Pages

Tuesday, May 13, 2014

මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසර

දුම්පානය ශරීර සෞඛ්‍යයට අහිතකර බව දක්‌වන රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සඳහා සිගරැට්‌ දවටන (පැකට්‌වල) මතුපිට ඉඩකඩ 50% ත් 60% ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන පරිදි අදාළ රෙගුලාසි සංශෝධනය කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු බලධාරීන්ට නියෝග කළේය.

රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම සඳහා සිගරැට්‌ පැකට්‌ටුවල ඉඩකඩ වලින් 80% යොදා ගැනීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 12 ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රෙගුලාසි අවලංගු කරන්නැයි ඉල්ලා දුම්කොළ සමාගම ගොනු කළ පෙත්සම පිළිබඳ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය එකී නියෝගය නිකුත් කළේය.

සිගරැට්‌ නිෂ්පාදනවල වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය සඳහා පැකැට්‌ටුවක ඉඩකඩ 40% ක්‌ නිෂ්පාදන සමාගම්වලට අවසර දිය යුතු යෑයි ද අභියාචනාධිකරණය ඊයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් නියම කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැනවූ රෙගුලාසි වලින් වෙළෙඳ ලකුණ සඳහා 20% ක්‌ රූපමය සෞඛ්‍ය අවවාද සඳහා 80% යෝජනා කර තිබුණ නමුත් අභියාචනාධිකරණය සඳහන් කළේ වෙළෙඳ ලකුණ ඉදිරිපත් කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට ඉතිරි 20% කොහෙත්ම සාධාරණ හා ප්‍රමාණවත් නොවන බවයි.

භාණ්‌ඩයක්‌ මිලදී ගන්නා පාරිභෝගිකයාට භාණ්‌ඩය නිවැරැදිව සහ පැහැදිලිව හඳුනා ගැනීමට වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය විය යුතු බවත් කුඩාවට වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය කිරීමෙන් පාරිභෝගිකයා නොමග යවමින් විවිධ වෙළෙඳ ලකුණු යොදා පාරිභෝගිකයන්ට අවශ්‍ය නොවන නිෂ්පාදන භාණ්‌ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීමට කූට වෙළෙඳුන් ක්‍රියාකරනු ඇති බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

මෙම පෙත්සම් විභාගයේදී දෙපාර්ශවයේම නීතිඥවරු දින ගණනාවක්‌ අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්‌වූහ. දුම් පානයෙන් ශරීර සෞඛ්‍යයට වන හානිය ප්‍රදර්ශනය කිරීමට 75% ක්‌ සහ වෙළෙඳ ලකුණ සඳහා 25% අනිවාර්ය වන පරිදි රෙගුලාසි ලිහිල් කිරීමට පෙත්සම් විභාගය පැවැත්වෙන අතර සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළ කළ නමුත් දුම්කොළ සමාගම ඊට එකඟවූවේ නැත. දුම්කොළ සමාගම කියා සිටියේ ඇමැතිවරයා පැනවූ 80% - 20% ඉඩකඩ අනිවාර්ය කෙරෙන රෙගුලාසි මුළුමණින්ම අවලංගු කර දුම්කොළ සමාගම එම ඉල්ලීම කරමින් ගොනු කර තිබූ පෙත්සම ද අභියාචනාධිකරණය විසින් ගාස්‌තු රහිතව ඊයේ ප්‍රතික්‍ෂේප කරන ලදී.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ මත්ද්‍රව්‍ය සහ දුම්කොළ ජාතික අධිකාරියට එරෙහිවයි.

අනිල් ගුණරත්න සහ මාලනී ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ පිටු 37 කින් යුත් තීන්දුව ලියා තිබුණේ විනිසුරු ගුණරත්න මහතා විසිනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක්‌ ද සිල්වා හා රජයේ අධිනීතිඥ සුරංග විමලසේන සමග සෞඛ්‍ය ඇමැති ඇතුළු වගඋත්තරකරුවන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා ජනාධිපති නීතිඥ අලිසබ්රි, සී. විඡේසිංහ, පයිසර් මාකර්, මනෝඡ් බණ්‌ඩාර, මෙහරන් කරීම්, මොහමඩ් ඉමිටියාස්‌ පෙත්සම්කරු වන දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/05/13/news03.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: