
'බැරණැස හෙවත් කාසි පුරවරය ඉතිහාසයේ හැඳින්වූයේ දිදුලන පුරවරය වශයෙනි. ඒ පුරවරය නියෝජනය කරමින් ඉන්දීය නායකත්වයට පත් වූ මෝදි මැතිතුමාට ඉන්දියාව දිදුලන රාජ්‍යයක් බවට පත් කරන්නට හැකිවේවා' යෑයිද එම පණිවිඩයේ සඳහන්ය.
එම පණිවිඩයේ තව දුරටත් මෙසේද සඳහන්ය.
"ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සාංචි නුවර කේන්ද්‍ර කර ගනිමින් අප සංගමය විසින් සිදු කරනු ලබන සත් ක්‍රියාවන් සඳහා භාරතීය ජනතා පක්‍ෂය ලබාදුන් නිරන්තර සහාය ඇගැයීමටද මෙය අවස්‌ථාවක් කර ගනිමු.
සාංචි නුවර අයත් වන විදිසා මැතිවරණ කොට්‌ඨාසය ජයගත් හිටපු විපක්‍ෂ නායිකා සුස්‌මා ස්‌වරාඡ් මහත්මියට ද අපගේ සුබ ප්‍රාර්ථනා පිරි නමනු කැමැත්තෙමු. එතුමියත්, මධ්‍ය ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය ශිව්රාඡ් සිං චෞහාන් මහතාත්, සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලය පිහිටුවීමෙහි ලා ලබා දෙන සහයෝගය මේ අවස්‌ථාවේ කෘතවේදීව සිහිපත් කරමු.
ඔබ තුමන්ගේ නායකත්වය යටතේ අප දෙරට අතර ආගමික හා සමාජයීය සබඳතා තව තවත් ශක්‌තිමත් වනු දැක්‌ම අපගේ අපේක්‍ෂාවයි".
http://www.divaina.com/2014/05/23/news16.html
0 comments:
Post a Comment