Pages

Tuesday, May 27, 2014

මැලිබන් බිස්‌කට්‌ සමාගම වෙසක්‌ උත්සවය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බිස්‌කට්‌ නිෂ්පාදකයකු වන සීමාසහිත මැලිබන් බිස්‌කට්‌ නිෂ්පාදන සමාගම ඉමහත් ගෞරවාදරයෙන් සමරන බෞද්ධ උත්සවයක්‌ වන වෙසක්‌ උත්සව සැමරුම් සඳහා සිය බැතිබර දායකත්වය ලබාදුනි. බෞද්ධයන් විසින් වෙසක්‌ උත්සවය බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කිරීම පිණිස සමරනු ලබයි.

සාමාජීය වගකීම් මනාව වටහාගත් සමාගමක්‌ වන මැලිබන් බිස්‌කට්‌ සමාගම මෙම වසරේදී වෙසක්‌ සැමරුම් ව්‍යාපෘතීන් තුනක්‌ සඳහා සිය දායකත්වය ලබාදීමට සමත් විය. එම ව්‍යාපෘතීන් වූයේ ධනසිරි අමරතුංග පදනම විසින් ගාලු පාරේ සංවිධානය කරන ලද පූජා වෙසක්‌ කලාපය, සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කළ බෞද්ධාලෝක මාවතේ වෙසක්‌ තොරණ සහ ගංගාරාමය විහාරස්‌ථානය, ජනාධිපති කාර්යාලය හා එක්‌ව සංවිධානය කළ ගංගාරාමය වෙසක්‌ කලාපයේ වෙසක්‌ කූඩු ආලෝකකරණය සිදු කිරීම වේ. මීට අමතරව සමාගම විසින් වාර්ෂිකව පවත්වන අංගයක්‌ වන සමාගම් කාර්ය මණ්‌ඩලය සඳහා වූ වෙසක්‌ පහන් කූඩු තරගයද පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් මැලිබන් වෙසක්‌ සැමරුම් හි නිල ආරම්භය සනිටුහන් කරමින් සීමාසහිත මැලිබන් බිස්‌කට්‌ නිෂ්පාදන සමාගමේ සභාපති ඒ. ජී. රත්නපාල සමරවීර මහතා, සංස්‌කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සහ සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ද ඡායාරූපයේ සිටී.

http://www.divaina.com/2014/05/27/velanda02.html

Pic Source

0 comments: