තායිලන්තය නොහොත් සියම් දේශය ලොව ප්‍රමුඛතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යයයි. එරට ජනගහනයෙන් 94% ක් බෞද්ධයන් වීම සුවිශේෂය. ශ්‍රී ලංකාවත් තායිලන්තයත් අතර ඇති ආගමික සබඳතා වසර සිය ගණනක් ඈතට දිවයයි. පසුගිය වසරේදී හිටපු තායිලන්ත අගමැතිනි යින්ලුක් ෂිනවත්‍රා මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියේ සියම් නිකාය පිහිටුවා වසර 261 ක් සපිරෙන උත්සවයට සහභාගි වීම සඳහාය.
ෂිනවත්‍රා මහත්මිය අද එම ධුරයෙන් පහකර ඇත. එරට ව්‍යවස්‌ථා අධිකරණය මේ අගමැතිනියට නියෝග කර සිටියේ ඇය සිය අගමැති ධුරයේ බලය අයුතු ලෙස යොදාගෙන ඇති නිසා වහාම ගෙදර යායුතු බවකි. ඉකුත් නොවැම්බරයේ සිට තායිලන්තයේ දේශපාලන අස්‌ථාවරත්වය ඇතිවුණේ විපක්‍ෂ කණ්‌ඩායම් බැංකොක් නුවර වීදි බැස උද්ඝෝෂණය කරන්නට වූ නිසාය. හිටපු තායි අගමැතිනියට එල්ලවූ ප්‍රබලම චෝදනාව වන්නේ ඇය 2006 දී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකරන ලද තක්‌ෂින් ෂිනවත්‍රාගේ පදයට නටන බවට එල්ල වූ චෝදනාවයි. තක්‌ෂින් මෑතකාලීන තායිලන්ත දේශපාලනය වෙනස් කළ ප්‍රමුඛ චරිතයක් බව අවිවාදිතය. ඔහුගේ ජන පදනම වැටී තිබුණේ නාගරිකව නොව ග්‍රාමීයවය. රතු කමිස බළකාය අදත් මේ නායකයා වෙනුවෙන් පෙනීසිටී. දකුණු තායිලන්තයේ මුස්‌ලිම් බෙදුම්වාදයට එරෙහිව දැඩිව ක්‍රියාකළ තක්‌ෂින් ත්‍රස්‌තවාදයට කිසිම විටක හිස නැමුවේ නැත. එහෙත් 2006 සැප්තැම්බර් 16 වැනි අඟහරුවාදා දිනයේ තායි රාජකීය හමුදාව කුමන්ත්‍රණයක් දියත්කර මේ අගමැතිවරයා බලයෙන් පහකරනු ලැබීය. හමුදාව තක්‍ෂින්ට එරෙහි වුවත් ඔහු කෙරෙහි වූ ජනතා කැමැත්ත මෙතෙක් වියෑකී ගොස් නැත. යින්ලුක් ෂිනවත්‍රාට බලයට පැමිණීමට හැකි වූයේ ද සිය සොහොයුරාට තිබූ ඡන්ද පදනම නිසාය.
2006 සැප්තැම්බර් 16 වැනි අඟහරුවාදා මෙන් ඉකුත් 21 වැනි අඟහරුවාදා දිනයේත් තායි රාජකීය හමුදාව එරට නිල නොවන හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය. 21 වැනිදා අලුයම තායිලන්තය පුරා යුද නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර රූපවාහිනි නාලිකාවන් ගණනාවක් වසාදමන ලදි. තායි හමුදාව මෙම නිවේදනය එනම් යුද නීතිය පනවන බව ප්‍රකාශ කළේ අලුයම තුනට පමණය. එනම් රටම නින්දේ සිටියදීය. මිලියන හැට හයක ජනතාවක් වෙසෙන තායි රාජ්‍යයේ සිදුවන්නේ කුමක්‌ද යන්න පිළිබඳව ලොවම අවධානයෙන් සිටී. එහෙත් තායි වැසියන් නම් හමුදාව බැරැක්‌කවලින් එළියට පැමිණීම ගැන එතරම් විරෝධයක් දක්‌වන බවක් නොපෙනෙන්නේ බොහෝ දෙනා සිනහමුසු මුහුණින් යුතුව තම ජංගම දුරකථන වලින් ඒ අවිගත් සෙබළුන් සමඟ එකට සිට ගනිමින් ඡායාරූප ගන්නා අයුරු මාධ්‍යවල පළවී ඇති නිසාය.
තායි හමුදාපති ජෙනරාල් ප්‍රයුත් චාන් ඩචා පවසන්නේ රට අරාජික වීම වැළැක්‌වීම සඳහා හමුදා මැදිහත්වීමක් සිදුකළ නමුත් මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවය. මාධ්‍ය වාරණයක් ඇති කරනු ලැබුවේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් බවත් එරට හමුදාව කියයි. තායිලන්තයේ වැඩබලන අගමැති නිවත්නම්රොන්ග් බුත් සොන්ග් පායිසහත් හමුදාවෙන් ආයාචනා කර සිටියේ ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කරන ලෙසත් කිසිදු හිංසාකාරී ක්‍රියාවකට නොයන ලෙසත්ය. හමුදාවේ මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට තර්ජනයක් බව වැඩබලන අගමැතිවරයා හොඳින්ම දනී.
පකිස්‌තානයේ මෙන්ම තායිලන්තයේ නිරන්තර හමුදා මැදිහත්වීම් සිදු විය. තායිලන්ත රජු එනම් 86 හැවිරිදි බුමිපෝල් රජතුමා මේ හමුදා ක්‍රියාමාර්ගය අනුමත කරන්නේද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි නැතත් රජු හා හමුදාව අතර ඇති සම්බන්ධය ඉහළය. තායි හමුදාවේ සේනාධිනායකයා වන්නේද බුමිපෝල් රජුය. 1946 සිට රජකම් කරන ඔහු ලොව දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන තැනැත්තාය. ලොව 51 වැනි විශාලතම රාජ්‍යය වන තායිලන්තය ජනගහන ලැයිස්‌තුව අතින් ලොව 20 වැනි ස්‌ථානයට පත්වන රාජ්‍යය වේ.
එහෙත් මෙතෙක් තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණ 11 ක් සිදුව ඇත. එවැනි උත්සාහයන් 30 ක් පමණ සිදුව තිබේ.
1932 දී පූජායිපොක් රජතුමා බලයෙන් පහකෙරුණේ ලේ නොසැලුණු කුමන්ත්‍රණයක් මගිනි. 1938 දෙසැම්බර් මාසයේදී හමුදා නායක ලුන්ග් ජිබ්‍රන් අගමැති ධුරයට පත්වේ. 1946 ජුනි 09 වැනිදා අටවැනි රාම රජු අභිරහස් ලෙස මියයයි. වර්තමාන බුමිපෝල් රජු එම ධුරයට පත්වෙයි. රාම රජු බුමිපෝල් රජුගේ සොහොයුරාය. 1947 නොවැම්බර් 08 වැනිදා තවත් කුමන්ත්‍රණයක් සිදුවන අතර එයින් පසු ජිබ්‍රන් යළිත් බලයට පැමිණේ. ඔහු 1973 දක්‌වා රට පාලනය කරයි.
1973 ඔක්‌තෝබර් 14 වැනිදා හතලිස්‌දහසක් ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කර හමුදා රජය බිඳදමා නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට මූලික අඩිතාලම යෙදූහ. 1976 දී ශිෂ්‍ය අරගල පොඩි පට්‌ටම් කර නැවතත් හමුදාව බලය අල්ලාගනී. 1991 පෙබරවාරි මාසයේ දී ජෙනරල් සුන්ත්‍රොන් කොන්සොට් පොන්ත් හමුදා කුමන්ත්‍රණයක් සිදුකර සිවිල් ආණ්‌ඩුව පෙරළා දමයි. 2006 ජනවාරි 06 වැනිදා ටෙලිකොම් ව්‍යාපාරික තක්‍ෂින් ෂිනවත්‍රා එරට අගමැතිවෙයි. ඔහු තායිලන්තයේ 23 වැනි අගමැති වේ. 2005 ජනවාරි මාසය වන විට පුරා වසර 04 ක් බලයේ සිටි එකම සිවිල් ආණ්‌ඩුව තක්‍ෂින් රජය ලෙස ඉතිහාසයට එක්‌වේ. 2006 අප්‍රේල් 02 වැනිදා යළිත් වරක් තක්‍ෂින් අගමැතිවරයා මහ මැතිවරණය ජයග්‍රහණය කරයි.
මෙම මැතිවරණය විපක්‍ෂය වර්ජනය කරයි. 2006 සැප්තැම්බර් 16 වැනිදා හමුදා කුමන්ත්‍රණයක් මගින් තක්‍ෂින් බලයෙන් පහ කෙරේ. 2008 සැප්තැම්බර් මාසයේ දී තක්‍ෂින්ට සහාය දක්‌වන රතු කමිසකරුවන් හා ඔහුට විරුද්ධත්වය පළකරන කහ කමිසකරුවන් අතර දරුණු ගැටුම් බැංකොක් නුවරදී ඇවිලේ. 2008 ඔක්‌තෝබර් මාසයේදීත් තක්‍ෂින් විරෝධය නිසා යළිත් බැංකොක් නුවර ගිනිගනී.
ඉහතින් දැක්‌වූයේ 1932 සිට තායිලන්ත දේශපාලනයේ වැදගත් සිදුවීම්ය. ඉකුත් අඟහරුවාදා යළිත් හමුදාව සිවිල් පාලනයට මැදිහත්වීම මගින් එරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අර්බුදයට ලක්‌වී ඇත. හමුදාවේ මැදිහත්වීම මත ආණ්‌ඩු පක්‍ෂය හා විරුද්ධ පක්‍ෂය අතර සාකච්ඡා ආරම්භ කළද එයින් සාර්ථක ප්‍රතිඵල අත්වී නැත. මහජන කැළඹීම නිසා එරට ආර්ථිකයද කඩාවැටී ඇත. මේ තත්ත්වය හමුවේ හමුදාව මැදිහත්වීමද වැළැක්‌විය නොහැක. ඇත්තෙන්ම තායි දේශපාලන පක්‍ෂ අතර ඇති උග්‍ර මත ගැටුම් මේ සියලු අර්බුද වලට හේතු වී ඇත. එනිසාම ඉකුත් බ්‍රහස්‌පත්නිදා එරට හමුදාව නිවේදනය කළේ තමන් සම්පූර්ණයෙන්ම රටේ පාලනය භාරගත් බවයි. මේ සියල්ල ලන්ඩනයේ සිට තක්‍ෂින් ෂිනවත්‍රා සිය උකුසු ඇසින් අර්බුද දෙස බලා සිටින බව රහසක් නොවේ.
චතුර පමුණුව
http://www.divaina.com/2014/05/25/forign.html

0 comments:
Post a Comment