනදා සුගන්ධං
පාතෝසියා ඵුල්ල මවීත ගන්ධං
අංගීරසංඵස්‌ස විරෝචමානං
නපන්තමාදිච්ච මිවන්තලික්‌ඛේ"
සුවඳවත් වූ රන් පියුම යම් සේ පහ නොවූ සුවඳ ඇත්තේ වේද, එසේම අහසේ බබලන සූර්යරාජයා මෙන් විරාජමාන වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේ දෙස බලන්න යනුවෙනි.
තථාගත අමාමෑණියන් වහන්සේ පිළිබඳව මනාව දත් කෙනෙකුට උන්වහන්සේ පිළිබඳ අතිශය ගෞරවයක්, අචල ශ්‍රද්ධාවක්, නොකැඩෙන බැඳීමක් ඇති වේ. පානදුරේ අරියධම්ම හාමුදුරුවන් වහන්සේ ඉතා ශ්‍රද්ධාවන්ත හිමි නමකි. උන්වහන්සේ විසින් කවි රචනා කර උන්වහන්සේට ආවේණික ස්‌වරයකින් දේශනා කළ සේක. තවත් එක් කාව්‍ය රචනයක් මෙසේ දක්‌වමි. මේ කාව්‍යයන් කියවන විට හා අසා සිටින විට බුද්ධාලම්භන ප්‍රීතියට පත් වනු නියතය.
"වීර විකුම් මහා තේජ ගුණෙන් දස පාරමිතා බල පෑ
මාර බලය බිඳ බෝධි මුලේ හිඳ සීහ නාද පැතිරූ
දේහ විරාජිත සම්මා සම්බුදු අමාමෑණියන්ගේ මම නමදිමි
සිරිපාද පියුම් යුග සාධු කියා බැතිනි.
භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව දැනගත් පුද්ගලයාට කායික, මානසික සුව සහනය උදාකර ගත හැකිය. දැනුමක් පමණක් ඇති, ශ්‍රද්ධාවක් නැති පුද්ගලයාට මින් නියම ඵල නෙළා ගැනීමට හැකි නොවේ. මින් වඩාත් ප්‍රයෝජන ගත හැකි වන්නේ ශ්‍රද්ධාවන්තයාටය. කෙනෙකු ගැන කල්පනා කරන විට ඒ පුද්ගලයාගේ ගුණ සම්පන්න භාවය සිතට එනවා. ඔබ සිතන්න ඔබේ හිතවත් කෙනෙක් ගැන. එම පුද්ගලයා පිළිබඳව ඔබ සිතන විට කල්පනාවට එන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇති හොඳ ගතිගුණ හා නරක ගතිගුණයි. නමුත් බොහෝ දෙනෙකුට වටිනා ගුණාංග අඩුයි. ඒ නිසා අනෙක් පුද්ගලයාට සිහියට එන්නේම නරක ගති ලක්‍ෂණයි. ඒ තුළින් තමාගේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් කිළිටිවීමට පටන් ගන්නවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ගැන සිතන්න සිතන්න උන්වහන්සේගේ ගුණ සමුදාය සිහි වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන දැනුම ලබන්න ලබන්න තමන්ගේ සිතට ඕනෑම දේකට ඔරොත්තු දීමේ ශක්‌තිය ලැබෙනවා. තමාගේ සිත කුසලයට නැමෙනවා. පවින් මුදවනවා. එසේම තමාගේ සිත සැනසීමට පත් කරනවා නිරාමිස සතුටක් ලබන කෙනෙක් වෙනවා. ඒ බව වටහාගත් ගුරුළුගෝමි මහා පඬිතුමා
"බුදුගුණ මුත් තෙපුල්
මෙත් බහාවුන් මුන්සිත්
නොවේවා කෙනෙක් හිදු
පර වැඩ මුත් පියෝමා"
එනම් මොහොතක්‌වත් මාගේ වචන බුදුගුණ කීමෙන් තොර නොවේවා. මොහොතක්‌වත් මාගේ සිත මෛත්‍රී භාවනාවෙන් තොර නොවේවා. මොහොතක්‌වත් මාගේ ක්‍රියා පරවැඩවලින් තොර නොවේවා යි ප්‍රාර්ථනා කළේය.
බුදුරජාණන් වහන්සේ දෙවියකු බ්‍රහ්මයෙකු හෝ වෙනත් බිය ජනිත කරවන නම් ඇති අදෘෂ්‍යමාන කෙනෙක්‌වත් නොවේ. උන්වහන්සේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙකි. මිනිසුන් අතර ඉපදී මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ උතුමෙකි. ඒ බව සිදුහත් කුමාරයා ඉපදුන ක්‍ෂණයෙන් පියවර හතක් පිය මැනීම තුළින් හා අනෙක් සිද්ධි දාමයන් පිරික්‌සීමේදී පැහැදිලි වේ.
එක්‌තරා අවස්‌ථාවක ආනන්ද හාමුදුරුවන් වහන්සේ මෙවැනි ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවට බඳුන් කළහ. ස්‌වාමීනි සි‚ නම් බුදුරජාණන්ගේ "අභිඥ කියා ශ්‍රාවකයෙක් ඉඳලා තියෙනවා. හෙතෙම වාසය කර තිබෙන්නේ බඹ ලොවයි. ඔහුට දහසක් ලෝකවලට ශබ්දය පතුරුවන්න හැකි බව දැක්‌වෙනවා. එහෙයින් තථාගතයන් වහන්සේට කොපමණ දුර ප්‍රමාණයක් දහම් හඬ පැතිරවිය හැකි දැ"යි ඇසීය.
"ආනන්දය හෙතෙම ප්‍රදේශණයෙන් යුතු ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් යුක්‌ත වන හෙයින් එවැනි කෙනෙකු බුදුවරයන් හා සම කළ නොහැකි බව දේශනා කළහ.
බුදුරදුන්ට ඇති එක් අසහාය අසම සම බලයක් පිළිබඳව විස්‌තරයක් ආනන්ද හිමියන්ගේ ඉල්ලීම නිසා සැල කළහ. ආනන්දය යම්තාක් සඳහිරු දෙදෙන පවතිත් ද සියලුම දිසාවන් බබලවමින් ආලෝකවත් කෙරේද, ඒතාක් සක්‌වල දහසින් යුක්‌ත වූ ලෝකය වේ. ඒ දහසක් සක්‌වලෙහි සඳ දහසක් වේ. (සහස්‌සං චන්දනං) හිරු දහසක් වේ. (සහස්‌සං සූරියානං) මේරු පර්වත දහසක් වේ. දඹදිව දහසක් වේ. අපර හෝයාය දහසක් වේ. උතුරුකුරු දිවයින දහසක් වේ. පූර්ව විදේහයන් දහසක් වේ. සිව්මහ සයුරු දහසක් වේ. සිව්වරන් මහා රජවරු දහසක් දෙනෙකු වේ. චාතුර්මහා රාජිත දිව්‍ය ලෝක දහසකි. තාවතිංස දිව්‍ය ලෝක දහසකි. යාම, තුසිත, නිම්මාණරති, පාරනිම්මිත වසවර්ති බඹලොව ආදී තැන් ද, දහසක් බැගින් වෙති. මේ සහශ්‍ර චූලනිකා නම් ලෝක ධාතුව යෑයි දේශනා කළහ.
එවැනි චූලනිකා ලෝක ධාතු යම්තාක් වේද, ඒතාක් සහශ්‍රයේ ගුණ කළ ලෝකයන් වේ. එය ත්‍රිසහශ්‍ර සංඛ්‍යාත වූ මහා සහශ්‍ර නම් වූ ලෝක ධාතුව යෑයි කියනු ලැබේ. ආනන්දය තථාගතයන් වහන්සේ යම්තාක් කැමැති වේද ඒතාක් තථාගතයන් වහන්සේගේ ස්‌වරය පැතිර විය හැකි බව දේශනා කළහ.මේ දේශනාවෙන් පසු ආනන්ද හිමියන් මහත් සේ සතුටට පත්වුණා. මාගේ ශාස්‌තෲන් වහන්සේ සෘද්ධිවිධ ඤාණයෙන් යුක්‌ත වූ සේක. මහානුභාව සම්පන්න වන සේක. එය මට මහත් ලාභයෙකි යි කීහ. එය අසා සිටි උදායි හිsමියන් මෙසේ අසන්නට විය. "උන්වහන්සේ සෘද්ධි සම්පත්තියෙන් යුක්‌ත වූවා කියා ඔබට ඇති ප්‍රයෝජනය කුමක්‌ද? යනුවෙනි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කියන්න එපා උදායි හට පහ නොවූ රාග ඇතිව ආනන්ද හිමි කළුරිය කළේ නම් ඒ චිත්ත ප්‍රසාදය නිසා දෙවියන් අතර සත්වරක් දිව්‍ය රාජ තනතුරට පත්වන්නේය. නමුත් මේ ආත්මයේදීම ආනන්ද හිමියෝ කෙලෙස් නසා නිවන් පසක් කර ගන්නා බව දේශනා කළහ.
"යේසංමයි සද්ධාමන්තං පේමමත්තං සබ්බේ තේ සග්ග පරායනා"
යම් කෙනෙකුට තමා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හා බැඳීමක් තිබේ නම් ඔහු සුගතිගාමී වන බව දේශනාවේ දැක්‌වේ. ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම වැනි අසිරිමත් සිදුවීම් සිදු වූ මේ වෙසක් සමයේ අප කුමක්‌ද මින් අර්ථවත් කර ගත යුතු වන්නේ.
සමාජය එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් එකිනෙකාට දොස් නඟා ගනිති. තමන්ගේ ජීවිත ආලෝකවත් කර ගන්නට ඇති කාලය අනුන්ගේ වැරදි සොයන්නට යොමු කර ඇත බුද්ධිමත් පුද්ගලයා මේ ගැන මනා අවධානයෙන් හා සිහිනුවනින් කටයුතු කරයි.
ශාස්‌ත්‍රවේදී ගෝනදෙණියේ සීවලී හිමි
http://www.divaina.com/2014/05/11/feature13.html
Pic Source

0 comments:
Post a Comment