Pages

Thursday, May 15, 2014

උතුරේත් වෙසක්‌ සැමරේ. නාගවිහාර ලුම්බිණි විහාර ආසන්නයේ 14 - 15 වෙසක්‌ කලාප!

උතුරේ ආරක්‍ෂක හමුදාව යාපනයේ නාගවිහාර ආසන්නයේ සහ කිලිනොච්චියේ ලුම්බිණි විහාර ආසන්නයේ අදත් හෙටත් වෙසක්‌ කලාප පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද අලුයම සිට මෙම විහාර දෙකෙහිම ශීල ව්‍යාපාර මෙන්ම දන්සල් කීපයක්‌ ද හමුදාව අනුග්‍රහයෙන් පැවැත්වේ.

දර්ශනීය වෙසක්‌ තොරණවලින් මෙන්ම වෙසක්‌ සැරසිලිවලින් ද යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශ ආලෝකවත් කෙරෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/05/14/news06.html

Pic Source

0 comments: