අද (මැයි 16) සවස වනවිට ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වන අතර, දැනට ලැබී ඇති පූර්ව සමීක්‍ෂණ වාර්තාවලට අනුව භාරතීය ජනතා පක්‍ෂයට ස්‌ථාවර රජයක් පිහිටුවීමට අවශ්‍ය ලෝක් සභාවේ ආසන 272 ට ආසන්න සංඛ්‍යාවක් ලැබෙනු ඇත. භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය පිහිටුවන රජයේ නායකත්වය හිමිවන්නේ ගුජරාට් ප්‍රාන්තයේ දක්‍ෂ මහ ඇමැතිවරයා වශයෙන් වාර්තා තැබූ නරේන්ද්‍ර මෝඩිටය.
පූර්ව සමීක්‍ෂණවලට අනුව දැනට පාලක කොංග්‍රස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට අන්ත පරාජයක් එල්ල වන අතර එයට ආසන 100 කට වඩා නොලැබෙනු ඇත. සමීක්‍ෂණ වාර්තාවලින් කොංග්‍රස් සන්ධානයට දී ඇති උපරිම සංඛ්‍යාව ආසන 135 ක් වන අතර අවමය 70 කි. අනෙක් අතට බීඡේපී සන්ධානයට අවම වශයෙන් 257 ක්‌ද උපරිම වශයෙන් 340 ක්‌ද ලැබෙතැයි අනාවැකි පළ කරේ.
බීඡේපී රජයේ නායකයන් සහ ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්‌වන ආකල්පය ගැඹුරු ලෙස විවරණය කිරීමට තවමත් කල් වැඩි නමුත් සාමාන්‍ය අවබෝධයක් ඇති කර ගැනීම, අප ඉන්දියාව කෙරෙහි දක්‌වන ප්‍රතිපත්තිය කාලයට අනුරූප පරිදි සංශෝධනය කිරීමේදී උපකාරී වනු ඇත.
අගමැති නරේන්ද්‍ර මෝඩිගේ රජයේ වැදගත්ම අමාත්‍යංශයක් බිඡේපී සන්ධානයේ හවුල්කාර ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමිට හිමි වීමට බෙහෙවින් ඉඩ තිබේ. සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස ආචාර්ය ස්‌වාමිට ප්‍රබල ස්‌වදේශ අමාත්‍යංශය හිමිවනු ඇත කියාය. ආචාර්ය ස්‌වාමි ශ්‍රී ලංකා රජයේත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් හිතවාදියෙකි. ඔහු ශ්‍රී ලංකාවට කීප වරක් පැමිණ ජනාධිපතිතුමා හමුවී අදහස් හුවමාරු කරගත් ඉන්දියාවේ කොන්ග්‍රස් නොවන ආණ්‌ඩුවල ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි දැරූ වියතෙකි. මෙම ලියුම්කරු ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ වකවානුවේ ලත් අත්දැකීම් අනුව ආචාර්ය ස්‌වාමි නවදිල්ලියේ අප කාර්යාලය සහ නිලධාරීන් සමඟ ඉතා සුහද සබඳතා පවත්වාගත් දේශපාලනඥයෙකි. දැඩි ඉන්දිරා ගාන්ධි විරෝධියකු වූ ආචාර්ය ස්‌වාමි කොංග්‍රස් රජයේ හදිසි නීතියට එරෙහිව අත්අඩංගුවට ගැනීමට පැවැති නියෝගය නොතකා රහසේ පාර්ලිමේන්තුවට පැමිණ සිය පැමිණීම වාර්තා කරමින් රජය බලවත් අපහසුතාවට පත්කරමින් යළි සැඟවීමට සමත්වූ අතර, ටික කලක් රට තුළ සැඟවී සිටීමටත් පසුව පිටරට යැමටත් ඔහුට සිදුවිය. එලෙස ඉන්දිරා රජයත් හදිසි නීතියේ අවසානයත් සහතික කිරීමට ආචාර්ය ස්‌වාමි කළ මෙහෙවර බෙහෙවින් වැදගත් විය.
විදේශ කටයුතු පිළිබඳ ඇමැති පදවියට බොහෝදුරට පත්වීමට ඉඩ තිබෙන්නේ අරුන් ජයට්‌ලිය. දිල්ලි විශ්වවිද්‍යාලයේ සුප්‍රකට ශ්‍රී රාම් වාණිජ විද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු වූ ඔහු එහි ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියටද පත්වූ ජනප්‍රිය ශිෂ්‍ය නායකයෙකි. ඔහු දැනට ඉන්දියානු පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය වන රාජ්‍ය සභාවේ බීඡේපී කණ්‌ඩායමේ නායකයා ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විවාදයන්හිදී වැදගත් මෙහෙවරක් ඉටුකරයි. බොහෝ විපක්‍ෂ මන්ත්‍රීවරුන් මෙන් නොව ජයට්‌ලි බුද්ධිමත් සංවාදකයකු ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය දිනා සිටියි.
ශ්‍රී ලංකාවේ කීපවරක් චාරිකා කළ බිඡේපී ලෝක් සභා කණ්‌ඩායමේ නායිකා සුෂ්මා ස්‌වරාඡ් ප්‍රථම ආරක්‍ෂක ඇමැතිනිය බවට පත්වීමට ඉඩකඩ තිබේ. ස්‌වරාඡ් මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ බෞද්ධ සිද්ධස්‌ථානයක් වන සාංචිය පිහිටි විදීශා කොට්‌ඨාසයයි. මිහිදු මහ රහතන් වහන්සේගේ මෑණියන් වූ විදීශා දේවිය නමින් නම්කර තිබෙන විදීශා නගරය පිහිටා ඇත්තේ සාංචියට කිලෝ මීටර් 20 ක් දුරින්ය. මෙම කිට්‌ටු සම්බන්ධතාවය නිසා ස්‌වරාඡ් මහත්මිය සාංචියේ මහා බෝධි මධ්‍යස්‌ථානයේ උත්සවවලට නිරන්තරයෙන්ම සහභාගි වන අතර, ඇය මෙරටට පැමිණි විට මාළිගා කන්දේ මහාබෝධි මූලස්‌ථානයට යැමටද අමතක නොකරන්නීය. මෙම ලියුම්කරු නවදිල්ලියේ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන විට එහි මහින්දාගමනය පිළිබිඹු කෙරෙන විශාල බිතු සිතුවම විවෘත කළේද සුෂ්මා ස්‌වරාඡ් මහත්මිය විසිනි.
පසුගිය වසරේදී අනගාරික ධර්මපාල උත්සවයට සහභාගි වූ බිඡේපී ජ්‍යෙෂ්ඨ නායක මුර්ලි මනෝහර් ජෝශි මෙවර රජයේ ජ්‍යෙෂ්ඨ ඇමති පදවියක් ලබා ගන්නේද නැතහොත් උපදේශක තනතුරක් දරන්නේ දැයි තවමත් පැහැදිලි නැත. පාර්ලිමේන්තුවේදී ඔහු කළ ප්‍රකාශයන්ට අනුව නම් ජෝශිට ඛනිජ තෙල් අමාත්‍යංශය හිමිවීමට ඉඩ ඇත.
අනෙකුත් ඇමතිවරුන් අතර කලින් ඇමති පදවි දැරූ යෂ්වන්ත් සිං, ඉන්දියන් එක්‌ස්‌ප්‍රස් පත්‍රයේ හිටපු කර්තෘ අරුන් ශව්රි සහ රාජස්‌ථානයේ වසුන්දරා රාඡේ මහත්මියද වෙති.
ගාන්ධි - නේරු පවුලේ විප්ලවකාරී චරිත වූ සන්ජය ගාන්ධි සහ මේනකා ගාන්ධි ගේ පුත්‍රයා වන අරුන් ගාන්ධි මෙවර තරඟ කළේ බීඡේපී පක්‍ෂයෙනි. ඔහුටද වැදගත් අමාත්‍ය පදවියක් හිමිවීමට බෙහෙවින් ඉඩ තිබේ.
දැනට පෙනෙන්නට තිබෙන පරිදි බිඡේපී රජයේ දකුණු ඉන්දියානු නියෝජනය එතරම් ප්‍රබල නොවේ. ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි දෙමළ ජාතිකයෙකු වූවද ඔහු පාර්ලිමේන්තුවේ නියෝජනය කළේ බටහිර ඉන්දියාවේ මුම්බායි හි ආසනයක් හෝ උතුරු ඉන්දියාවේ ආසනයකි. මෙවර තරග නොකළ ස්‌වාමි, පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකි. දකුණු ඉන්දියාවේ බීඡේපීයට සිටින බලවත්ම පුද්ගලයා නම් කර්ණාටකයේ වෙන්කයියා නායිදුය. දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත හතරෙන් කේරළයේ, තමිල්නාඩුවේ එක් අසුනක් හෝ දිනා ගැනීමට බීඡේපීයට දුෂ්කර අතර, ආසනයක් හෝ දෙකක් ලැබෙතහොත් එය දිනාගත හැකි වන්නේ කර්ණාටකයෙන් හා ආන්ද්‍ර ප්‍රදේශයෙනි.
කෙසේ වූවද දූරදර්ශී දේශපාලනඥයෙකු වන නරේන්ද්‍ර මෝඩි පක්‍ෂයේ අනාගතය ගැන සලකා බලා දකුණු ඉන්දියානු ප්‍රබලයන් දෙතුන් දෙනෙකුව රාජ්‍ය සභාවට පත්කර එම ප්‍රාන්තවලට යම් නියෝජනයක් ලබා දුනහොත් එය පුදුමයක් නොවේ.
නව අගමැතිවරයාගේ ප්‍රධාන අභියෝගයක් වන්නේ මුස්‌ලිම් නියෝජනයයි. බීඡේපීයේ දැන් ප්‍රබල මුස්‌ලිම් නියෝජනයක් ඇත්තේම නැති තරම්ය. ගුජරාටයේ මුස්‌ලිම් විරෝධී කෝළහලවලට මෝඩිගේ අනුග්‍රහය ලැබුණේ යෑයි එල්ල වූ චෝදනාව මත බහුතර මුස්‌ලිම් ජනතාව බීඡේපීයෙන් ඈත්වී සිටින බැවින් තමා මුස්‌ලිම් විරෝධියකු නොවේ යෑයි පෙන්වා දීම සඳහා සිය රජයේ ප්‍රබල මුස්‌ලිම් නියෝජනයක් සහතික කිරීමට මෝඩිට සිදුවනු ඇත. මැතිවරණ ව්‍යාපාරයේදී ජම්මු සහ කාශ්මීරයේ මහ ඇමති ඔමාර් අබ්දුල්ලා මෝඩි සමඟ ප්‍රසිද්ධියේ වාද විවාදවලට එළඹුනු අතර, කාශ්මීරයේ සාමය පවත්වා ගනීමේ කාර්යය බී.ඡේ.පී රජයට බලගතු අභියෝගයක් වනු ඇත.
නරේන්ද්‍ර මෝඩි පිහිටුවන රජය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා කෙරෙහි මේ දෙරටේ යම් අවධානයක් යොමුවන නමුත්, ලෝකයේ ප්‍රධාන අවධානය යොමුවන්නේ නව රජය සහ පකිස්‌ථානය අතර සබඳතා කුමන දිශාවකට නැඹුරුවේද යන්න කෙරෙහිය. හින්දු පිළිවෙතක් මැතිවරණයේදී පෙන්නුම් කළ මෝඩි එම පිළිවෙත දිගටම අනුගමනය කළහොත් එය ඉන්දු - පකිස්‌තාන සබඳතාවල යහපතට හේතු නොවනු ඇත. කෘතහස්‌ත දේශපාලනඥයකු වන මෝඩි එය තේරුම් නොගනු ඇතැයි සිතිය නොහැක. අනෙක් අතට ශීඝ්‍ර සංවර්ධනය ගැන දැඩි විශ්වාසයක් පළකරන මෝඩි එක් අතකින් චීනය සමඟද අනෙක් අතට ඇමරිකාව සහ යුරෝපය සමඟද ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමේ ප්‍රතිපත්තියකට නැඹුරු වනු නිසැකය.
සුගීස්‌වර පී. සේනාධීර
http://www.divaina.com/2014/05/16/feature02.html
Pic Source

0 comments:
Post a Comment