Pages

Thursday, May 15, 2014

සූවිසි බුදුරදුන්ට සෙවණ දුන් සූවිසි බෝධීන් වහන්සේලා

සොබා දහම බුදු දහමෙනුත්, බුදු දහම සොබා දහමෙනුත් වෙන්කොට දැක්‌විය නොහැකි තරම් වේ. ඉර හඳ තරු වාතය ජලය සහ වෘක්‍ෂ ලතාවෝ මිනිසාගේ බුද්ධිය අවදි කිරීමට බෙහෙවින් උපකාරවත් වේ. අදටත් හිමාලයේ වෙසෙන බොහෝ යෝගීහු වසර දෙසීය පමණ ඉක්‌මවා ගොස්‌ ඇතත්, සුවපත්ව වෙසෙන බැව් ඒ පිළිබඳ තොරතුරු විමසන බොහෝ දෙනා අසා දැක තිබේ.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ එක්‌ ගසක්‌ මුල අවුරුදු හයක්‌ම හිඳිමින් දුෂ්කර ක්‍රියා කළ බව සඳහන් වෙතත් සෑම බුදුවරයන් වහන්සේ නමක්‌ම එසේ අවුරුදු හයක්‌ දුෂ්කර ක්‍රියා කළ බව සඳහන් නොවේ. එසේ වුවද බුද්ධත්වය ප්‍රාර්ථනා කොට පාරමිතා සපිරූ සෑම බෝධිසත්වයෙක්‌ම කෙටිකාලීන හෝ දිගු කාලීන හෝ වශයෙන් කිසියම් කැපවීමක්‌ කර හා දැඩි උත්සාහයක්‌ ගෙන ඇත.

සූවිසි බුදුරජාණන් වහන්සේලා තමා විසින්ම තෝරා ගන්නා ලද කිසියම් වෘක්‍ෂයක්‌ මුල දින සති, මාස, අවුරුදු වශයෙන් විවිධ කාලච් ඡේදයන් තුළ දුෂ්කර ක්‍රියාවෙන් වැඩසිට තිබේ. ඒ අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසතු වෘක්‍ෂයත්, ඊට සමගාමීව ඉන් පෙර වැඩසිටි බුදුරජාණන් වහන්සේලා ද විවිධ නම්වලින් හැඳින්වෙන බෝධිවෘක්‍ෂයන්ට පිටදී වැඩ සිටි බැව් සඳහන් වේ.

1. දීපංකර සම්බුදු රජාණන් වහන්සේ - පීප්ඵලී බෝධිය
2. කොණ්‌ඩඤ්ඤ සම්බුදු රජාණන් වහන්සේ - සාලකල්‍යාණි බෝධිය
3. මංගල සම්බුදු රජාණන් වහන්සේ - නා බෝධිය
4. සුමන සම්බුදු රජාණන් වහන්සේ - නා බෝධිය
5. රේවත සම්බුදුරජාණන් වහන්සේ - නා බෝධිය
6. සෝභිත සම්බුදුරජාණන් වහන්සේ - නා බෝධිය
7. අනෝමදස්‌සී සම්බුදුරාජාණන් වහන්සේ - කුඹුක්‌ බෝධිය
8. පදුම සම්බුදුරජාණන් වහන්සේ - මහා සෝණ බෝධිය
9. නාරද සම්බුදු රජාණන් වහන්සේ - මහා සෝණ බෝධිය
10. පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේ - සාල බෝධිය
11. සුමේධ සම්බුදුරජාණන් වහන්සේ - නීප බෝධිය
12. සුජාත සම්බුදුරජාණන් වහන්සේ - වේළු බෝධිය
13. පියදස්‌සී සම්බුදුරජාණන් වහන්සේ - කුඹුක්‌ බෝධිය
14. අත්ථදස්‌සී සම්බුදු රජාණන් වහන්සේ - චම්පක බෝධිය
15. ධම්මදස්‌සි සම්බුදු රජාණන් වහන්සේ - කුරවක බෝධිය
16. සිද්ධාර්ථ සම්බුදු රජාණන් වහන්සේ - කණිකාර බෝධිය
17. තිස්‌ස සම්බුදු රජාණන් වහන්සේ - අසන බෝධිය
18. ඵුස්‌ස සම්බදුරජාණන් වහන්සේ - ආමළක බෝධිය
19. විපස්‌සී සම්බුදුරජාණන් වහන්සේ - පාටලී බෝධිය
20. සි‚ සම්බුදුරජාණන් වහන්සේ - පුණ්‌ඩරීක බෝධිය
21. වෙස්‌සභූ සම්බුදු රජාණන් වහන්සේ - සාල බෝධිය
22. කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ - සිරස බෝධිය
23. කෝණාගමන සම්බුදු රජාණන් වහන්සේ - උදුම්බර බෝධිය
24. කස්‌සප සම්බුදුරජාණන් වහන්සේ - නිග්‍රෝධ බෝධිය

වශයෙන් සූවිසි බුදුරජාණන් වහන්සේලා සූවිසි වෘක්‍ෂයන් සමීපයේ වැඩහිඳිමින් සම්මා සම්බුද්ධත්වය ලැබූ බව බෞද්ධ ඉතිහාසය කියයි.

මෙයින් අපට පැහැදිලි වන ඉතා වැදගත් කරුණක්‌ ඇත. 

එනම් "බුද්ධ" යන ඥානය හෙවන් තත්ත්වයද, තද ගතිය - දියරගතිය - උණුසුම - වාතය - ආකාශ යන ගුණයන් ඇසුරු කොට ගෙනම පවතින්නක්‌ විය හැකි බවය. 

වෙනත් ලෙසකින් කිවහොත් සොබා දහම ඇසුරේම පවතින්නකි. එය ලබා ගැනීමට කැමැත්තහු විසින් සොබාදහම වටහාගත යුතුයි.

ඒ හැරුණු විට සෑම ගහවැලකම පාහේ යම්කිසි ඖෂධ ගුණයක්‌ ගැබ්ව පවතී. 

ගස්‌ වැල් බෙහෙත් වශයෙන් යොදා ගන්නේද ඒ නිසාමය.

මරණයක්‌ ඇතත් නැතත් ගස්‌ වැල් ඇසුරේ සිටින පුද්ගලයාට ගස්‌වල අඩංගු ඖෂධීය ශක්‌තිය ලැබේ. 

ගස්‌යට හා වන වදුලුවල භාවනා කරන තවුසන්ට බොහෝ දිනවල ආහාර නොලැබෙන නමුත් ගස්‌ වැල්වලින් ලැබෙන ඖෂධීය බලය ශරීරය සතපවයි. ආහාර හිඟය නිසා ශරීරයට අඩුවක්‌ වන්නට ඉඩ තබන්නේ නැත.

ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට සත්‍ය ගවේශනය සඳහා යා යුතු ස්‌ථාන තුනක්‌ දේශනා කළහ. 

එයින් පළමුවැන්න අරඤ්ඤයයි. 

එනම් වනාන්තරයයි. දෙවැන්න රුක්‌ මුල හා තෙවැන්න පාලු ගෙයයි. මේ අතර ගස්‌වැල් පිළිබඳව බුදු රදුන් සිය ශ්‍රාවකයන්ට දී ඇති උපදෙස්‌ රාශියක්‌ විනය පිටකයෙහි දැක්‌වේ.

ඒ අතර භික්‍ෂුවක විසින් ගසක කොළයක්‌ අත්තක්‌, රිකිල්ලක්‌ කැඩීමත්, පැළවෙන ඇටජාති ඇතුළත් ගෙඩි කැපීමත් වරදක්‌ බැව් එහි දක්‌වා ඇත. මිරිස්‌ කරලක්‌ වුවද "කැප" බවට පත්කරගෙන මිස, ආහාරයට නොගත යුතු බැව් දක්‌වා ඇත.

සම්බුදුරජාණන් වහන්සේලාගේද ගෞරවාදර ලබන ගස්‌වැල් අපි සුරකිමු.

ශාස්‌ත්‍රපති, හඳගම සාලිය අමරසිංහ
http://www.divaina.com/2014/05/14/feature05.html

Pic Source

0 comments: